මෙරට සියළු බැංකු සතු ඩොලර්වලින් 25%ක් මහ බැංකුවට ගනී…

December 29, 2021 at 10:00 am | lanka C news
මෙරට සියළු බැංකු සතු ඩොලර්වලින් 25%ක් මහ බැංකුවට ගනී…

මෙරට වාණිජ බැංකු සිදු කරනු ලබන සියලුම විදේශ ගනුදෙනුවලින් 25%ක් අනිවාර්යයෙන්ම සතිපතා ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතු බවට වන නියෝගයක් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් නිකුත් කර ඇත.

2021 දෙසැම්බර් 27 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇති මෙම නියෝගයට අනුව සියලුම වාණිජ බැංකු තමන් සතුව ඇති ඩොලර් වලින් 75%ක් රඳවා ගනිමින් ඉතිරි 25% සතිපතා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත විකිණිය යුතුය.

මේ පිළිබඳ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අදහස් පළකරන ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දෙන්නේ බැංකු සතුව ඇති ශුද්ධ විදේශ වත්කම් මේ වන විටත් ඍණ අගයක් ගෙන තිබෙන පසුබිමක මහ බැංකුවේ මේ නියෝගය හේතුවෙන් බැංකු පද්ධතිය විශාල අර්බුදයකට ගමන් කරනු ඇති බවයි.

මේ පිළිබඳ අරුණ කරන ලද විමසීමකදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මහාචාර්ය ජනක් කුමාරසිංහ පෙන්වා දුන්නේ දැනට රටේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය සහ අන්තර් භාණ්ඩ සීමා සහිත ආනයනයට මෙම නියෝගයෙන් තවදුරටත් බලපෑම් එල්ලවනු ඇති බවයි. විශේෂයෙන් ආනයනකරුවන්ට බැංකු හරහා ණයවර ලිපි විවෘත කිරීමේදී බරපතළ ගැටලුවලට මුහුණදීමට සිදුවනු ඇති බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

– aruna

56,949 views

9 Comments to “මෙරට සියළු බැංකු සතු ඩොලර්වලින් 25%ක් මහ බැංකුවට ගනී…”

  1. Let It Be says:

    ඵෙතිහාසික සමාජ සංවර්ධනයේ ප්‍රථිපලයක් ලෙස, වයෝවෘධ අධිරාජ්‍යවාදයේ නියෝජිතයන් වන ලෝකල් ධනපති පංතියේ රාජ්‍යය (වත්මන් ශ්‍රී ලංකාවේ යල් පිනූ විසුළු රාජ්‍ය) ,බොරුවෙන් තවදුරටත් පවත්වාගත නොහැකිව කඩාගෙන වැටෙනවිට, ඒ සමගම එහී රාජ්‍ය සේවය ඇතුළු සියලු අවයව සහ උපාංගද කඩාගෙන වැටීම සිදුවන හා සිදුවිය යුතු දෙයකි.ඒ ගැන කම්පා නොවන්න.
    (ඒත්.. ඔබට යම් හෝ සිත් තැවුලක් දැනේ නම් අහන්න Let It Be – Song by The Beatles)

  2. Citizen says:

    Cabraal is taking the country to bankruptcy obviously with blessing and agreement with his political masters…

    • ගිරවා says:

      තිරුපති වදින්න ගිය ගමන සඳහා අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස රුපියල් මිලියන තිස් දෙකක් වියදම් කර ඇත එය නැවත ලබා ගැනීමටද මෙරට සියළු බැංකු සතු ඩොලර්වලින් 25%ක් මහ බැංකුවට ගන්නේ …පුදුම ආණ්ඩුවක් ජනතාව බිල්ලටදී උන් සැප විදිනවා ,ආණ්ඩුවට සල්ලි නැත්තේ පාලකයෝ joly කරන නිසා නේද ?

  3. Alapaluwa says:

    අපි දැන් වේනම වැඩපිළිවෙළක් ගේනයනවා විදේශීය රටවල රැකියාවේ යෙදීසිටින අයගේ පවුලේ උදවියට යැපෙන්නේ මුදල් ලැබෙන ක්‍රමයක් ගැන එය අපිට කිරීමට ඉතාමත් පහාසුයි.යම් අයෙක් වි නම් අවශ්‍යය මුදල් එය ශ්‍රිලංකාවේන් වලංගු පරිදි නොව එයටවඩා බොහෝ සතුටුවියහැකි මුදලක් ලැබීමට සැලැස්වීම. එය හුදෙක් කිරීමට බලාපොරොත්තුවන්නේ එක්තරා විශේෂ කරුණක් මතයි එනම්, විශේෂයෙන් සියලුමදෙනා මේ ලංකාවට එවන්න බලාපොරොත්තු වෙන අහිංසක ශ්‍රාමිකයින්ගේ මුදල් ලංකාවට එවීම නතර කිරීම පිණිසයි.මේ දුෂ්ට,කපටි වංචනිකයින් කරන්නේ ඒ ශ්‍රමිකයින් එවන මුදල් එවුන් බෙදා හදා ගණිමින් තමන්ගේ අවශ්‍යයතාවයන් ඉෂ්ට කරගැනීමයි. නැතිව හුදෙක් අවශ්‍යය කරන එදිනේදා පාරිභෝගික අවශ්‍යය තාවයින්ට ඉඩනොදී අවශ්‍යය කරණ අයට අත්‍යාවශ්‍යය පාරිභෝගික ද්‍රව්‍යවල් ගෙන්වීමට නොදී කටයුතු කර එවුන් අත්පත් කරගන්නා වැඩපිළිවෙලක් බවයි. මේය ආර්ථික ඝාතකයා නම් කබ්බා විසින් ගේන ඇති වැඩපිළිවෙලක් බවයි අපිට හැඟීගොස් ඇත්තේ.අන්න එයනිසා අපගේ ව්‍යාපාර ශේෂ්තරයේ ඉතාමත් ශක්තිමත් නියෝජිතයෙක් ළඟදීම ඒ ක්‍රමය ඔබළාට හඳුන්වාදේවි. මේ ගණුදෙනුව තුළින් එක පැය භාගයක් ඇතුළත ඔබළාට මුදල් ලැබෙන්න ඒ අය විසන් හඳුන්වා,සළස්වා දේවි..මෙය මේ දුශීය ආණ්ඩුව පළවා යනතෙක් ඉදිරියටම ගෙනයනවා ඇත.විස්තර ළඟදීම බලාපොරොත්තුවන්න ඒ වගේම අපගේ එකම අධිෂ්ටාණය නම් අපි වෙහේස මහාන්සිවි කාලය,ශ්‍රමය මුදල් නෝසිතා තම අතින් වියපෑදම් කර පැමිණි මුන්ව බලයට ගේනඑන්න මහන්සිවුවා!!!දැන් මුන් නැති කිරීමටත් කරන්න පුළුවන් අන්තිම,උපරිම දායකත්වයක් දරන්නයි මේ අරමුණ අපේ.!!! !!!Alapaluwa From SA (Western Cape)

    • ළූණු බන්දුල (සුදු) says:

      Alapaluwaනණි දැල්සැපධ!
      ඕකටනේ මෙචචර මැරුණේ. පව් අප්ප!!

  4. Gamarala says:

    තිරුපති වියදමට ගිය ඩොලර් ඒ වත් ලබා ගමු.

  5. Janaka from Matara says:

    කෑගැහුවට පළක් ඇද්ද​…කබ්‍රාල් ගෙ මොලේ තරමට එපැයි එයැයි වැඩ කරන්න​.

  6. සුදා says:

    සියලුම NRFC ගිනුම් වල තියෙන සල්ලි අයින් කර ගනින් පුලුවන් ඉක්මනටම. සත පහක් Dollar දාන්න ඒපා. මුන් Dollar රැපියල් වලට බලෙන් හරවනවා

  7. sira says:

    අපේ සල්ලි වලට මොනවා වෙයිද දැන්? එකත් උන් හොරා කන්නද යන්නෙ ?

Main News