මෙරට 30%ක ජනතාවක් ආර්ථික අර්බුදයක.. මේ වසරේ රටේම දුගී බව නැති කරනවා..
March 1, 2017 at 8:02 am | lanka C news
අද වන විට මෙරට 30%ක ජනතාවක් බරපතල ලෙස ආර්ථික අපහසුතාවයට පත්ව සිටින බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
ශ්රී ලංකාව ලෝක ආර්ථික අර්බුදය හමුවේ කොතරම් අර්බුදයන්ට මුහුණ දුන්නද දිලිදු ජනතා සුභ සාධනයට රජය මූලිකත්වය දෙන බවද ඔහු පැවසීය.
අද මහ බැංකුවේ පැවති උත්සව සභාවක් අමතමින් මේ බව පැවසූ ජනාධිපතිවරයා 2017 වසර දුගී බව නැති කිරීම් වසර ලෙස රජය විසින් නම් කර ඇතැයිද කීවේය.