මෙරට හමුවූ ඔමික්‍රෝන් ආසාදිතයා සංචාරකයකු නොව ශ‍්‍රී ලාංකිකයෙක්.. සංචාරක පැමිණීම දිගටම..

December 4, 2021 at 11:20 am | lanka C news
මෙරට හමුවූ ඔමික්‍රෝන් ආසාදිතයා සංචාරකයකු නොව ශ‍්‍රී ලාංකිකයෙක්.. සංචාරක පැමිණීම දිගටම..

ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති කොරෝනා ඔමික්‍රෝන් ආසාදිතයා මෙරටට පැමිණි සංචාරකයකු නොව ශ‍්‍රී ලාංකිකයෙකු බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

දැනට මෙරටට පැමිණීම තහනම් කර ඇති රටවල් හයෙන් පසු ගිය දින 21 ක කාලය තුළ මෙරට කිසිදු සංචාරකයෙකු පැමිණ නැති බව ද ඔහු පැවසීය.

කටුනායක ගුවන් තොටුපළින් මෙරටට ඇතුළු කරන ගන්නේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති සංචාරකයන් බවත් මෙරටට පැමිණි සියලු දෙනා PCR පරීක්ෂණ වලට යොමු විය යුතු යැයි සෞඛ්‍ය අංශ නිර්දේශ කරනවා නම් ඒ අනුව කටයුතු කරන බවද ඔහු සදහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් මත සංචාරකයන් රටට ගෙන්වා ගන්නා බවත් පැවසූ ඔහු නොවැම්බර් මස අවසන් වන විට සංචාරකයන් එක්ලක්ෂ පනස්දහසක් මෙරටට පැමිණ ඇතැයිද කියා සිටියේය.

27,245 views

3 Comments to “මෙරට හමුවූ ඔමික්‍රෝන් ආසාදිතයා සංචාරකයකු නොව ශ‍්‍රී ලාංකිකයෙක්.. සංචාරක පැමිණීම දිගටම..”

  1. Moon says:

    Gon pk kohomahari akath rata Pura hadala thamai buru 🐄🐖

  2. බිබිලේ says:

    මුට සුද්දෝ ගෙන්න තියෙන හදිස්සිය. අපිට ගිය පාරත් යුක්රේන් කාරයෝ ගෙනල්ලා කොරෝනා දුන්නා. උන් ඇවිල්ලා එක ඩොලරයක් වියදම් කරන්නේ නැහැ. පරයෙක්.

  3. Sunil Perera says:

    මේ ඇමතියාට තියෙන්නේ තඩි බඩගෙඩියයි පුකයි විතරයි… මොළේ කළදක් නැති එකෙක්… රාජපක්ෂලාගේ කටු ලෙවකකා ඉන්නවා ඇරෙන්න වැඩක් කරන්න පුළුවන් එකෙක් නෙමෙයි…

Main News