මෙවර අයවැයෙන් ජනතාව සිතන තරම් සහන දෙන්න බෑ…

November 12, 2021 at 1:20 pm | lanka C news
මෙවර අයවැයෙන් ජනතාව සිතන තරම් සහන දෙන්න බෑ…

පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙවර ඉදිරිපත් කරන අය වැය ලෙහෙසි පහසු එකක් නොවන බව තම විශ්වාසය යැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

මෙවර අය වැයෙන් ජනතාව සිතූ තරම් සහන අපේක්ෂා කළ නොහැකි වනු ඇතැයි ද ඔහු පැවසීය.

එතරම් අසීරු ආර්ථික තත්ත්වයක පැවතියද ගුරු වැටුප් ප්‍රශ්නය විසඳීම සඳහා සාධනීය පියවරක් මුදල් අමාත්‍යවරයා විසින් ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

2022 වසර සඳහා වන අයවැය මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

20,468 views

4 Comments to “මෙවර අයවැයෙන් ජනතාව සිතන තරම් සහන දෙන්න බෑ…”

  1. Jayanath says:

    මිනිස්සුන්ට ඕව කිව්වට තේරෙන්නෙ නෑ. කන්නයි බොන්නයි තියෙනවනම් එච්චරයි.

  2. බිංකුණ්ඩා says:

    අපි දන්නව මිනිස්සුන්ට සහන දෙන්න බැරි උනාට උඹලට නම් ඇතිවෙන්න සහන හම්බ වෙනව කියල

  3. Susantha says:

    අනේ ඇමතිතුමෝ ඔහෙලගෙන් සහන බලාපොරොත්තුවෙන්ඩ ජනතාව මොංගල් නෑ, කරුනාකරලා ඔහෙගෙ මුදල් ඇමතිට කියනවද ඔය කියවන පඩන්ගුව 5 පන්තියේ ලමයෙකුට කියලා කියවන්ඩ කියලා, අහගෙන ඉන්ඩ අමාරුයි

  4. වැට උඩ ඉන්න බතික් says:

    හම්බන්තොට වරායේ තිබ්බ ගල දෑන් නැති ද?