මෙවර නාම යෝජනා අනුව ජවිපෙ පස්වෙනි බලවේගයයි.. පැරණි පාර්ලිමේන්තුව කැදවන්න මේ තරම් දත කන්නේ ඒ නිසා..

May 3, 2020 at 5:30 pm | lanka C news
මෙවර නාම යෝජනා අනුව ජවිපෙ පස්වෙනි බලවේගයයි.. පැරණි පාර්ලිමේන්තුව කැදවන්න මේ තරම් දත කන්නේ ඒ නිසා..

පළාත් පාලන මැතිවරණය වසර එකහමාරකින් කල්දැමූ, පළාත් සභා මැතිවරණය වාෂ්ප කර දැමු රනිල් – සජිත් – අනුර – හකීම් කල්ලිය කොවිඞ් වෛරසය පෙරට දමමින් තමන්ගේ මැතිවරණයකට යාමට ඇති බිය වසා ගැනීමට හදන බවත් ඒ සඳහා දැන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සහ නීතිමය වෙට්ටු උපයෝගී කර ගනිමින් සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.

අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

තම 2015 – 2019 පාලන කාලය තුළ ජනතාවට ලබා දුන් කිසිවකුත් නොමැති නිසා මෙම රනිල් – සජිත් – අනුර – හකීම් හවුල ජනතාව ඉදිරියට යාමට නොහැකිව බියෙන් සලිතව සිටින බවත් ඒ බිය නිසාම ඔවුන් පසුගියදා සජිත් ප්‍රේමදාසගේ අලුත් පක්ෂයේ අපේක්ෂකයෙකුගේ පුත්‍රයකු ලවා ඡන්දය කල් දමන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරවා ඇති බවත් මුසම්මිල් මහතා අවධාරණය කර සිටියේය.

‘කොවිඞ් බිංදුව වන තෙක් සිටීම’

කොවිඞ් – 19 වසංගතය ලොව පුරා පැතිර ගොස් ඇති බවත් එය නිම වන දිනයක් කිසිවෙකුටත් පැවසිය නොහැකි නිසා සෞඛ්‍යාරක්ෂිතව ලෝකවාසීන්ට තම ආර්ථික – සමාජ ක්‍රියාකාරකම් පවත්වාගන්නා අතර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරකම් ද පෙර පැවති තත්ත්වයන්ගේ යම් වෙනසක් සහිතව පවත්වාගෙන යාමේ අභියෝගය මතුව ඇති බවත් ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම යථාර්ථයට පිටුපා යමින් මෙරට මැතිවරණ කොමිසම මහ මැතිවරණය පැවැත්වීම කොවිඩි – 19 පැතිරයාම බිංදුව වන තෙක් කල් දමා ඇති බවටත් එසේම එය අද රනිල් – සජිත් – අනුර – හකීම් කල්ලියට පරාජයේ විලිවසා ගැනීමට උපකාර කරමින් ‘මැතිවරණ නොපවත්වන කොමිසමක්’ බවට පත්ව ඇති බවටත් මුසම්මිල් මහතා චෝදනා කර සිටියේය.

‘ජවිපෙට 3%ත් නැහැ’

කොරෝනා වසංගතය හේතුවෙන් ජනතාවට සිදුව ඇති අපහසුතා ගැන කිඹුල් කඳුළු හෙළමින් යළිත් ගල් පැලෙන බොරු සමාජගත කරමින් සිටින ජවිපෙ නායක අනුර දිසානායක ඒ හරහා තම පක්ෂයට අවසන් වරට මැතිවරණයක දී ලැබුණු 3%ක ඡන්ද ප්‍රතිශතය රැක ගැනීමේ අසාර්ථක උත්සාහයක නිරතව සිටින බව ද මෙහිදී ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඊයේ ((02)) මැතිවරණ කොමිසම කැඳවා තිබූ රැස්වීමකදී මහා මැතිවරණය සඳහා යළි නාමයෝජනා කැඳවන ලෙසට අනුර දිසානායක කළ ඉල්ලීම පිටුපස ඇත්තේ රනිල් – සජිත් දෙපිලට යළි එක්ව නාමයෝජනා ඉදිරිපත් කිරීමට ඉඩකඩ සලසා දී තම පක්ෂය පස්වැනි තැනට වැටීමෙන් ගැලවීම බවත් පෙන්වා දුන් මුසම්මිල් මහතා, ජවිපෙට එවැනි පටු උවමනාවන් මිස කිසිදු ජනතාවාදී උවමනාවක් නොමැති බවත් සඳහන් කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

34,220 Viewers

29 Comments to “මෙවර නාම යෝජනා අනුව ජවිපෙ පස්වෙනි බලවේගයයි.. පැරණි පාර්ලිමේන්තුව කැදවන්න මේ තරම් දත කන්නේ ඒ නිසා..”

  1. සමන් says:

    රටේ ජනතාවගේ නුවැණස කවදා පෑදේ දැයි අපි නොදනිමි .අප රටේ චන්දය ප්‍රකාශ වනුයේ පෞද්ගලික ලාභයේ ප්‍රමාණය අනුවය . කෙසේ වෙතත් රටේ අවංක ජනතා නියෝජනයක් දැකිය හැකිනම් නම් ඒ ජේ.වී පිය තුල පමණි .

    • Chatura putha says:

      රටේ ජනතාව ඉතාමත් අවදියෙන්.3% මෙදා පාර 0%කරන්න තරම් ජනතාව බුද්ධියෙන් සන්නද්ධ වෙලා හමාරයි. අන්න එදාට ජනතා නියෝජනය කොහෙද කියල උඹට බලාගන්න පුළුවන්

    • 😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆

      😅😅😅😅😅😅😅😅😅😅…..

      😠😠😠😠😠😠………

      ඔන්න මම මුකුත්ම කිව්වෙ නැහැ හොඳේ……සහාවේ සිනා පමණි.

    • Former JVP says:

      JVP එක 3% බැස්සුවේ ජනතාවට සැබෑ නුවණැස පෑදුනු නිසා බව JVP වහලුන්ට තේරෙන්නේ නැත. ඒ බව උන්ට තේරුනද උන්ගේ කුහක බව නැමැති ජන්ම ගතිය නිසා උන් එය පිලිගැනීමට කැමැති නැත.

      දාර්ශණික මඟක් තිබූ උදාර පක්ෂයක් අනුර නැමැති කාලකණ්ණියෙකුගේ මූසල නායකත්වය නිසා එක එකාගේ උශමනා එපාකම් ඉටකරන කාලකණ්ණි පක්ෂයක් බවට පත්ව ඇත. අප වැනි ලක්ෂ3-4 ක් වූ පාක්ෂිකයන් පක්ෂයහැර ගියේ ඒ නිසාය.

      ඌගේ මේකප් කල මුහුණට රැවටුනු නුඹ වැන්නන් තවමත් එහි දාසයන් වීමෙන් පෙන්නුම් කරන්නේ පාදා ගැනීමට තරම්වත් නුවණැසක් නුඹලාට ඇත්ද යන්නයි.

      • සුනිල් says:

        අනේ දෙවියනේ අපිට දැන්නෙ තේරුනේ සාඩිං බයි නොනා. අපිත් ජේවීපී එකෙන් අයින්වෙලා සාඩිං බයියෙක් වෙන්නම් හොදේ.

        • රංජා says:

          ඔයා එන්න සුනිල් මල්ලි සජබ. ඔයා වගේ බැක් සයිඩ් ok කට්ටිය එකතු වෙන්නෙ මෙහෙට.

  2. මාමාණෝ says:

    මොන මගුලකටඩ මැතිවරණ දෙපාර්තුමෙන්තුවේ එවුන්ට පඩි ගෙවන්නේ ? අවුරුදු 4,5 කට පාරක් චන්දේ එන්නේ. උන් ඒක කරන්නත් බැහැ කියනවා.

  3. 77 UNP says:

    දෙකට බෙදිලා චන්දෙ ඉල්ලන මාතර දිස්තික්කයේ ඊළඟ මැතිවරණෙන් තරංග කරන UNP යේ ඉන්න පාදඩ බෙදුම්වාදී දේශ ද්‍රෝහියා වන මංගල අනිවාර්යෙන්ම ගෙදර බව සහතිකයි. 2015 අද පොහොට්ටුව එදා පො.ජ.එ.පෙ. 5 සහ UNP 3 දිනාගත්තා. එදා පාවාදීම් සහ පසුබෑම් මධයේ ලැබුණ චන්ද ප්‍රමාණය අනුවත් 2020 චන්ද ප්‍රථිපලේ පොහොට්ටුව ආසන 5 සහ රනිල් පාර්ශවය 1 සජිත් පාර්ශවය 1 පමණයි ලබන්නේ. නමුත් අද මාතර දිස්තික්කයේ දුරකතනෙට ලැබෙන එකම එක ආසනේ ලැබෙන්නේ හැමදාම ප්‍රථමයා වන බුද්ධිකට මිස මංගලට නොවේ. ඒ නිසා වියුරු වැටිලා ඉන්න මංගලගේ උත්සාහය කොහොමහරි මන්ත්‍රීකම ගන්න බුද්ධිකට වඩා මනාප ගන්න. ඒ සඳහා පාක්‍ෂිකයන් අතර වීරයා වෙන්න හොඳම විධිය ලෙස මූ තෝරාගෙන තියෙන්නේ ජනාධිපති තුමාට තර්ජනය කරලා UNP මෝඩයන් කට්ටියගේ මනාප උපයන එක. යම් විධියකින් අත් අඩංගුවට පත්වුනොත් UNP එකේ අනුකම්පා මනාප ටිකත් අරගන්න එක. කොහොමහරි මන්ත්‍රීවෙන්න. ඒ අනුව බෙදුම්වාදීන්ගේ ප්‍රධාන ආධාරකරුවා නිකම්ම නිකමෙක් වෙනවා. ඒක තමයි TNA සහ බෙදුම්වාදී කඳවුර ලබන එක පරාජයක්. අනික බෙදුම්වාදීන්ට රෙදි නැතිව කඩේ යන JVP යට ලැබෙන්නේ ලංකාවේ චන්ද සංඛ්‍යාව අනුව 5 වෙනි ස්ථානයයි, මුස්ලිම් පක්‍ෂ UNP එකත් එක්ක ඉල්ලුවොත්. මමුස්ලිම් පක්‍ෂ වෙන වෙනම ඉල්ලුවොත් 7 හෝ 8 තමයි.

  4. අල්ලපු ගෙදර තිනන් says:

    සීනුව බලවේගයක් වෙන්නෙ කොහොමද මුසම්මිල් මහත්තයෝ? ඒක ගූ ඇන් පී යට විකුණලා නොවැ

    ඡන්ද 1%ක් වත් ඊළඟ ඡන්දෙදි නෑ. ගිය ඡන්දයෙන් ඇපත් නෑ. ඉතිං මොන බලවේගද? පණ අදිමින් ඉන්නෙ.

Main News