මෙරට LNG ඒකාධිකාරය කිසිදු විදේශීය රටකට ලබා දිය යුතු නෑ..- ඩලස්

October 1, 2021 at 4:40 pm | lanka C news
මෙරට LNG ඒකාධිකාරය කිසිදු විදේශීය රටකට ලබා දිය යුතු නෑ..- ඩලස්

කිසිදු විදේශීය රටකට මෙරටට LNG සැපයීමේ ඒකාධිකාරිය ලබාදිය යුතු නැතැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධව ඉදිරි පාර්ලිමේන්තු සතියේ දී මුදල් අමාත්‍යාංශයටත් විදුලිබල අමාත්‍යාංශය කරුණු ඉදිරිපත් කර දැනුවත් කිරීම සිදුකරන බවද අමාත්‍යවරයා පැවසීය.

තමන්ගේ ස්ථාවරය ද පැහැදිලිවම කැබිනට් මණ්ඩලයේ දී දැනුම් දුන් බවත් පැවසූ අමාත්‍යවරයා රටක ස්වාභාවිකව ද්‍රවකෘත වායු සැපයීමේ ඒකාධිකාරය වෙනත් රටකටත් පැවරිය යුතු නැති බව තම ස්ථාවර යැයි ද කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ ගැන සමග සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ සහෝදර පක්ෂ කිහිපයක් බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු තව දුරටත් පැවසීය.

17,435 views

17 Comments to “මෙරට LNG ඒකාධිකාරය කිසිදු විදේශීය රටකට ලබා දිය යුතු නෑ..- ඩලස්”

  1. D.Nimal says:

    I too AGREED WITH THAT MINISTER . No needed any monopolies for specially for Fossil Fuel and Gas supply ,because its will leads WAR mongering politics in world for by hegemonies powers….$?