මෙවර G7 කණ්ඩායමේ ආරාධනාවක් ලංකාවේ රාජ්‍ය නායකයාට නැති නිසා නව ලෝක බලවතුන් 5 ක් හමුවීම ගිලිහුනා.. ඒ වෙනුවට අප්‍රිකාවේ රාජ්‍ය නායකයින් 6 දෙනෙකු සහභාගි වෙලා…
May 30, 2017 at 1:20 pm | lanka C news
ලෝක බලවතුන්ගේ සමුළුව හෙවත් G7 කණ්ඩායමේ 42 සමුළුව පසුගිය වසරේ 2016 මැයි 26-27 දෙදින තුල ජපානයේ පැවත්වූ අතර ඒ සඳහා ආරාධිතයෙකු ලෙස සහභාගි වීමට ශ්‍රීලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද ආරාධනාවක් ලැබුණේ එම සමුළුවේ සත්කාරක රට වන ජපානයේ අගමැතිවරයාගෙනි.
මේ සඳහා ජපන් අගමැතිවරයා විසින් පිලිවෙලින් බංගලාදේශය, චැඩ්, ඉන්දුනීසියාව, ලාඕසය, පැපුවා නිව්ගිනියාව, ශ්‍රීලංකාව සහ වියට්නාමය මේ සඳහා ආරාධනා කරනු ලැබු අනික් රටවල් වන අතර එහි රාජ්‍ය නායකයින් ද එම සමුළුවවට සහභාගි විය. විස්තරය මෙතනින්
මෙවරත් G7 කණ්ඩායමේ 43 සමුළුව මැයි 26-27 ඉතාලියේදි පවත්වනු ලැබීය. ඒ ඉතාලිය සත්කාරක රට ලෙසයි, ඉතාලි අග්‍රාමාත්‍යවරයා ගේ ආරාධිත ලැයිස්තුවේ ශ්‍රීලංකාව මෙවර තිබුණේ නැත. G7 කණ්ඩායමේ සාමජිකයින් වන කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බ්‍රිතාන්‍යය, ඇමරිකාව, සහ යූරෝපිය කොමිසමේ සභාපති ඇතුළු එම රටවල රාජ්‍ය නායකයින් සහභාගි වී සිටි අතර ඉතාලි අගමැතිවරයාගේ ආරාධනයෙන් ආරාධිත රටවල් ලෙස ඉතියෝපියාව, ගිනියාව,කෙන්යාව, නයිජ්ර්. නයිජීරියාව සහ ටියුනීසායාව තෝරාගත් අතර එහි රාජ්‍ය නායකයින් ඒ සඳහා සහභාගි විය. විස්තරය මෙතනින්
මෙම වසරේදී G7 සමුළුව විශේෂිත වූයේ එම සමුළුවේ සාමාජික රටවල් 7 වෙනුවෙන් ප්‍රථමවර අලුතින් පත්වූ රාජ්‍ය නායකයින් ලෙස ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගි වීමයි. එමෙන්ම ප්‍රංශය නව ජනාධිපති එම්මානුවෙල් මාර්කොන් ඉතාලියේ නව අගමැති ප්ලෝ ජෙන්ටිලොනි, බ්‍රිතාන්‍යයේ අගමැති ත්රේරේසා මේ, යන රාජ්‍ය නායකයින් 5 දෙනෙකු සහභාගි විමයි, ඒ අනුව ශ්‍රීලංකාවට එම රාජ්‍ය නායකයින් මුණගැසී සාකච්ඡා කිරීමට තිබු අවස්ථාවක් අගිමි වි ගියේය.
පසුගිය වසරේ ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ශ්‍රීලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා G7 සමුළුවට සහභාගි වීම සම්බන්ධව විශාල ප්‍රචාරයක් ලබාදිමෙන් පැවසුවේ ” විරසක වු ලොව ලක්මවට මිතුරු කරමින් සහ රටට සංවර්ධන ප්රතිලාභ රැසක් අත්කරදෙමින් ජනාධිපති ජපන් නිල සංචාරය ආරම්භ කලා” යන්නය. එම වෙබ් අඩවිය මෙතනින්