මෙවර මැතිවරණයේදී සියයට අනූවක් (90%) ඡන්දය නොදීමේ තිරණයක…
December 24, 2017 at 12:40 pm | lanka C news
මාතලේ දිස්ත්‍රික්කයේ වතු ආශ්රිත ද්‍රවිඩ ජනතාව මෙවර පළාත් පාලන මැතිවරණයේ දී සියයට අනුවකට ආසන්න පිරිසක් ඡුන්දය නොදීමට තිරණය කර ඇතැයි වතු ආශ්රිත වෘත්තීය සමිති ස`දහන් කරයි.
මේ අතර මාතලේ දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව හා ප්‍රධාන නගර ආශ්‍රිතව දෙමළ ප්‍රජාව පනස් පන්දහසක් පමණ ජීවත්වන බව මාතලේ දිස්ත්‍රික් වතු වෘත්තීය සමිති කියා සිටිති.
සුදු අධිරාජ්‍ය සමයේ සිට වතු ආශ්‍රිතව වගා කෙරුණු තේ හා රබර් වගාවන් හි සේවය ස`දහා දෙමළ වැසියන් මාතලේ දිස්ත්‍රික්කයට පැමිණ ඇත.
පැවැති රජයන් තුළින් හා දෙමළ නායකයින් තුළින් දෙමල ප්‍රජාවට ඉටුවු සේවාවක් නැතැයි පවසන වතු කම්කරුවෝ මෙවර ඡන්දයේ දී ඡන්දය දීමෙන් වැලකී සිටීමට තිරණය කර තිබේ.
නාලන්ද, ගම්මඩුව,මිල්ලවාන ,ඇල්කඩුව, ඕපල්ගල, නිකොලඔය, මැදවත්ත, බෙලිගමුව ෆාම්, ඕවිලිකන්ද, රත්වත්ත, හපුගස්ලිටිය, හුණුගල සහ තඹලගල ආදී වතු ආශ්‍රිතව වතු කම්කරුවෝ ජීවත් වන ප්‍රදේශ වෙති.
මීට අමතරව මාතලේ,රත්තොට හා නාඋල ආදී නගර ආශ්‍රිතව ද ද්‍රවිඩ ප්‍රජාව ජිවත් වෙති.
එම ප්‍රදේශ වල බොහෝ වතු කම්කරුවන් කියා සිටියේ වසර ගනනාවක සිට සිය මුලික අවශ්‍යතා පවා සපුරාලීමට කිසිදු දේශපාලන පක්ෂයක් සමත්ව නොමැති බවයි.
මේ වන විටත් වතු ආශ්‍රිතව වෙසෙන ද්‍රවිඩ ජනතාව දැඩි අපහසුතාවයන්ට මුහුණ දෙන බවත් ඔවුහු සදහන් කරති.
දෙමළ ජනතාවගේ අභිප්රායන් ඉටුකරන බව පවසමින් ප්‍රධාන දේශපාලන ප්රවාහයන් දෙකට සම්බන්ධ වන දෙමළ නායකයින් ද ඔවුන්ගේ සුභ සිද්ධිය පිනිස කටයුතු කරන බවත් මේ සියල්ල සැලකිල්ලට ගෙන මෙවර ඡුන්දයේ දී නිහඩ පිළිවෙතක් අනුගමය කරන බව ද ඔවුහු පවසති.
පානිය ජලය,නිවාස ,සෞඛ්‍ය මෙන්ම අධ්‍යාපන ආදි ගැටළු රැසකට තවමත් මුහුණ දෙන වතු කම්කරුවෝ මේ වන විටත් දැඩි දුෂ්කරතා මැද ජීවත් වන බවත්, ලිංගික සූරාකෑම් මෙන්ම විවිධ අපයෝජන සදහා ද්‍රවිඩ දරුවන් ගොදුරු කර ගැනීම් වැනි කාරණා සම්බන්ධයෙන් බලධාරින්ගේ අවධානය ගිලිහීම මැතිවරණයට දායක නොවීමට තවත් කරුණක් බව වතු කම්කරුවෝ වැඩිදුටත් ස`දහන් කරති.
– ඉන්දික අරුණ කුමාර
මහරගම අපිත් චන්දය කුරුටුගාල දානව.