මෙවර අයවැය ‘ගම සමග පිළිසදර’ දිගුවක්..

December 22, 2021 at 6:20 am | lanka C news
මෙවර අයවැය ‘ගම සමග පිළිසදර’ දිගුවක්..

කොවිඩ් පාලනය කර ජනතාවගේ ජිවත් වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා මූලිකත්වය දුන් ජනාධිපතිවරයා මේ වන විට දේශීය නිෂ්පාදන ආර්ථීකයක් ගොඩනැංවීමේ අභියෝගාත්මක කාර්යයට උරදී ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

වස විසෙන් තොර ආහාර ලබාදීම ආදී රටක පැවැති ක්‍රමවේද වෙනස් කරන ජනප්‍රිය නොවන තීන්දු තීරණ හේතුවෙන් ආණ්ඩුව විවේඡනය වුවත් රටටත්, අනාගත පරපුරටත් වඩා සුදුසු තීරණ ගැනීම ජනාධිපතිවරයාගේ ක්‍රමවේදය බවද ඔහු කීවේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මිනුවන්ගොඩ පැවැති අයවැය පිළිබද ජනතාව දැනුම්වත් කිරීමේ රැස්වීමකට එක්වෙමිනි.

2015 ඇති කිරීමට උත්සාහ කළ වෙනසට වඩා ආර්ථිකමය වෙනසක් ඇති කිරීමට මෙවර අයවැයෙන් උත්සාහ කර ඇති බව පෙන්වා දුන් ඇමැතිවරයා මෙතෙක් කලක් කොළඹට වී නිලධාරීන් ප්‍රතිපත්ති සකස් කිරීමේ ක්‍රමවේදය වෙනුවට ග්‍රාමිය ආර්ථිකය නගා සිටුවමින් දේශීය ආර්ථිකයකන් ගොඩනැංවිම සඳහා වූ ජනතා අවශ්‍යතා ඉටු කිරීමට මෙවර අයවැය ඉදිරිපත් කර ඇතැයි ද කීවේය.

නව ව්‍යාවසායකයින් හදුනා ගැනීම, මේ වන විටත් ව්‍යාපාර පවත්වා ගෙන යන ව්‍යාවසායකින් නගා සිටුවීම ආදී ගමේ ආර්ථිකය නැංවීමේ වැඩපිළිවෙළ සකස් කර ගැනීමේ වගකීම මෙවර අයවැයෙන් ගමට පවරා ඇති බැවින් ගමත්, ආසනයත්, රටත් ආර්ථික වශයෙන් ගොඩනැංවීම ජනතාව වෙත පැවරෙන බවද ඇමතිවරයා සඳහන් කළේය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගම සමග පිළිසදර වැඩපිළීවෙල මගින් මෙම ක්‍රමවේදය හදුන්වා දුන්නේ විපක්ෂයේ සිටින අවධියේදීය. එම වැඩපිළීවෙළේ දිගුවක් ලෙස මෙවර අයවැය හැඳින්විය හැකි අතර එදා මන්ත්‍රීවරු ලෙස ගෙනගිය වැඩපිළීවෙළට මෙවර රාජ්‍ය යාන්ත්‍රණය ද සහභාගි කර ගිනිමින් රට ඉදිරියට ගෙන යාමට සැලසුම් සකස් කර ඇතැයිද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

රටේ ආර්ථීකය නැංවිම සඳහා නිසි වැඩපිළීවෙලක් සහිතව බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට කොවිඩ් ලෝක වසංගත තත්ත්වයෙන් ජනතාව මුදවා ගැනීම සඳහා මූලිකත්වය දීමට සිදුවූ බවද කී ඇමැතිවරයා පෙන්වා දුන්නේ ජනතාව කොවිඩ් වසංගතයෙන් මුදවා ගැනීම කෙරෙහි ජනාධිපතිවරයා මූලිකත්වය දුන්නේ 5.8 ක් ලෙස පැවැති ආර්ථික වර්ධන වේගය යහපාලන ආණ්ඩුව විසින් 2.7 ක් දක්වා අඩු කර තිබියදීත් බවයි.

වසංගතය හේතුවෙන් රටවල් අතර සම්බන්ධතාව දුරස් වීම, රටවල් වසා දැමීම හා භාණ්ඩ ගෙන්වීම සීමා කිරීම ආදිය නිසා විවෘත ආර්ථිකයේ අයහපත් තත්ත්වය හදුනාගැනීමට වඩා හොද අවස්ථාවක් හිමිවී බවත්, විදේසගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ආදායම් අහිමි වීම, සංචාරක ව්‍යාපාරය ඇද වැටීම, ඇගලුම් කර්මාන්තයේ බිද වැටීම ආදිය හේතුවෙන් විදේශ විනිමය අහිමි වීම දේශීය නිෂ්පාදනවල වැදගත්කම වැඩි වැඩියෙන් අවබෝධ වූ අතර ඒ සදහා මෙවර අයවැයෙන් වැඩි අවධානයක් යොමුව ඇතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

– ප්‍රදීප් අනුර කුමාර

11,426 views

3 Comments to “මෙවර අයවැය ‘ගම සමග පිළිසදර’ දිගුවක්..”

  1. saman says:

    මී හරක් ඉන්න රටකට ගැලපෙන පාලකයන් බිහීවී ඇත. දුක් නොවන්න ඔබ්ට ගැලපෙන්නේ මේ පලකයන්ම තමයි.

  2. SL says:

    මුන්ගේ පණ්ඩිත කම් නම් තියෙනවා. කතා කරද්දී හැම පක්ෂයකම ඉන්නේ රටට ඩොලර් උල්පත් ගෙනෙන්න පුළුවන් අයියල .හැබැයි කොරන්න ගියහම නැට්ටේ ඉඳන් ගොම.

    කතා කරන්නේ රට ගොඩගන්න , කරන්නෙම පගා ගහන එක, කොමිස් ගහන එක ,කිසිම ආර්ථික, සමාජීය වාසියක් නැති ව්‍යාපෘති පටන් ගන්න එක.

    තොපි 225 +1 එකට එකතු වෙලා රටට අවුරුදු 20-30 ප්‍රතිපත්තියක් හදල රටේ නීතිය, ප්‍රත්පත්ති හරියට ක්රියාත්ම ක කර්පියවූ.

    කාලකන්නි ………………………..නැතිනම් තොලොන්ග්ජි වෙලා පලයවූ. තොපි මහජනයා නොමග යවනවා විතරක් නොවෙයි ,තොපේ බෙර පද වලට නටවනවා.

  3. mhinda wickramasinghe says:

    Warenko ganata pilisandarata

Main News