මෙවර පෙරහර නරඹන්න මෙවර ජනතාවට පැමිණීම තහනම්.. ..

June 12, 2020 at 6:48 pm | lanka C news
මෙවර පෙරහර නරඹන්න මෙවර ජනතාවට පැමිණීම තහනම්.. ..

සාම්ප්‍රදායික සහ ආගමික චාරිත්‍රවලට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රධාන පූජ්‍යස්ථානවල හා දේවාලවල මෙවර පෙරහර සංවිධාන කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිළමේවරුන්ට උපදෙස් දෙයි.

මහනුවර දළදා මාළිගාව සහ කතරගම, දෙවිනුවර, සබරගමුව ඇතුළු දේවාල මුල්කර ගනිමින් පැවැත්වෙන පෙරහර කොවිඩ් මර්දනයට සහාය වෙමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදුවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

වාර්ෂික පෙරහර මෙවර සංවිධාන කළයුතු ආකාරය පිළිබඳව කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සහභාගීත්වයෙන් අද (12) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ උපදෙස් දුන්නේය.

මෙවර කවර හෝ සිද්ධස්ථානයක පෙරහරට සහභාගීවීමට සහ එය නැරඹීමට මහජනතාවට අවසර නොලැබේ. යාපනයේ නල්ලූර්, ත්‍රිකුණාමලය සහ නැගෙනහිර සෙසු ප්‍රදේශවල සිට පාද යාත්‍රාවෙන් කතරගම පෙරහරට පැමිණෙන පිරිසටද මෙවර අවසර නැත.

සියලු පෙරහර අඩුම කලාකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් සිදු කිරීමේ අවශ්‍යතාව කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අවධාරණය කළේය. විවිධ ප්‍රදේශවලින් පෙරහරට සහභාගීවන කලාකරුවන් අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් වාර්තාවක් ලබාගත යුතු බවට ද තීරණය කෙරිණ. දිය කැපීමේ උත්සව ද අවම සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් කළයුතුය. දළදා පෙරහරේ කුඹල් සහ රන්දෝලි පෙරහර වීථි සංචාරය කරන දින 10ම සජීවිව රූපවාහිනියෙන් විකාශය කිරීමට සැලසුම් කර ඇතැයි සඳහන් කෙරිණි.

ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහත්වරු සහ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සහ දළදා මාළිගාවේ දියවඩන නිලමේ සහ දේවාලවල ප්‍රධාන බස්නායක නිලමේවරු සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

207 views

18 Comments to “මෙවර පෙරහර නරඹන්න මෙවර ජනතාවට පැමිණීම තහනම්.. ..”

  1. jagath says:

    Mala gewal wala vitharai yanna puluwan Amathiwarunge…………….

  2. ඒක වටිනා තීරණයක්. නැතිනම් පෙරහැර බලන්න එන සෙනග නිසා මුලු රටම අනතුරේ වැටෙනවා.

    • Senalika says:

      කාලකන්නි බල්ලෝ, එතකොට තොන්ඩගේ මලගෙදර

      • ජනහිත says:

        තොන්ඩගෙ මලගෙදරට බල්ලො එනවයි කියල මේ ඇහුවමයි.

        • ගොනාකෝවිලේ රාජා says:

          බල්ලො කෙසේ වෙතත් බැල්ලියොනම් ගිහින්ල තියෙනවා. ඔය Senalika කියල කොමෙන්ට්දාල තියෙන්නෙත්
          ඒ ගිය එකියෙක් තමයි.

      • GU-VP SAKKILI API says:

        ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය කොරෝනා මර්දනය හමුවේ සාර්ථක පියවර ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

        ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය කොරෝනා මර්දනය හමුවේ සාර්ථක පියවර ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

      • GU-VP-Senalika says:

        Palla GU-VP paraya, kalla kanni mini-maruwo topi
        Dup balla

  3. kamal says:

    මාර්ගය තිය‍ෙන්න‍ෙ අවිහිංසාව තුල නෙවෙයිද අවිහිංසාව තරම් සිත පුබුදු කරන වෙන ධර්මයක් මම දන්නෙ නැ දියසෙන් කුමාරයා

  4. kamal says:

    1.do not open market for foreigners 2 do not give budget deficit more than 3% it can allow only for you indians sri lanka budget deficit is 80% but i can recover economy if i selected as prime mister 3 you love your teacher kamal and his teacher up right kiribathgoda gnanandha arhath himi 4 you love your people and your system as example not for fried rice chiken curry. you love your teacher kamal desert toasted milk and honey. and spread cow planning as fertilizer food, drink, medicine and labour5you love your teacher kamal ability and teachers ability 6 economy should be self sufficiency or self reliance as kamal inspect you in coming december 26.

  5. sunimal says:

    මෙය විදේසිකයන්ටත් පොදු විය යුතුයි

  6. kamal says:

    Modi you love your teacher kamal or King magada ajasatta. This is the scenario about environment you have to protect it or you go for high rise building projects or flats and protect land for cultivation and reservation. But you can clear another 2% of rajagaha nuwara jaungle and make cow farm there. But you make cheese butter don’t second to Australia and newziland where your the leaders of cattle farming of the world.

  7. උක්කුං මල්ලී says:

    තොණ්ඩමන් ගේ පෙරහර මංගල්‍යය ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කිරීම ගැන අපේ රජතුමා ට අපගේ බලවත් ප්‍රසාදය. දළඳා පෙරහැර ඉතා සුළුවෙන් පවත්වමු.

  8. Sirimal says:

    Honda decision ekakat waradi hoyanna epa

  9. Jagath says:

    පෙරහැර වගේ ද යකෝ තොන්ඩමන් ගේ චන්ද ටික……

  10. MD says:

    කුඩු,බාර්, පොකට් කාරයන්ට මාර පාඩුවක්.😭😭😭

Main News