මෙරට හඳුන්කූරු කැනඩාවටත්…

September 18, 2020 at 2:05 am | lanka C news
මෙරට හඳුන්කූරු කැනඩාවටත්…

මෙරට ප්‍රමුඛ පෙලේ හඳුන්කූරු නිෂ්පාදන සමාගමක් වන ‘තායි සුමේධා ආයතනය’ තම විදෙස් වෙළඳපොළ තව දුරටත් පුළුල් කරමින් කැනඩාවට ද හඳුන්කූරු අපනයනය ආරම්භ කළේය.

එම අවස්ථාව උත්සවාකාරයෙන් සැමරීමට මාධ්‍ය හමුවක් හා සුහද හමුවක් පිටකෝට්ටේ රැෆාල් උත්සව ශාලාවේ දී පැවැත්විණි.

එහි දී අපනයනයට සූදානම් කර තිබූ හඳුන්කූරු තොගය සංකේතාත්මකව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරු වෙත ‘තායි සුමේධා’ සමාගමේ සභාපති සුමේධ ඇල්පිටිය මහතා විසින් පිළිගන්වනු ලැබීය.

මෙහි දී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එක්ව සිටි එම ආයතනයේ සේවක පිරිස හා ව්‍යාපාරික ප්‍රජාව දිරිගන්වමින් දේශනයක් ද සිදු කළේය.

මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් ප්‍රියන්ත රත්නායක යන මහත්වරු ද එක්ව සිටියහ.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

24,567 views

One Comment to “මෙරට හඳුන්කූරු කැනඩාවටත්…”

  1. වයි දිස් කොලවෙරි says:

    හා හා ඔය වගේ නිවුස් ජෙප්පොන්ට පේන්න දාන්න එපා.
    ධනපතියන් නැති කලොත් මිනිස්සුන්ට පොහොසත් වෙන්න පුළුවන් කියලා ඔය හදුන්කූරු කම්හල ගිනි තියලා අයිතිකරයාව මරල දායි. එහෙම වුනොත් ඕකෙ වැඩකරපු අම්මලා, අක්කලාට මැදපෙරදිග වහල් සේවයට යන්න වෙයි.

Main News