මෙරට 1/3ක් උග‍්‍ර ආහාර අනාරක්‍ෂිතාවක.. පවුල් 80%ක් ආහාර වේල් මගහරිමින්..- ලෝක ආහාර වැඩසටහන

September 21, 2022 at 11:20 am | lanka C news
මෙරට 1/3ක් උග‍්‍ර ආහාර අනාරක්‍ෂිතාවක.. පවුල් 80%ක් ආහාර වේල් මගහරිමින්..- ලෝක ආහාර වැඩසටහන

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකකට වඩා වැඩි පිරිසක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයකින් පෙළෙන බව ලෝක ආහාර වැඩසටහන සඳහන් කරයි.

එහි නවතම වාර්තාවේ දැක්වෙන්නේ මෙරට පවුල් දහයෙන් අටක්ම ආහාර වේල් මග හැරීම සහ ආහාර ණයට ගැනීමට යොමු වී ඇති බවයි.

කාන්තාවන් ප්‍රධානත්වය ගන්නා පවුල්වල ආහාර අර්බුදය උග්‍ර වී ඇති බවත් ගම්බද ජනතාවට වඩා නගරබද සහ වතුකරයේ ජනතාවට දැඩි බලපෑමක් එල්ල කරන බවත් එම වාර්තාවේ සඳහන්ය.

මෙරට මිලියන 3.4 ක ට සහාය වීමට ඇමරිකානු ඩොලර් මිලියන 63 ක මුදලක් අවශ්‍ය ඇතත් තවමත් ලැබී ඇත්තේ ඉන් 35% ක් බවත් වාර්තාව කියා සිටී.

මෙරට ජනගහනයෙන් මිලියන 6.3 ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන බවත් අවම වශයෙන් 66,000ක් දරුණු ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන බවත් වැඩසටහන තවදුරටත් පෙන්වා දෙයි.

10,001 views

4 Comments to “මෙරට 1/3ක් උග‍්‍ර ආහාර අනාරක්‍ෂිතාවක.. පවුල් 80%ක් ආහාර වේල් මගහරිමින්..- ලෝක ආහාර වැඩසටහන”

  1. R. Prema says:

    බොරු, බොරු, ඒ අය හොඳට කල බිලා ඉන්නවා, ඔය කලන්තේ හැදිලා තියෙන්නේ රෑ නිදිවරාගෙන පාඩම් කරපු පොසත්තුන්ට,

    තොපිට හෙනම ගහපියව් මේ දරුවන්ට දෙන දුකට, කාලකන්නි ඩෙංගු හදිලවත් තුරන් වෙන්නේ නැති හැටි

  2. Lucky N says:

    මොකා ආන්ඩු කරන්න ආවත් ව්යසනයට මූලික ඌ හේතුවට විසදුමක් නොදෙන තුරු රට බන්කොලොත්. දූසිත දේසපාලකයන්ගෙ කොමිස් ගැහිල්ලටත් වඩා රටේ විනාශයට මූලික වී ඇත්තේ රාජ්ය නිලදාරින්ගේ ගැහිලි සහ පින්බත් ගිලින රාජ්ය සේවකයින්ට ගෙවන පඩි. උන්ව පත් කර ඇත්තේ චන්ද පදනමක් හදා ගැනීමේ අරමුනින් වරින් වර මාරුවෙන් මාරුවට පැමිනෙන දේසපාලකයෝ උනාට වුර්තීය සමිති හරහා රට පාලනය කරන්න උන්ට බලය සහ රැකවරනය දෙන්නේ ජෙප්පෝ. උන් සේරම රට විනාශ කිරීමේ වැඩපිලිවෙලේ සාමූහිකව සිටින අතර කවදත් රටට හම්බ කරලා දෙන්න ඉන්නේ පෞද්ගලික අංශයේ දිවා රෑ නොනිදා වැඩ කරන ඉතා සුලු පිරිස විතරමයි. උන්ව රැකගන්න එක දේශපාලන බල්ලෙක් නෑ. හැම රජයක්ම කරේ පෞද්ගලික අංශයට වැහෙනකන්ම ටැක්ශ් ගහලා ඒ සල්ලි වලින් රාජය සේවයේ ඉන්න නිකමුන් නඩත්තු කරපු එක. වර්තමාන අර්බුදයෙන් ගොඩ ඒමට රජයට කිසිම ප්ලැන් එකක් නැතත් සල්ලි අච්චු ගහ ගහා පින් බත් ගිලින රාජ්ය සේවකයෝ නඩත්තු කරන එක මූලික වග කීම කරගෙන තියෙනවා. ඒකෙන් මේ සරු කෙත තව තවත් වලපල්ලටම යනවා. පවුද්ගලික අංශයේ මහින්සිවෙලා වැඩකරන එකාගේ පඩියත් නිකන්ම දියාරුවෙලා යනවා. මොකා බලයට පැමිනියත් මුලින්ම කරන්න ඕන නීති සම්මත කරලා මේ දක්වා සුලු හෝ දූසනයකට සම්බන්ද දූසිත රාජ්ය නිලදාරින්ට සහ දේසපාලකයින්ට ප්‍රසිද්දියේ වෙඩි තබා මරන දන්ඩනය පැමිනවීමයි. පාඩු හෝ ලාබ ලබන සියලු රාජ්ය අංශ පෞද්ගලීකරනය කල යුතුයි. 95%ක් විතර ඉන්න පින්බත් කෙලින රාජ්ය සේවයේ නිකමුන්ට වන්දි වෙනුවට කසපාර 100ක් දී පන්නන්න ඕන. එහෙම කරොත් අඩුම ගානේ උන් ජෙප්පොන්ගේ පදේට උද්ගෝසන තිය තිය රට ගිනි තිය තිය ඉන්නෙ නැතිව, ස්වයන් රැකියාවක් හරි කරලා රටේ නිශ්පාදනයට සුලුවෙන් හෝ දායක වෙනවා. චීනයේ කරන්නේ ඒක. රට ගොඩ ගන්න ඒ නීතිය විතරක් තිබ්බත් හොදටම ඇති. සල්ලි අච්චු ගහ ගහා පින් බත් ගිලින උන් නඩත්තු කරපුවාම ඒකෙන් නහුතෙට නගින බඩු මිල එදා වේල දුක් මහන්සි වෙලා කුලී වැඩ කරලා හම්බ කරගන්න අහින්සකයා ගෙවන්නේ කොහොමද?

  3. RITIGALA says:

    Mekata palaweni hethuwa hadisiyema pohora wenasak kirima.tiken tike kala nama me weddi ahara higayak wenne na. gota ta upades dunna yes sir eheiyo motata waga kiyanna ona gota ekkama.dan rata baila ganawawa babala wage…mun okkoma me jathika aparadhayata waradi karuwo karala hire yawanna ona.

  4. Lalla says:

    ගෝඨා ප්‍රමුඛ මෝඩ නඩය රටට කල විනාශය. කාබනික මේනියාව….. තාම උන්ගේ පස්ස ලොවන මෝඩයෝ රටේ ඉන්නව…

Main News