මෙහෙම ගියොත් ශ්‍රිලනිපය කපෝතියි.. ආණ්ඩුව අතහැර විපක්ෂය යාමට ආණ්ඩුවේ ශ්‍රීලනිප බහුතරය තීරණය කරති..
May 6, 2017 at 2:10 pm | lanka C news
ලබන අගෝස්තු 21 වනදාට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමේ කාලය අවසන් වන නිසා තවදුරටත් ආණ්ඩු පක්ෂයේ නොසිට විපක්ෂය සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් බහුතරයකගේ අදහස වී ඇත.
එක්සත් ජාතික පක්ෂය සමඟ තවදුරටත් එක්ව කටයුතු කළහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වීම වැළැක්විය නොහැකි බවත්, එම විනාශයෙන් පක්ෂය ගලවා ගැනීමට ඇති එක ම විසඳුම ආණ්ඩුවෙන් ඉවත් වීම බවත් ජනාධිපතිවරයාට පෙන්වා දීමට ද ඔවුන් සූදානම් වේ. ජනාධිපතිවරයා එම ධුරයේ රැඳී සිටින අතරතුර මෙසේ ශ්රීලනිපය විපක්ෂයේ සිට ආණ්ඩුවට බලපෑම් එල්ල කිරීම හරහා පක්ෂයට නව ජවයක් ලබා දිය හැකි බව ද මේ පිරිසේ අදහස වී ඇත.
අදාළ අවබෝධතා ගිවිසුමේ සඳහන් වන කරුණු කොතෙක් දුරට ඉටු වී ඇත්ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රීලනිපයේ ජ්‍යේෂ්ඨයන් මීට මාස හයකට පෙර දී රැස්වුව ද ඉන්පසු එම පසු විපරම සිදු නොවීය. 2015 අගෝස්තු 21 වන දින එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක විසින් පක්ෂ දෙක අතර මේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ අතර, එය වසර දෙකක කාලයක් සඳහා පමණක් වලංගු වන බවත්, දෙපාර්ශ්වයේ එකඟතාව මත ගිවිසුම දීර්ඝ කළ හැකි බවත් එහි විශේෂයෙන් සඳහන් වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදාළ ජ්‍යේෂ්ඨයන් අවධාරණය කරන ආකාරයට ආර්ථිකය දියුණු කිරීම සම්බන්ධයෙන් අදාළ ගිවිසුමේ තිබූ එකඟතා වෙනුවට මුදල් ඇමැති රවී කරුණානායක දිගින් දිගටම ආර්ථිකය අස්ථාවර කිරීමට කටයුතු කිරීම බරපතළ කරුණක් වී තිබේ. රැකියා විරහිත ජන කොටස්වල සුබසාධනය, දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිගැන්වීම යන කරුණු ඔවුන් අමතක කර දමා ඇති බවත්, මේ නිසා අදාළ චෝදනාවලට ශ්‍රීලනිපයට ද උත්තර බඳින්නට සිදු වී ඇති බවත් පවසන මේ ජ්‍යේෂ්ඨයන්, වැඩිදුරටත් අවධාරණය කරන්නේ දූෂණ විමර්ශනවලට ද එජාප ඇමැතිවරු වැඩි වශයෙන් මැදිහත් වන බවයි. එසේම ජාතික විගණන පනත අගමැති කාර්යාලයේ තවදුරටත් රඳවාගෙන සිටීම යනාදී කරුණු ද ඔවුන් අවධාරණය කරන ප්‍රධාන කරුණු අතර වේ. මේ නිසා එක්සත් ජාතික පක්ෂයේ මේ ක්‍රියා කලාපය නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායයමින් තිබෙන බවත්, එයින් ගැලවීමට ඇති හොඳම අවස්ථාව මේ ගිවිසුම අවසන් වන මොහොත බවත් ජනාධිපතිවරයාට පැහැදිලි කර දීමට මේ පිරිස එකඟත්වයකට පැමිණ ඇත. පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මට්ටමේ සිටින පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද ඔවුන් වැඩිදුරටත් තීරණය කර ඇත.
පරාක්‍රම දිසානායක
– සත්හඬ
ඔක්කොටම ඉස්සර වෙලා තමුසෙලාගේ ඔය පක්ෂය ඇතුලෙම ඉඳන් පක්ෂය විනාස කරන මිනිහාගෙන් පරිස්සම් වෙන්ව .මොකද මිනිහාට වැඩක් නෑ පක්ෂේ. මිනිහා ගේ ඇස් මට්ටම තියෙන්නේ තමා සහ තමුන්ගේ පවුලේ ගැලවීම ගැන විතරයි මිනිහට පක්ෂය හෝ රට ජාතිය වැඩක් නෑ .
තරුණයන් වන අපිටත් වැඩක් නෑ තමුසෙලාගේ පක්ෂය .තමුසෙලාගේ පක්ෂෙට දැන් ඉන්නේ ඔය තමුසෙලාගේ වැනෙන ඇමතිලා ටික එදා මැයි රැලියට ඇදගෙන ආපු නාකි මිනිස්සු ටික සහ රස්සාවක් බලාගෙන බොරු පොරොන්දු මත ආපු අහිංසක මෝඩ මිනිස්සු ටික විතරයි .මේ රටේ බුද්දියක් තිබෙන රටට ආදරයක් තිබෙන හැමෝම අද තමුසෙලාගේ විරුද්ද පිලේ .
ශ්‍රීලංකා නිදහස් පක්ෂය කියන්නේ ඔයි නාකි පක්ෂයක් අර සැටලයිට් ගෑනි උඹලගේ පක්ෂේ ආයෙත් ෆෙඩරල් කළා .අපිට වැඩක් නෑ උඹලගේ පක්ෂේ රකින්න .අපි දේශප්‍රේමී තරුණයන් අලුත් ලකුණකට චන්දෙ දෙන්න සුදානම් ඕනානම් උඹලා පක්ෂේ අතහැරලා අලුත් පක්ෂෙට වරෙල්ලා
ඒක නම් ඇත්ත කතාව බන්. අපිට පක්ෂ වලින් වැඩක් නෑ. අනික දැන් නිදහස් පක්ෂේ ගොඩදාන්න බැරි තැනකට ගිහින් ඉවරයි. දැන් ඉතින් විපක්ෂෙට යනවා කියල මහින්ද මහත්තයාගේ කරපිටින් වැඩේ කරගන්න තමා බලන්නේ. මුන් හිතන් ඉන්නේ අපි හැමදාම රවටේයී කියල. වරකෝ චන්දෙ ඉල්ලගෙන. මුන්ට රටට හෙන ගැහුවත් පක්ෂේ තමා ලොකු. අනිවා මචන් අපිත් එකෙන්ම අලුත් පක්ෂෙට තමා.
“මේ රටේ බුද්දියක් තිබෙන රටට ආදරයක් තිබෙන හැමෝම අද තමුසෙලාගේ විරුද්ද පිලේ” මේ කතාව හරියට හරි බන්.
සම්පූර්ණයෙන්ම ඇත්ත suda. අනිත් රැළි දෙකේ හිටියේ දේශ drohiyo. Galleface හිටියේ දේශ premiyo.එකම වරද උන්ට මොලේ නැති එක විතරයි .
මහා එකා නම් කට්ට අතාරින්නෙ නැහැ. ඉතින් ඊට පස්සේ ජනපතිගේ දෑත් ශක්තිමත් කිරීමට නැවත කටුසුප්පු කිරීමට තීරණය කරනලදී කියල අහන්න ලැබෙයි . රනිල් මොළ කාරය. ගානට කාටත් අමුඩේ අන්දවයි . නැත්තම් FCID යවයි .
ඕක මුන්ට තේරුනේ දැන්ද. අපිට නම් ඕක නේරුනේ 2015 දියි. ඊට පස්සෙ දිගින් දිගටම එය තහවුරු වුනා
How long did they take to understand trvial things.? . Basically these steps are for thier survival.
මේ කටුසුප්පු අයගේ සෝබන පොර ටෝක් . මහින්දගේ ජනතාව ඕවාට රැවටෙන්නේ නැහැ . උඹලට අපිව ආය අන්දන්න බැහැ .
ප්‍රශ්නේ තියෙන්නේ ඔතන නෙවෙයි,ඔබත් මමත් ඔහොම කිව්වට නොමිනේශන් ලෑබෙන්නේ ඔය කාලකන්නින්ටමනේ.ඉතින් රටක් ඉදිරියට යයිද?
Continuation……….
3. Hi, nice to meet all of you “Players” and the “Coach”. I am your “Manager” – Prime Minister Wickremasinghe.
I cancelled the usual game. Today, we play in support of the Joint Opposition. I have a plethora of Agreements to sign. Please don’t lose, please don’t win. Make it a tie-game, until I sell the country, or at least a section of the country. Cheers to myself!
I agree with the all commentators here but I’m in doubt whether the Lanka C news and their informations are reliable or trustful!