මෙහෙම අශිෂ්ඨ අවිනීත වැඩ කරන්න නම් රාජපක්‍ෂ ආන්ඩුවෙන් එලියට ආවේ ඇයි.. රාජපක්‍ෂලාට බැන්නේ ඇයි..- සරත් විජේසූරිය ජනපතිගෙන් අහයි..[Video]

October 22, 2018 at 11:20 am | lanka C news
මෙහෙම අශිෂ්ඨ අවිනීත වැඩ කරන්න නම් රාජපක්‍ෂ ආන්ඩුවෙන් එලියට ආවේ ඇයි.. රාජපක්‍ෂලාට බැන්නේ ඇයි..- සරත් විජේසූරිය ජනපතිගෙන් අහයි..[Video]

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ගත්තද පක්ෂයේ බලය තමන් සතු කර ගැනීමට නොහැකිවීම නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිගින් දිගටම මැතිවරණ කල් දමමින් සිටින බව ධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

එහි කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය මහතා සඳහන් කරන්නේ එසේ මැතිවරණ කල් තබා පවත්වන ලද පළාත් පාලන මැතිවරණයෙන් ජනාධිපතිවරයාට අන්ත පරාජයක් අත් වූ බවයි.

එමෙන්ම ජනාධිපතිවරණයේදී තමන් පරාජය කිරීමට උත්සාහ දැරූ බලවේග සමග එක්වී නැවතත් බලයට ඒමට ජනාධිපතිවරය උත්සාහ කරමින් සිටින බව ද ඔහු චෝදනා කරයි.

ජනාධිපතිවරයාට ඒසේ කිරීමට සදාචාරාත්මක අයිතියක් නැති බවත් එසේ කිරීමට නම් රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට ආවේ කුමකටදැයි ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට සිදුව ඇති බවත් සඳහන් කරයි.

රාජපක්ෂලා සමග නැවතත් රාජ්‍ය පාලනයට කල්පනා කරන්නේ නම් එය මහත් අශිෂ්ට අවිනීත ක්‍රියාවක් යැයි ද ඔහු අවධාරණය කරයි.

නැවතත් ජනාධිපතිවරණයකට පෙනී සිටීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතැයි ද ඔහු කියා සිටී.

යහපාලනය ගෙනා උන්ටත් එපාවුන යමපාලනය..

Gepostet von Anjana Romesh am Freitag, 19. Oktober 2018

56 views

37 Comments to “මෙහෙම අශිෂ්ඨ අවිනීත වැඩ කරන්න නම් රාජපක්‍ෂ ආන්ඩුවෙන් එලියට ආවේ ඇයි.. රාජපක්‍ෂලාට බැන්නේ ඇයි..- සරත් විජේසූරිය ජනපතිගෙන් අහයි..[Video]”

  1. සාලිය ජය says:

    එහෙමනම් ඇයි මේවගේ අය ජනාධිපති කරන්න දායක වුනේ

  2. Asiri says:

    Dollar Asuchi Kana maha Pahara Achariya….Padadaya….

Main News