මෙහෙකාර දැරියට මුල් මසට ලක්‍ෂයක් දීලා.. බදියුදීන් හා මස්සිනාද නිවසේ ඉදලා..

July 25, 2021 at 10:40 am | lanka C news
මෙහෙකාර දැරියට මුල් මසට ලක්‍ෂයක් දීලා.. බදියුදීන් හා මස්සිනාද නිවසේ ඉදලා..

බරපතළ ලෙස පිලිස්සී මියගිය දහසය හැවිරිදි දැරිය මෙහෙකාර සේවයේ යොදවා සිටි කාලයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ද එම නිවසේ පදිංචිව සිට ඇති බව පොලිසිය කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඉෂාලිනි ජූඩ් කුමාර් නමැති 16 හැවිරිදි දැරිය බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී රිෂාඩ් බදියුදීන් 2020 දෙසැම්බර් 11 වැනිදා සිට 2021 අප්‍රේල් 24 දක්වා මාස 04කට අධික කාලයක් එම නිවසේ ඉහළ මාලයේ පදිංචිව සිට ඇති බව පොලිසිය කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

2004 නොවැම්බර 12 වැනිදා උපත ලබා ඇති ඉෂාලිනි දැරිය තැරැව්කරුවකු මාර්ගයෙන් රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට පැමිණ ඇත්තේ 2020 නොවැම්බර් 18 වැනිදා බව වාර්තා වෙයි. දැරිය මෙහෙකාර සේවයට යොදවා ගන්නා අවස්ථාවේ දී රිෂාඩ් බදියුදීන් පොලිස් අත්අඩංගුවේ පසු වුවත් ඔහු ඇප මත නිදහස්ව 2020 දෙසැම්බර් 11 වැනිදා නිවසට පැමිණ තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඉන් අනතුරුව පාස්කු ප්‍රහාරයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් 2021 අප්‍රේල් 24 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්නා තුරු මෙහෙකාර දැරිය සිටි නිවසේ පදිංචිව සිට තිබේ.

මියගිය දැරියගේ මව වන රාජමානික්කම් රංජනීගෙන් බොරැල්ල පොලිසිය ලබා ගත් ප්‍රකාශයේ, දැරිය මෙහෙකාර සේවයට පැමිණි දිනයක් නිශ්චිතව සඳහන් කර නොමැති අතර, පසුව ඇය සඳහන් කර ඇත්තේ දැරිය 2020 නොවැම්බර් මාසයේ දී මෙහෙකාර සේවයට ගොස් ඇති බවයි.

ඉෂාලිනි කොළඹ ගොස් සතියකින් රුපියල් 40000ක්ද, මසකට පසුව රුපියල් 60000ක්ද දැරිය රැගෙන ගිය සංකර් හරහා මට එවා තිබුණා. පසුව 2021 පෙබරවාරි මාසයේ දී රුපියල් 40000ක්ද, අප්‍රේල් මාසයේ දී රුපියල් 60000ක්ද සංකර්ගේ ගිණුම් හරහා ලැබී මට ලබා දුන්නා’’ යැයි දැරියගේ මව පොලිසියේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර තිබුණි.

මේ අතර රිෂාඩ් බදියුදීන් සිටි නිවසේ මීට පෙර මෙහෙකාර සේවයේ නිරතව සිටි 22 හැවිරිදි තරුණියක දූෂණය කිරීම සම්බන්ධයෙන් බදියුදීන්ගේ බිරිඳගේ සොහොයුරා අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

‘‘පිලිස්සී මියගිය දැරිය රිෂාඩ් බදියුදීන්ගේ නිවසට පැමිණීමට පෙර, එම නිවසේ 2015 වසරේ සිට 2016 දක්වා සේවය කළ තරුණියක්, බදියුදීන්ගේ බිරිඳගේ සොහොයුරා අතින් දෙවරක් දූෂණයට ලක් වී තිබෙන බව එම තරුණියගේ ප්‍රකාශ අනුව හෙළිදරව් වුණා.’’ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසීය.

කෙසේ වෙතත් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ මස්සිනාද ඉෂාලිනි ජූඩ් කුමාර් දැරිය එම නිවසේ සිටි කාලයේ සිට ඇති බව වාර්තාවේ.

පිලිස්සී මියගිය දැරිය බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට රැගෙන ආ තැරැව්කරු විසින්ම, එලෙස දූෂණයට ලක් වූ තරුණිය ද රැගෙන විත් තිබෙන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඉෂාලිනී දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව රිෂාඩ් බදියුදීන්ගේ බිරිය වන 46 හැවිරිදි ශෙයාබ්දීන් අයේෂා, ඇගේ පියා වන මොහොමඩ් ශෙයාබ්දීන් සහ දැරිය මෙහෙකාර සේවයට රැගෙන ආ තැරැව්කරු වන පොන්නයියා සංකර් නමැත්තා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කරනු ලබයි.

දැරිය පිලිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහල වෙත ප්‍රතිකාර සඳහා භාර දීමේ දී ඇයගේ වයස 18ක් ලෙස සඳහන් කරමින් එය වෛද්‍ය වාර්තා වෙත ඇතුළත් කිරීමේ සිද්ධියක් පිළිබඳවද බොරැල්ල පොලිසිය පරීක්ෂණයක් පවත්වයි.

දැරිය මිය යාමේ සිද්ධිය පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදු කිරීම සඳහා අවශ්‍ය නීතිපති උපදෙස් දීමට නීතිපති සංජය රාජරත්නම් විසින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ගේ ප්‍රධානත්වයෙන් යුත් රජයේ නීතිඥ මණ්ඩලයක් පත් කර තිබෙන අතර එහි මූලික වාර්තාවක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත හෙට (26 වැනිදා) ඉදිරිපත් කිරීමට නියමිතය.

– aruna

93,870 views

11 Comments to “මෙහෙකාර දැරියට මුල් මසට ලක්‍ෂයක් දීලා.. බදියුදීන් හා මස්සිනාද නිවසේ ඉදලා..”

  1. දැක්කොත් බූවා says:

    බොරුවට රඟ දක්වනවා…හැමදාම මේ වගේ මිනිස්සුන්ට ටොපි දීලා ඇතිවෙලා නැද්ද මේ කාලකන්නින්ට …තාමත් කරන්න රවට්ටන එක…හරියට නීතිය ක්‍රියාත්මක wenawanam ඇතුලේ ඉන්න ඕන එකා එළියෙ ඉන්න විදිහක් නැහැනේ …මොන රටම බලා ඉන්නවා බදුර්දීන්ව ඇතුලට ගන්නකම් මේ පාරවත් …මේ පර සක්කිලි ආණ්ඩුව එක කරන්නේ නැහැ …ඒක බදුර්දීන් දන්නවා …නැත්තං විල්පත්තු කපපු එකට පාස්කු ප්‍රහාරයට ඕක ඉන්න ඕනේ ඇතුලෙ…මෙය සේරම දිහා මිනිස්සු බලා ඉන්නවා …මේ කාලකන්නි යට මාර බැකප් එකක් තියෙන්නෙ මේ ආණ්ඩුවෙන් ….

    • Neo says:

      ඔව් ඔව් ඒක තමා මන්නාරමෙන් බස් වල මිනිස්සු ඇදලා සජිත්ට 90% චන්ද අරන් දුන්නේ මූ.

    • Aththa says:

      මුස්ලිම් මිනිස්සු අනිත් ගෑනුන්ට වහා වැටෙනවා.උන්ගේ ගෑනුන්ගේ යට කෑලි පොඩි කාලේම කපාලා දාලා හින්දා එක් වෙනකොට චූන් එක හරි ටිකයි දෙගොල්ලන්ටම.ඕකයි උන්ගේ මුසල ජාතියේ කර්මය

    • Amda says:

      පේන විදියට මේ කාලකන්නිය පිටින් යන්නේ ගෑනිගේ පවුලෙ එවුන්ගේ පවු (උගේ පවු වලට අමතරව )….

      හරියට නීතිය ක්‍රියාත්මක උනේ නැත්නම් උන් ඔක්කොගෙම පව් ආන්ඩුව කරපිටින් යයි…..එච්චරයි.

  2. සදා සමරමු සොහොයුරෝ says:

    ගුරු වර්ජනය අමතක කරවන්න ආණ්ඩුව ගහපු ගේමක්. ජාතිවාදෙන් මත් වෙලා තමන්ගේ අයිතිවාසිකම් නැති කරගන්න එපා.

    • Gangabadaya says:

      88,89 වර්ෂයේ ,බස් ,ගිනි තබා ,ලයිට් මීටර් කඩා රට අස්ථාවර කළ කුහක,නින්දිත,ඊර්ෂ්‍යාකාර ජේප්පො රැළ මෙවර ,ගුරු වර්ජනයක් කර ඉදිරියට දමා අහිංසක දරුවන්ගේ ඉගෙනීම කඩාකප්පල් කිරීමේ අතිශය කාළකණ්නි ක්‍රියාවලියට අත ගසා ඇත.
      දෙමව්පියනි මේ අධමයින්ගේ ක්‍රියා කළාපය පිළිබඳව සිහි බුද්ධිමත්ව ක්‍රියා කරන්න.

    • ගගබඩයා says:

      කුහක ,නින්දිත ,ඊර්ෂ්‍යාකාර ජෙප්පො රැළක් රටේ දරුවන්ට කරන්න හදන විනාශයක්.

    • Ratawasiya says:

      ඔව්‍ ඔව්‍ හැම දේටම ඔහොම කියාගෙන හිටපල්ලා.තොපි වගේ එවුනුත් නිසා මේ කාලකන්නි දේසපාලකයින් බේරිලා ඉන්නවා.තව කඩේ පලයන් බඩුර්ඩීන්ට.
      හැම පක්ෂයකම එවුන් මිනිමරුවව බේරන බව තොට පේන්නෙ නැද්ද

    • WDPCP says:

      Tamil,Muslim and catholic teachers are they protesting?

    • Amda says:

      ගුරුවරයා කියන නම කෙලෙසන ගුරු සන්ගමය

  3. මේ තරම් සල්ලි මෙයාට කොයින්ද? අනාතයෙක් හැටියට නේද පුත්තලම ට ආවෙ.

Main News