මෙරට ISIS ත‍්‍රස්තයන් 60ක ලයිස්තුවක් සහරාන්ගේ පරිඝණකයෙන් හමුවේ…

May 10, 2019 at 11:20 am | lanka C news
මෙරට ISIS ත‍්‍රස්තයන් 60ක ලයිස්තුවක් සහරාන්ගේ පරිඝණකයෙන් හමුවේ…

ISIS ත්‍රස්තවාදී මෙරට සාමාජිකයන් හා ඔවුන්ගේ ජාලය සමග සම්බන්ධතා පවත්වන 60 දෙනකු ගේ සියලු තොරතුරු පොලීසිය විසින් හෙළිකරගෙන තිබේ.

මෙම තොරතුරු හෙළිව ඇත්තේ පසුගියදා නුවරඑළිය ප්‍රදේශයේදී සහරාන් විසින් පවත්වාගෙන යන ද පුහුණු මධ්‍යස්ථානයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද පරිගණකයෙනි.

පරිගණකයේ තිබුණේ මෙරට අයියේ ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන්ගේ නාම ලේඛනය විය හැකි බවට පොලිසිය විශ්වාසය පළ කරයි.

එම නාම ලේඛනයේ නම සඳහන්ව තිබූ ප්‍රබල සාමාජිකයෙක් බව කියන පුද්ගලයෙකු බිබිල ප්‍රදේශයේදී පොලීසිය විසින් ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇත.

මැයි 4 වැනිදා අත්අඩංගුවට ගත් තිබූ සැකකරුවෙකු ද එම නාමලේඛණයේ නම සඳහන්ව තිබෙන බව පොලීසිය කියයි.

208 views
Main News