මෙවර ඉදිරිපත් කරන්නේ සාම්ප‍්‍රදායික නොවන අයවැයක්…- PB

November 2, 2021 at 5:30 pm | lanka C news
මෙවර ඉදිරිපත් කරන්නේ සාම්ප‍්‍රදායික නොවන අයවැයක්…- PB

සම්ප්‍රදායික අය වැයකින් එහා ගිය නව දැක්මක් සහ වැඩපිළිවෙළක් සහිත අය වැයක් මෙවර රටට ඉදිරිපත් කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසයි.

හරිත ආර්ථිකයක්, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණය සහ ඩිජිටල් ආණ්ඩුකරණය යන ක්ෂේත්‍ර කෙරෙහි එහිදී ප්‍රමුඛතාව හිමි වනු ඇති අතර “සෞභාග්‍යයේ දැක්ම” තුළ කටයුතු කරමින් රටේ ආදායම් ඉහළ නංවා ගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති බව ලේකම්වරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද (02) වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු මාධ්‍ය හමුවේදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ මුදල් ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු පිළිතුරු සැපයූහ.

“ඉදිරි අය වැය සහ රටේ ආර්ථික තත්ත්වය” තේමාව යටතේ මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි.

රටේ ආදායම් උත්පාදනයට භාණ්ඩ හා සේවාවල නිෂ්පාදන පරිමාව ඉහළ නැංවිය යතුය. එබැවින් භාණ්ඩ හා සේවාවල පරිමාව නැංවිය හැකි ආදායම් ප්‍රතිපත්ති මෙවර අය වැයට ඇතුළත් වනු ඇත. ග්‍රාමීය කෘෂි ආර්ථිකය ඉහළ නැංවිය යුතු අතර ඒ සඳහා වූ යටිතල පහසුකම් සංවර්ධනය ප්‍රමුඛ අවශ්‍යතාවයක් ලෙස හඳුනාගෙන ඇති බව ලේකම්වරයා පෙන්වා දුන්නේය.

දේශීය ව්‍යාපාරිකයන්ට, නව ආයෝජකයන්ට මෙන්ම සංචාරකයන්ට ආකර්ෂණීය රටක් නිර්මාණය විය යුතු අතර රටේ සම්පත්වලට අමතරව නව ආයෝජන අවස්ථා රටට උදා වන්නේ එමගින් බව ද ජනාධිපති ලේකම්වරයා පැවසීය.

භූගෝලීය පිහිටිමේ ආර්ථික වාසිය ලබා ගැනීමට කලාපයේ බොහෝ දෙනෙක් අපේ රට දෙස බලා සිටිති. ඔවුන්ගේ ආර්ථික ප්‍රබෝධයට විකල්ප මධ්‍යස්ථාන අවශ්‍ය අතර එම ආර්ථික ප්‍රබෝධය මතු වන්නේ මෙතෙක් පැවති ආර්ථික ක්‍රියාවලිය තුළ නොව හරිත ආර්ථිකයක්, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණය සහ ඩිජිටල් ආණ්ඩුකරණය යන ක්ෂේත්‍ර පදනම් කරගත් අවශ්‍යතා මත බව ද ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය.

කොවිඩ් වසංගතය නිසා ලෝක ආර්ථිකයට සිදු වූ හානිය සහ ශ්‍රී ලංකාවට වූ බලපෑම පිළිබඳ මෙහිදී ජනාධිපති ලේකම්වරයා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළ අතර එම තත්ත්වය යටතේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, සෙසු වියදම් කප්පාදුවකින් තොරව සිදු කිරීම සහ ජන ජීවිතය අඩපණ වීමට ඉඩ නොතබා රජය ගෙන ගිය ආර්ථික ක්‍රියාවලිය ද පැහැදිළි කරනු ලැබීය.

කොරෝනා වසංගතය සමග ලෝකයේ මෙන්ම අපේ රටේ ද සැපයුම් ක්‍රියාවලිය අඩපණ වූ බව පිළිගත යුතුය. රටේ නිෂ්පාදන ඉහළ නංවා ගැනීමට මෙන්ම බෙදාහැරීමේ ක්‍රමවේද සකස් කරගත යුතු බව පෙන්වා දුන් පී.බී. ජයසුන්දර මහතා අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කිරීමෙන් රට කඩිනමින් යථා තත්ත්වයට පත් වනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

රට සාමාන්‍යකරණය වීමත් සමග නව ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පැවසීය. දිගින් දිගටම අය වැය පරතරය ඉහළ අගයක් ගැනීම රටකට හිතකර තත්ත්වයක් නොවන අතර මෙවර අය වැයේදී එම පරතරය අඩු කර ගැනීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන බව මුදල් ලේකම්වරයා පෙන්වා දුන්නේය.

– ජනාධිපති මාධ්‍ය අංශය

38,807 views

17 Comments to “මෙවර ඉදිරිපත් කරන්නේ සාම්ප‍්‍රදායික නොවන අයවැයක්…- PB”

  1. api donanna ඩොලර් says:

    ආර්ථිකේ මැරෙන්න කලින් ලියන අන්තිම කැමති පත්තරේ.

  2. ජීවක says:

    අපි චන්දෙයක්වත් දුන්නේ නැතුව (කවදාවත් දෙන්නෙත් නැති) හොරෙන් රිංගපු වසලයා බැසිල් කිව්වා වගේ දැනටමත් කෙල වෙලාම ඉන්න ජනතාවගෙන් බදු ගහලා අයවැය හිඟය පියවපන්. තොපේ හොර සල්ලි පිටරට ගෙනිහින් හන්ගපන්. බොලාවත් දැන් කලින් යහපාලන නඩේ වගේම එපාම වෙලා ඉන්නේ. තොපි මොකා ආවත් තොපි එකතුවෙලා ජනතාව අන්දලා ජනතාවගෙන් හොරාකාගෙන මැක්කෝ වගේ ජනතවගේ ලේ උරන් පවුල් පිටින් යැපෙන එක ඇරෙන්න වෙන කොරන මගුලක් නැහැ. තොපි සෙට් එකම දැන් හොඳටෝම ඇති. තොපිට සාපම වේවා.

    • Citizen says:

      How come we have a non elected Finance Minister who is an American Citizen in charge of our Finances.. ?

  3. කාලකන්නි සෙට් එක says:

    මුං කම්බ හොරු…මුන්ව ළංකර ගත්ත කියන්නේ සතයක් නැතුව හිඳලා දානවා රටේ සල්ලි..එක පැත්තකින් රාජපක්ෂලා….අනිත් පැත්තෙ හොර ඇමතියෝ සෙට් එක….අනිත් පැත්තෙන් මුන් …… රටම ඉවරයි ….දැන් අර පඹයා ආයෙත් එන්න හදනවා…සිරිසේන ඉතුරු ටිකත් අරගෙන ගියේ …අන්තිමට ඌ හිටිය ගේත් අරගත්තා

  4. Godwin says:

    මේ කියන්නේ මෙලෝ වැඩකට නැති දේවල් ටිකකට මුදල් යොදවනවා කියලා. මිනිස්සුන්ට කන්ඩ නැහැ, රටේ වගා කරන්ඩ පෝර නැහැ. පෝර ගේන්ඩ සල්ලි නැහැ. රටට සල්ලි ගේන ඇගලුම් වගේ ඒවාට අමුද්‍රව්‍ය ගේන්ඩ සල්ලි නැහැ. රටට විනිමය ගේන වාණිජ භෝග වලට උවමනා පෝර ගේන්ඩ සල්ලි නැහැ. හැබැයි කිසිම සැලැස්මක් නැති දැක්මක් නැති බොරු වචන ටිකක් පෙන්නලා ලොකු උන්ට ඇති පදමට ගහගන්ඩ හදන අයවැයක් කියලනේ කියන්නේ… තොපි ඔක්කොම සනුහරේ පිටින් නැති වෙච්ච දාට තමා බොල ලංකාවට කිරි උතුරන්නේ…

  5. 3% ට බය බයියා. says:

    පොහොට්ටුව ගොඩ රට වලපල්ලට ජනතාව කනත්තට ගෙනියන එකක් වෙන්න පුලුවන් ?

    • Water Margin says:

      ඉන්දියාව පළාත් සභා හදුන්වා දෙනකොට පලා බබා අපට එපා කියන්න බාලාංශ ලමයින්ව පොලඹවපු කුහක ජෙප්පන් අද මැරීගෙන පළාත්සභා වලට තරග කරනවා
      චීන සයිනොෆාම් එනකොට ඒක WHO අනුමත නෑ කියලා අවලාද ‌නගපු කුහක ජෙප්පන් සයිනොෆාම් ලංකාවට ආවට පස්සේ බෙදා ගන්නට පොර කෑවා.
      ඉන්දියාවෙන් හා චීනයෙන් එන පොහොර වලට ඉන්දියන් හුජ්ජ හා චීන ගූ කියලා මහා අවලාද නගන කුහක ජෙප්පන් මේ පොහොර ලංකාවේ බෙදන්න පටන්ගත් විට මේ ‌පොහොර බෙදිල්ලේ අක්‍රමිකතා තියනවා කියලා මොරදෙන විදිය ඔන්න බලාගන්න.

      • Sahan says:

        හරි එහෙමනම් තෝ ආයෙම රාජපක්ෂලාට ඡන්දේ දීලා උන් එක්කම ඇමරිකාවට තොලංචි වෙයන්

      • LalithM says:

        ජෙප්ප නොවේ රට විකුණාගෙන කන්නේ චීන අසූචි කන්නේ පොහොට්ටුවේ ජඩයෝ.

      • 3% ට බය බයියා. says:

        ඔයා දැන් ජීවත් වෙන්නේ ලංකාවේ ද? ආනයනය කරන පරිප්පු ,කඩල වැනි ආහාර ද්‍රව්‍ය වල රසායනික පොහොර තියෙනවා කියලා බුද්ධිමත් ජනතාව දන්නවා .රට විජාතිකයන්ට විකුණන එක නවත්වන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .රණවිරුවන් 3000ක් ඝාතනය කරපු ,ශ්‍රී මහ බෝධිය ලේ විලක් කරපු ,අරන්තලාවේ හාමුදුරුවන් 32ක් අපවත් කරපු දලදා වහන්සේ බිමට සමතලා කරපු LTTE නායකයන්ට රජසැප දුන්නේ පොහොට්ටුවේ කට්ටිය තමයි .

  6. Pera says:

    When you see these liars it reminds us of their mothers.

  7. Gamarala says:

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර වහාම එම ධුරයෙන් ඉවත් කළ යුතු බව නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ රජයට අවධාරණය කරන ලද්දේ වත්මන් ජනාධිපති ලේකම්වරයා ඉවත් නොකරන්නේ නම් ඉතාම නුදුරු අනාගතයේදී ඊට එරෙහිව දැඩි විරෝධයක් දැක්වීමට සිදුවන බවයි.

  8. Gamarala says:

    ”ඕනෑම කෙනෙක් ළඟ ඉන්නවා කේවට්ටයෝ කියලා පිරිසක්. පුරෝහිතයෝ කියලා පිරිසක් ඉන්නවා. මේ පුරෝහිතයෝ ඇවිල්ලා යමක් කිව්වොත් ඕවා තමයි ඇදගන්නේ. අද අපිට පේනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඉන්න ලොකුම කේවට්ටයා තමයි ආචාර්ය පී. බී.ජයසුන්දර ජනාධිපතිවරයා මේ ප්‍රපාතයට ඇදලා දැම්මේ කවුරුවත් නෙමෙයි. ආචාර්ය පී. බී. ජයසුන්දර මහත්මයායි . ඔය ආචාර්ය මහාචාර්යවරු කියන අය ජනතාවගේ දුක දන්න අය නෙමෙයි. කැරකෙන පුටුව කැරකි කැරකි මුහුදු සුළං වැදි වැදී ඒගොල්ලො කටයුතු කරන්නේ. පී. බී. ජයසුන්දර මහත්තයා ඉවත් කරලා බලන්න ඉවත් කරලා බලලා මේක ගෙනියන්න පුළුවන් ලේකම් කෙනෙක් පත් කරගන්න”
    නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි.වරක් පැවසුවා.

    • LalithM says:

      මුරුත්තෙට්ටුවේ පූස් පැටිය දැන් පුරු පුරු ගානව නන්දෙගේ ගුණ කිය කිය. නර්ස් නෝනලා කොස්ස අරන් පන්සල් ගේට්ටුව මුර කරනවලු එලියට එනකම් එයාව බ්‍රෂ් කරන්න.

  9. අසීරැ අවස්ථාවේ සිදුවන පාළනයේ වෙනසසට සුදානම් විය යුතුයි,.! says:

    අසීරැ අවස්ථාවේ සිදුවන පාළනයේ වෙනසසට සුදානම් විය යුතුයි,.!

    ”’ක්‍රීයාත්මක විමක් නොමැතිනම් හෝ රටේ පාළනය වෙනස්කිරිමට ගැටළු පවතීනම් රට හමුදා පාළණයට නතු කිරීමට සියළු කටයුතු සූදානම්,.!

    ”සාම්ප්‍රදායක දේශපාළනයෙන් වහාම ඉවත්වී රට ගොඩනැගිමට සඳහා ”රනිල් සහ රාඡපකෂයන්ගෙන් තොරව”සංවිධානය වී කටයුතු කරන ලෙස දැනුමි දී සිටින වගයි,.!

    ”වහාම ඡනාධිපති මැතිවරණයේදී විඡේදාස රාඡපකෂ ඡනාධිපති බවට පත්කීරීමට කටයුතු සංවිධානය කළ යුතුයි,.!

    “‘බටහිර ගැතිව රට විණාශ කරනා රාඡපකෂ පාළණය ‘නිශ්ක්‍රීය’ කරමින් යුධහමුදාව ශ්‍රී ලංකාවේ පාළණයට මැදිහත්විමට කටයුතු සියල්ල සුදානම් වන අතර ”දකුණු ආසියාව භාරව කටයුතු කරනා ”අසහාය ”හෙළ යුධ සෙන්පතියකු” රට භාර ගැනිමට නියමිතයි,. !

    ”ඵම අතුරැ සැලසුම ක්‍රීයාත්මක නොකිරීමට නම්,. වහාම විඡයදාස රාඡපකෂ විරවංශ ඵකඟතාවයකට පැමිනිය යුතුයි,.!

    නිතියේ අධිපත්‍ය ස්ථාපිත කිරීමට නීතිය බළගැන්වීමට සඳහා ”නාගානන්ද සමග සාකච්චාකළ යුතුයි,.!”

    ”ඡනතාව විශ්වාසයෙන් යුතුව සාමකාමීව අසීරැ අවස්ථාවේ සිදුවන පාළනයේ වෙනසසට සුදානම් විය යුතුයි,.!

  10. ''පී.බී. ජයසුන් '' වහාම දූරයෙන් පළවා හරිනු,.! says:

    ”ආර්ථික ඝාථකයා බටහිරගැති වංචනිකයා ”පී.බී. ජයසුන් ” වහාම දූරයෙන් පළවා හරිනු,.!

Main News