මෙරට ෆේස්බුක් ගිණුම ලක්‍ෂ 20ක් අත්හිටුවනවා.. කැබිනට් පත‍්‍රිකාව දැම්මා..

May 7, 2021 at 8:40 am | lanka C news
මෙරට ෆේස්බුක් ගිණුම ලක්‍ෂ 20ක් අත්හිටුවනවා.. කැබිනට් පත‍්‍රිකාව දැම්මා..

හිමිකරුවන් නොමැති ගිණුම් ෆේස් බුක් ගිණුම් ලක්ෂ විස්සක් පමණ මෙරට ඇති බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

ඒවා අත්හිටුවීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පැවසීය.

එම ගිනුම් අත් හිටුවීමට සහ පාලනය කිරීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වැඩපිළිවෙළක් සැකසීමට අධිකරණ ඇමති අලි සබ්රි මහතා සහ තමන් එක්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවද පැවසූ ඔහු අනුමැතිය ලද වහාම අවශ්‍ය පියවර ගන්නා බවද පැවසීය.

රටේ ජාතික ආරක්ෂාව උදෙසා මෙවැනි පියවරයන් ගැනීම වැදගත් බවත් යහපත් සමාජ පැවැත්ම උදෙසා මෙවන් පියවරයන් ගත යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

42,376 views

29 Comments to “මෙරට ෆේස්බුක් ගිණුම ලක්‍ෂ 20ක් අත්හිටුවනවා.. කැබිනට් පත‍්‍රිකාව දැම්මා..”

  1. කොටුපැනල කකුල කඩාගත් බයිසන් says:

    කවුරු මොනා කිව්වත් ලිව්වත්, කියවන එකා අහන එකා එකේ හරි වැරැද්ද තේරුම් අරගන්න තරම් බුද්දියක් තියෙන්න ඕන. එහෙම බුද්දියක් නැති, එක එකා කියන කියන දේ හරි කියල හිතන්නේ නුගත් නොදියුණු ගෝත්‍රික යෝ. එහෙම ගෝත්‍රිකයෝ පාලනය කරන්න හරි ලෙසයි. ආණ්ඩුවේ හොරණෑ ටික විතරක් ඇරලා අනිත් ඒවා වහලා ඕන දුෂිත වැඩක්, මිනී මෙරුමක් කරලා සත් ගුණවත් පාලකයෝ වගේ ඉන්න පුළුවන්. ඔයිට වඩා හොඳයි ආණ්ඩුවේ චැනල්, වෙබ්සයිට්. පත්තර ඇරුනාම අනික් ඔක්කොම බෑන්ඩ් කරා නම්. ඇමරිකාව, එනගලන්තේ, ඔස්ට්‍රලියාව, ස්විස්ටර්ලන්තේ එක්ක බලද්දී අපි ඉන්නේ කොහෙද කියල තේරුම් ගනින්.

    • සරිගම සාජ්ජේ says:

      එහෙම කියන්න එපා. විද්වත් ගෙවිඳු මන්ත්‍රී තුමා කියන්නේ අපි නවසීලන්තෙටත් වඩා හොඳයි කියල. ඇමරිකාව, එංගලන්තේ කැලේ.
      අපි තමා හොඳටම කළේ
      “කොරෝනා පාලනයෙන් ශ‍්‍රී ලංකාව ඇතැම් දර්ශකවල ඉන්නේ නවසීලන්තයටත් වඩා හොද තැනකයි..- ගෙවිදු”, lankacnews

  2. මාක්ස්වාදී ජෙප්පා says:

    තහනම් කරන්න ඕන ජෙප්පන්ගෙ ෆේක් එව්ව විතරයි. පොහොට්ටුවෙ ඒවා තහනම් කරන්න එපා. අපි එව්ව යොදවන්නෙ රටේ සුබසිද්දිය වෙනුවෙන්.

    • මාක්ස්වාදී ජෙප්පා says:

      ජෙප්පෙක් බය වෙලා මගේ නමින් කොමෙන්ට් කොටලා. fb පැත්තක තියමුකො. මෙතනත් මුන් ෆේක්.

  3. nim says:

    උබලගේ ගොන් වැඩ ඕක restrict කරාට නවතිනවද ? යන්න තැනක් හොයා ගනිල්ලා අයේ දෙන්නේ නැහැ

  4. Upuli says:

    හොඳයි ඒකත් කරල බලමුකො එතකොටවත් පාස් වෙයිද කියල

  5. චීන පටස් says:

    this means 2 million people are actively working against this government,

  6. Hosil bara says:

    Thopilata kelawena ewaaa mun kalath katayi pukayi wahagena ehemayi Sarr kiyagena hitapiyaw gon Vahallu….? Nodokin me wage thope nidahasa nethi karana ewatath ane kochchara hondada kiya kiya hitapiyaw ….? Me hora thakkadi deshapalu kalakanni thopita kathaa karanna thiyena nidahasath kaala daanakam hitapiyaw para haththa

  7. saman says:

    දැනට අපිට තියන ලොකුම ප්‍රස්නයට විස්දුම් දුන්නාට බොහොම ස්තුතියි.

  8. පොහොට්ටුවෝ says:

    පොහොට්ටුවට ජයවේවා

  9. සිරිපාල says:

    Comment ටික බලපුවහම අයින් කරන්න පටන් ගන්න ඕන තැන පේනවා 😂😂😂😂😂😂

Main News