මෙවන් සාහසික මංකොල්ලයක් ලෝක ඉතිහාසයේවත් නෑ.. බැදුම්කර හොරුන් එල්ලුම් ගස් යවන රාජ්‍ය බැංකු තුනේ ප‍්‍රධානීන්ගේ ඓතිහාසික කටඋත්තර මෙන්න..

October 6, 2017 at 9:20 am | lanka C news
මෙවන් සාහසික මංකොල්ලයක් ලෝක ඉතිහාසයේවත් නෑ.. බැදුම්කර හොරුන් එල්ලුම් ගස් යවන රාජ්‍ය බැංකු තුනේ ප‍්‍රධානීන්ගේ ඓතිහාසික කටඋත්තර මෙන්න..

අර්ජුන් ඇලෝසියස්ගේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට රුපියල් කෝටි දස දහස් ගණනක අසීමිත ලාභ ගෙනදුන් ආන්දෝලනාත්මක බැඳුම්කර වෙන්දේසි දෙකේදීම එවකට මුදල් අමැති වූ රවි කරුණානායකගේ ඉල්ලීම මත රාජ්‍ය බැංකු තුනෙහිම ප්‍රධානීන්ට අඩු ලංසු ඉදිරිපත් කරන්නට සිදු වූ බව (04) මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේදී එම ප්‍රධානීන් විසින්ම ප්‍රකාශ කරනු ලැබීය.

මෙම වෙන්දේසි දෙකෙහිදීම වෙන්දේසි දිනට පෙර දිනයේදී මුදල් අමාත්‍යාංශයට තමන් කැඳවූ රවි කරුණානායක රාජ්‍ය මුදල් අවශ්‍යතාවක් සඳහා අඩු පොලියකට මුදල් ටිකක් ලබා ගත යුතුව ඇති බැවින් පසුදින පැවැත්වෙන වෙන්දේසියේදී අවම ලංසු ඉදිරිපත් කරන ලෙස දන්වා සිටිමින් ඉදිරිපත් කළ යුතු ලංසු පිළිබඳව සීමාවන්ද තමන්ට ලබා දෙන ලද බව ජාතික ඉතිරි කිරීමේ බැංකුව, මහජන බැංකුව හා ලංකා බැංකුව යන රාජ්‍ය බැංකු තුනෙහිම සභාපතිවරුන් හා සාමාන්‍යාධිකාරිවරු ඊයේ කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියහ.

මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු සහ සාමාන්‍යාධිකාරි (මහ කළමනාකරු) එන්. වසන්ත කුමාර්, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති අස්වින් ද සිල්වා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි හා භාණ්ඩාගාර කටයුතු පිළිබඳ උපදේශක ඒ. ඒ. ලයනල්, ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ් චිත්‍රානන්ද පෙරේරා යන මහත්වරු එම කරුණු තහවුරු කරමින් කොමිසම හමුවේ දිවුරුම් පිට සාක්ෂි ලබා දුන්හ.

2016 මාර්තු මස 29දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියට පෙර දින එනම් මාර්තු මස 28 වැනි දිනද, 2016 මාර්තු මස 31දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියට පෙර දින එනම් මාර්තු මස 30 වැනි දිනද එවකට මුදල් ඇමැති රවි කරුණානායක විසින් තමන් අමාත්‍යාංශයට කැඳවා රැස්වීම් දෙකක් පවත්වන ලද බවද එම රැස්වීම් දෙකෙහිදීම එකම ආකාරයෙන් එකී වෙන්දේසිවලදී අඩු ලංසු ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමින් එම ලංසු පිළිබඳව සීමාවන්ද තමන්ට මුදල් ඇමැතිවරයා විසින්ම ලබා දුන් බවද ඔවුහු කියා සිටියහ.

මෙම රැස්වීම් දෙකට අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික උපදේශක ආර්. පාස්කරලිංගම් මහතා සහ මහ භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය සමරතුංග මහතාද සහභාගිව සිටි බවද, මහ බැංකුව වෙනුවෙන් නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතාද රැස්වීම් දෙකටම සහභාගි වූ බවද සාක්ෂිකරුවන් විසින් කොමිසම හමුවේ ප්‍රකාශ කරන ලදී.

ඇමැති රවි කරුණානායක විසින් ලබා දෙන ලද සීමාවන් යටතේ තම බැංකුවලින් අඩු ලංසු ඉදිරිපත් කරනු ලැබූ බවත් එහෙත් ඊට තරමක් වැඩි ලංසුවක් ඉදිරිපත් කළ අර්ජුන් ඇලෝසියස් හිමිකාරිත්වය දරන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම එකී වෙන්දේසි දෙකේදීම සාර්ථකත්වයට පත්වෙමින් අති විශාල ලාභයක් උපයා ගන්නා ලද බවත් සාක්ෂිකරුවෝ වැඩිදුරටත් කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියහ.

කොමිසම හමුවේ ප්‍රථම සාක්ෂිය ලබාදුන් මහ බැංකුවේ මහ කළමනාකරු (සාමාන්‍යාධිකාරි) එන්. වසන්ත කුමාර් මහතා කියා සිටියේ තමාගේ වසර 30කට අධික බැංකු සේවා ඉතිහාසය තුළවත් ඉන් පිටස්තරවත් කිසිම දිනක මුදල් ඇමැතිවරයකු මේ ආකාරයෙන් බැඳුම්කර වෙන්දේසියකදී මෙවැනි බලපෑම් සිදුකරමින් වෙනත් පාර්ශ්වයකට අනියම් වාසි ලබාදීමක් හෝ රාජ්‍ය බැංකුවලට ලබාගත හැකිව තිබූ රුපියල් කෝටි ගණනක ලාභ අහිමි කරන ලද අවස්ථාවක් ගැන අසන්නටවත් ලැබී නොමැති බවය.

මහ බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේ තමා බැංකුකරුවකු නොවන නිසා තාක්ෂණිකව ගණන් හිලව් පිළිබඳව ප්‍රකාශ කළ නොහැකි වුවත් මෙම ක්‍රියාව තුළින් රාජ්‍ය බැංකුවලට සිදුකරන ලද හානියේ බරපතළකම ගැන ඕනෑම අයකුට ඉතා පහසුවෙන් තේරුම් ගත හැකි බවත්ය.

මෙම කටයුත්තේදී මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු වූ පී. සමරසිරි මහතාද මැදිහත් වී කටයුතු කළ බවත් සාක්ෂිකරුවන් විසින් කොමිසම හමුවේ ප්‍රකාශ කළ අතර එක් සාක්ෂිකරුවකු කියා සිටියේ තමාට මෙම ඇමැති කාර්යාලයේ රැස්වීමට පැමිණෙන ලෙස දන්වා සිටියේ පවා ඔහු විසින්ම බවත්ය.

ඔහු එසේ කියා සිටියේ සමරසිරි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හර්ෂ ප්‍රනාන්දු මහතා නඟන ලද හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අස්වින් ද සිල්වා මහතා කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතාට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ වසර 9ක් තරම් කාලයක් ඕස්ට්‍රේලියාවේද සේවය කොට ඇති තමා මෙම ක්‍රියාපටිපාටිය ගැන මවිතයට පත්වූ බවත් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු වන පී. සමරසිරි මහතාද එම කටයුත්තට සහාය වීම ගැනද තමාට පුදුම හිතුණු බවත්ය.

-Mawbima

55 views

10 Comments to “මෙවන් සාහසික මංකොල්ලයක් ලෝක ඉතිහාසයේවත් නෑ.. බැදුම්කර හොරුන් එල්ලුම් ගස් යවන රාජ්‍ය බැංකු තුනේ ප‍්‍රධානීන්ගේ ඓතිහාසික කටඋත්තර මෙන්න..”

  1. raawana says:

    Mun ellaa meriya yuthuyi.

  2. හිච්චිමහත්තෙයා says:

    ලැජ්ජා බයක් හෙම ගෑවිලාවත් ඇතෙයි මෙයැයිලට?

    මිටර් කිලීනුයි හොඳම මුදල් ඇමති යි! සරල ලොකු සෑර් යටතෙ!

  3. Banku Hora says:

    Jandipathihumani, thawath pramada wenne ai. Munta viruddhawa prabala saakshi thibiyadeeth action nogathahoth obage nohakiyawa ratama dana ganeewi.

  4. ඉස්සා says:

    කට උල් කර කර කියපු එ්වා වල හැටියට මුන්දැලට පඩිසන් දෙන්නත් එපාය

  5. Canadian says:

    President has an interest in this matter.

  6. Rohitha says:

    Ringleader of this most heinous crime of the central bank robbery RW, the most scoundrelly politician independent SL has had the misfortune to count among its successive prime ministers, has even outdone his infamous uncle in skullduggery. He is sure to somehow wriggle out the long arm of the law Houdini-style along with his accomplice RK and hired highway robber AM.

  7. සුකුමලී says:

    මේවා මහා භාණ්ඩාගාරයේ සල්ලි. අපි කෑවම මොකෝ. මේවා තියෙන්නේ අපට කන්ඩම තමායි. මොකද වරද. මේවා සාංගික කරපුවද නෙවෙයි නෙ.

  8. aruna says:

    What is the use of giving statements at the Presidential commission. The big thief and the Royal Mafia continue robbing and selling our country. The accused CB asst.governor [retired] Samarasiri appoint as a senior consultant to Finance and Media Ministry since yesterday. People can see this ruling Mafia neither don’t care about Presidential commission nor President.

  9. සමරවීර ජයතුංග says:

    රවි උන්නැහේ කථා කරන්නේ මහ සුදනා වගෙයි. මුන් වගෙ එවුන්ට, මහජනයා ඉදිරියේ රජකාලෙ දඬුවම් දෙන්න ඕනැ.

Main News