මෙහෙ ඉදන් වැහි වස්සවලා ඇමරිකාව ගං වතුරෙන් යටකරවනවා..- ජනාධිපති අපේක්‍ෂක රාවණ පරපුරේ අනෝජ් සිල්වා

July 20, 2019 at 10:12 pm | lanka C news
මෙහෙ ඉදන් වැහි වස්සවලා ඇමරිකාව ගං වතුරෙන් යටකරවනවා..- ජනාධිපති අපේක්‍ෂක රාවණ පරපුරේ අනෝජ් සිල්වා

ඔහු මහනුවර වත්තේගම පදිංචි අනෝජ් ද සිල්වාය. රාවණා පරපුරෙන් පැවත එන හෙළ වෙදෙක් වශයෙන් තමාව හඳුන්වා ගන්නෙකි. කොණ්ඩය රැවුල වවාගෙන… අතේ කරේ යකඩ කිලෝ ගාණක් එල්ලා ගෙන සිටින මේ වෙදැදුරා හෙළ දැනුම, රාවණා බලය, යන්ත්‍ර, මන්ත්‍ර, කේන්දර, විශ්ව ශක්තිය, භාවනාව, අංගම්පොර ආදී තව බොහෝ දේ ගැන කතා කරයි. ඔහු අද ලංකාවේ රූපවාහිනී නාලිකා ආදී බොහෝ මාධ්‍යවල ලොකු කතාකාරයෙකි. යූ ටියුබයේ ඔහුගේ වීඩියෝ සිය ගණනකි.

මෑතක සිට ඔහුට ලංකාවේ ජනාධිපති වීමටද සිතක් පහළ වී ඇති බැවින් මේ හෙළ වෙදදුරා ගැන මා දන්නා කතාව කීමට කල්පනා කළෙමි.

මම 2013 වසරේ දිනක මේ වෙදා හමුවීමට ගියෙමි. ඒ ඔහුගේ බලය, දැනුම, හැකියාවන් මොනවාදැයි මැදහත්ව විමසා බැලීමටය. කලින් නොදන්වාම ඔහුගේ නිවසට ගිය මම ඉතා සුහදව පැයක් පමණ ඔහුගේ හපන්කම් ගැන සාකච්ඡා කළෙමි. ඔහු ඒ පැයට අරාබි නිසොල්ලාසය බඳු පුදුමාකාර කතා කන්දරාවක් කියාගෙන කියාගෙන ගියේය. එහිදී ඔහු කී ප්‍රධාන කාරණා කීපයක් මෙසේය.

ඇමරිකාව ජිනීවා යෝජනා ගෙනල්ලා ලංකාවට ගේම දෙන්න හැදුවොත් මම මෙහෙ ඉඳන් වැහි වස්සවලා මුලු ඇමරිකාවම ගංවතුරෙන් යට කරලා දානවා.

ලංකාවේ මම කියන කඳු තුනක චෛත්‍ය තුනක් හදන්න මට ආණ්ඩුව ඉඩදෙනවා නම් මම ලංකාවේ මිනිස්සුන්ට හැදෙන ලෙඩවලින් සීයට හැත්ත පහක් බේත් නැතුව හොඳ කරනවා.

මම කියන දේවල් හරියට කරනවා නම් ලෝකේ ඕනම හොඳ කරන්න බැරි ලෙඩෙක් මම සනීප කරනවා.

සරත් ෆොන්සේකාව හිරෙන් නිදහස් කරන්න හිතෙන්න කියලා මම තමයි මහින්ද රාජපක්ෂට විශ්ව ශක්තියෙන් බලපෑම් කළේ… මම ඒක කළේ එයාව හිරේ දාපු එක මහින්ද මහත්තයාට හොඳ නැති නිසා…

ඔහු මොන ජාතියේ බඩුවක්දැයි මේ කතා අසන ඕනෑම අයෙකුට සිතිය හැකි වුවද මම ඉවසීමෙන් ඔහුගේ අරාබි නිසොල්ලාස කතා අසා සිටියෙමි. ඒ පුංචි දෙයක් හෝ ඔහුට කළ හැකිදැයි සැබවින්ම දැනගත යුතු වූ නිසාය. ඒ අතරේ අපූරු දෙයක් සිදුවිය. හදිසියේම අනෝජ්ගේ පියා හොඳටම බීගෙන ගෙදරට කඩාපාත් වූයේ කුණුහරප කියමින් පුටු මේස ආදියටද අතින් පයින් පහර දෙමිනි. මහා හෙළවෙදදුරුගේ ආනුභාවය දෙකක් දා ගත් පියා හමුවේ සුරුස් ගා වියැකී ගියේය.

“දැන් ගෙදර කතා කරන්න බෑ…. තාත්තා කචල් දානවා… අපි වෙන කොහාට හරි යමු.”

ඉන්පසු අපි අසල පන්සලකට ගියෙමු. නැවත ඔහුගේ සුපුරුදු පම්පෝරිය ඇරඹිණි. ටික වේලාවකින් මම ඔහුට සරල හරස් ප්‍රශ්නයක් යොමු කළෙමි.

“අර මහින්ද රාජපක්ෂගේ හිත වෙනස් කළා කීවානේ… ඔයාට ඇයි බැරි ඒ ක්‍රමේට ඔයාගේ තාත්තාගේ හිත වෙනස් කරන්න….? ”

අනෝජ් ද සිල්වා අන්දුන් කුන්දුන් වී සිනාසෙන්නට පටන් ගත්තේය.
“ඔව්… ඒක කරන්න පුලුවන්… ඒත් ඒකට තාත්තා මගෙන් ඉල්ලීමක් කරන්න ඕන.”

“එතකොට මහින්ද රාජපක්ෂ ඔයාගෙන් ඉල්ලීමක් කළේ නෑනේ… අනික බොන මිනිහා ඉල්ලීමක් කරයිද මගේ බීම නවත්තන්න කියලා…. තව එකක්… උතුරේ යුද්දෙ ඉවර කරන්න අපි කොච්චර දුකක් වින්දද? ඔයා ඒ දවස්වල විශ්ව තරංග යවලා කෙලින්ම ප්‍රභාකරන්ගේ හිත වෙනස් කළා නම් සේරම ඉවරයිනේ…”

පැහැදිලි කිසිවක් නොකී මහා මන්ත්‍රාචාර්යවරයා ළමිස්සියක් සේ හිනැහෙන්නට පටන් ගත්තේය. ඔහුගේ නැව් තියරි කන්දරාව එක ප්‍රායෝගික තුරුම්පුවකින් කඩා වැටෙන සැටි මට පෙනෙයි. එහෙත් මම ඔහුව අපහසුතාවට පත් නොකර, ඉතා ඉවසීමෙන් පුරා පැය පහක් තිස්සේ ඔහු සමග කතා කළෙමි. අවසානයේ මගේ නිගමනය වූයේ මෙයය.

“ඔයා කියන දේවල් ඇත්ත වෙනවා නම් මමත් කැමතියි. හැබැයි කටින් කිව්වාට බෑ… ප්‍රැක්ටිකල් වෙන්න ඕන… ඔය දේවල්වලින් සීයට සීයක් ඕන නෑ…. සීයට දහයක් හරි ප්‍රායෝගිකව ඔප්පු කරන්න පුලුවන් නම් ඒ හොඳටම ඇති. ඒකට ලෑස්තිද?”

රාවණා පරපුරේ වීරයා පියවරෙන් පියවර පල්ලම් බසින බව මට පැහැදිලිව පෙනේ.

“ඇමරිකාවට වැහි වස්සනවා කීවා නේද… ඉතින් ඔයාට බැරිද ලංකාවට වැස්සක් වස්සන්න… ” මම ඔහුට යෝජනා කළෙමි.

“ම්ම්ම්…. පුලුවන්. ඒත් අයියේ ඒකට සති ගාණක් තිස්සේ වෙනම ලෑස්ති වෙන්න ඕන… ඒවාට ගන්න තැඹිලි ජාතිය තියෙන්නේ මඩකලපුවේ…. රෑ දොළහට…. කාටත් හොරෙන්… කතා නොකර…. හෙළුවෙන් ගහට නැගලා…. ඒ තැඹිලි ගෙඩියක් කඩාගෙන…. අතේ තියන් බිමට බැහැලා…. ඒකෙන් තෙල් හිඳලා…. අහවල් ජාතියේ ගෙම්බෙක්ගේ මුත්‍රා ඒකට එකතු කරලා…. මාසයක් ජීවම් කරලා…. අනික ඒ ගෙම්බොත් දැන් හොයාගන්න නෑ…. උන් ඉන්නේ අවුරුද්දේ එක කාලෙක සිංහරාජ වනාන්තරේ….”

ඔහු දුන් පිළිතුර එයම නොවුනද සෑම ප්‍රශ්නයටම ඔහු දැන් දෙන්නේ ඒ ජාතියේ ඉළ ඇදෙන පිළිතුරුය. ඔහු නොකෙරෙන වෙදකම්වලට කෝඳුරු තෙල් හත්පට්ටය සොයයි. ඔහු මුලදී මට කතා කළේ දරුවා කියාය. පැය පහකට පසු හොඳටම හොට බිම ඇනගැනීමෙන් අනතුරුව මා ඔහුට දරුවා නොව අයියා වී සිටියේය. බලය ඔප්පු කිරීම සඳහා මම ඉදිරිපත් කරන සියලු සරල යෝජනා ඔහු නොයෙක් හේතු කියමින් ප්‍රතික්ෂේප කරයි. ඔහුගේ අලුත්ම උපාය තම හැකියාවන් ගැන කීම නොව නොහැකියාවට හේතු කප්පරක් ඉදිරිපත් කිරීමය.

“අඩුම ගාණේ ඔයාට බැරිද ඔයාගේ මහා බලයෙන් තණකොළ ගහක් හරි හොලවලා පෙන්වන්න….”

දස අතේ කල්පනා කළ වෙදැදුරා අවසානයේදී තම බලය ඔප්පු කිරීමට අපූරු ක්‍රමයක් යෝජනා කළේය. මගේ අතට සුරයක් දුන් ඔහු කීවේ එය පපුවට අල්ලාගෙන ඔහුගේ දේවාලය ඉදිරිපිට වී කෙලින් සිටගෙන ඉන්න කියාය.

“ඔට්ටුයි ඉන්න බෑ. සුරේ බලේට ඔයාව පස්සට විසිවෙලා යනවා…”

මම දේවාලය ඉදිරිපිට යහතින් නොසෙල්වී සිටගෙන සිටියෙමි. අවසානයේ අනෝජ් තමාම සුරය අතට ගෙන දේවාලය ඉදිරියට ගොස් පස්සට විසි වී පෙන්නුවේය.

“ඔයාගේ බඬේ බහිරවයෙක් ඉන්නවා… ඒකයි අයියා ඔයාව පස්සට විසි වෙන්නේ නැත්තේ…”

කොමඩි නාටකයක් බඳු මේ සිදුවීම සිනා නොවී රස විඳිමින් වුවද ඔහුට තවදුරටත් අවස්ථාව දීමට මම තීරණය කළෙමි.

“හරි දැන් බැරි නම් ඔයා කැමති දවසක, කැමති තැනක පුලුවන් දෙයක් කරලා පෙන්වන්න. කියන තැනකට මම එන්නම්. මම ලෙඞ්ඩු කීපදෙනෙක්වත් ඔයා ගාවට එවන්නම්. සනීප වෙනවාද කියලා බලමු….”

අවසානයේදී ඔහුට මම සුහදව සමුදුන්නේ එසේය. කියූ ආකාරයටම රෝගීන් තුන්දෙනෙක් ඔහු වෙත යැව්වෙමි. නමුත් එදායින් පසු නැවත කිසිදා ඔහුව මට සම්බන්ධ කරගත හැකිවූයේ නැත. මා ඔහු ළගට යැවූ රෝගීන් තිදෙනාට කිසිදු සුවයක් අත් වූයේද නැත. පසු කලෙක මේ රසබර අත්දැකීම මගේ පේමතෝ ජායතී අසෝකෝ නවකතාවටද එකතු විය. එහි 171 පිටුවේ කියවෙන උපුල් වෙදාගේ චරිතය නිර්මාණය වූයේ අනෝජ් සිල්වාගේ කතාව පදනම් කරගනිමිනි.

මේ කියන දේවල් බොරු නම් ඒ ගැන ඕනෑම තැනක ඕනෑම විවාදයකට මම සූදානම්ය. අවශ්‍ය නම් මට හානියක් සිදු කර හෝ ඔහුගේ බලය ඔප්පු කිරීමට අනෝජ් සිල්වාට හැකි නම් එය කර පෙන්වන මෙන් අභියෝග කරමි. අනෝජ් සිල්වාගේ බොරු වෙද නාඩගම්වලට අමතරව අද ඔහු සිංහල ඡන්ද කඩන ක්‍රීඩාවේ ඉත්තෙකු බවටද පත්වී තිබේ. මා මෙය ලීවේ එයට රැවටුණු ජාතිකවාදී මතවාද දරන අයද සිටින බැවිනි. අනෝජ් සිල්වා යනු සිව්හෙළය එක්සත් කරන අනාගත ජනාධිපතිවරයා නොව මානසික ප්‍රතිකාර ලබාදිය යුතු ඔල්මාදකාරයෙකි. හෙළ දැනුම ගැන අකට විකට කතා කියමින් සිංහලකම රකින්නට පෙරට එන්නේ මෙවැනි බොරු කටේ නරිවාදම්කාරයන් නම් සිංහලයා ඔවුන්ගෙන් පරිස්සම් වීම ඉතා යහපත් බව පමණක් අවසාන වශයෙන් ලියා තබමි.

(2019 ජුලි 21 සති අග අරුණ පුවත්පතට ලියූ ලිපියක කෙටි කරන ලද සංස්කරණයකි)

– ඉසුරු ප්‍රසංග

101,350 Viewers

40 Comments to “මෙහෙ ඉදන් වැහි වස්සවලා ඇමරිකාව ගං වතුරෙන් යටකරවනවා..- ජනාධිපති අපේක්‍ෂක රාවණ පරපුරේ අනෝජ් සිල්වා”

  1. Love nature says:

    රැවටීම හරි හරි රහයි අනෙකා නොරැවටුනු බව නොදන්නා තෙක් .

    • Amda says:

      යකඩෝ..තව බුවෙක්.
      අනේ මන්දා..මොනවද මේ රටට වෙන්නේ??

      • Saman says:

        මෙතුමා ඉතාමත්ම සුදුසු පොහොට්ටුවේ අපේක්ෂකත්වය සඳහාය. නියම ඇමරිකන් විරෝදියෙක්

        • Vesamuni says:

          mole tikakhari thiyena aya me miniha pissu horek bawa dannawa. ohu keepawitakma angawala thiyenawa ohu mahinda wirodiyek bawa. 2015 chandaya deela thiyenneth hansayata. moo business keepayak karana kenek. pohottuwe chanda kadannek. a nisa ohu obe hithawathek.

        • Jayanath says:

          Aliyekda Koheda ????

    • KP says:

      බලාගෙන ගියාම මූ ටිකක් විතර චතුර සෙනාරත්නට කිට්ටු කරලා තියෙනවා…. ඒත් චතුරයා මූට වඩා ගව් ගානක් ඉදිරියෙන් තාමත්….

    • samantha says:

      this is a typical example of grandiose delusions. He need intensive psychiatric treatment. Please arrange him treatment.

  2. Love nature says:

    අනුන් රවටන්නා තමන් ඊට වඩා සිතින් රැවටී සිටින බව නොදනී.

  3. chamara says:

    ද සිල්වා රාවනා පරපුරේද?

  4. visu says:

    රාවනා පරපුරේ……. එකා කොහොමද…….. ද සිල්වා වුණේ ?

  5. සුනිල් අත්තනායක says:

    මාත් හිතාගෙන හිටියා මූ මාර අවංක පොරක් කියලා .මූ යුරෝප් වලට ගෙන්නපු අපේ ගොබ්බයන්ට දුවන්න පාරවල් මදි .මාත් ඒ කාලේ සිරිසේනට රැවටුනා .ඌ ප්‍රංශෙ ආවම සෙල්ෆි ගැහුවා.එෆ් බී දැම්මා මොකද උනේ උගේ පිටිපස්සෙන් ආපු වැලේ වැල් නැතුව හිටිය හොර රනිලාගෙ පොන්න නඩේ ඵළි බැස්සා මේ රූකඩයට මුවා වෙලා.ඕකම තමයි මේ වෙන්නේ මේ වගේ පොන්න සිපයි දැන් ඵහෙන් මෙහෙන් ඩොලර් අරගෙන බැටළු හම් පොරවගෙන අපේ සිංහල ඡන්ද කඩලා සුළු ජාතිකයන්ට දෙන්න තමයි මේ කරළියට ඇවිත් ඉන්නෙ .මේ පාර නම් අහුවෙන්න හොඳනෑ…!!! සුනිල් අත්තනායක

  6. සුනිල් අත්තනායක says:

    මාත් හිතාගෙන හිටියා මූ මාර අවංක පොරක් කියලා .මාත් ඒ කාලේ සිරිසේනට රැවටුනා .ඌ ප්‍රංශෙ ආවම සෙල්ෆි ගැහුවා.එෆ් බී දැම්මා මොකද උනේ උගේ පිටිපස්සෙන් ආපු වැලේ වැල් නැතුව හිටිය හොර රනිලාගෙ පොන්න නඩේ ඵළි බැස්සා මේ රූකඩයට මුවා වෙලා.ඕකම තමයි මේ වෙන්නේ මේ වගේ පොන්න සිපයි දැන් ඵහෙන් මෙහෙන් බැටළු හම් පොරවගෙන අපේ සිංහල ඡන්ද කඩලා සුළු ජාතිකයන්ට දෙන්න තමයි මේ කරළියට ඇවිත් ඉන්නෙ .මේ පාර නම් අහුවෙන්න හොඳනෑ…!!! සුනිල් අත්තනායක

  7. අනේ අපොයි says:

    අමුත්තක් නෑ වගෙයි , තවත් එකෙක් විතරයි .

  8. Asaranaya says:

    චන්දෙ ඉල්ලන්න කලින් ඔයාගේ ඔය කොන්ඩෙයි රැවුලයි කපන් හිටියොත් හොඳ නැද්ද?

  9. siran says:

    daruwanta rekiya ne..lamayinta kasada nee…lebena gana satiyatat madi.. awasayta bohomayi…nayadena aya wehi wehela,. suuudu ,math drawya wehi wehela…me ugule petalunu aya ..jotisa karayo vivida balawega passe yana eka walakwanna be..

  10. Lebbe says:

    දුටු ගැමුණු පරපුරෙන් එන පරංගින්ට ජාතක උන සිල්වා කෙනෙක් ජිවත් වීම සදහා කියක් හරි හොයා ගන්න වෙන මහන්සියක්.

  11. වෙදදුරුතුමනි ඔබට පින් says:

    ජනාධිපතිවරනයට එතැයි සිතන සියලුම පුද්ගලයින්ට මඩ ප්‍රහාර එල්ල කර ඉවත් කරන මේ කාලයේ මමත් දන්නා දෙයක් මෙයට එකතු කරමි. ලමයෙකුට අසනීප වූ විට කොතරම් අසරණ වන්නේදැයි සිතා ගැනීමටවත් නොහැකි වූ මගේ පොඩි පුතු සුව කල අනොජ් ද සිල්වා වෙදදුරු තුමනි ඔබට ගොඩාක් පින්.

  12. Kanna says:

    He is a mentally retarded man. our stupid people are interviewing him on you tube. please send him to Angoda mental hospital

  13. LANKA says:

    මේ වගේ ගොන් හැත්තද ජනාධිපති වෙන්න යන්නේ. ලංකාවේ ඉඳල ඇමරිකාවට ගංවතුර ඇතිකරන විශ්වකර්ම ගොනෙක්

  14. UD says:

    අනෝජ් මහතාගේ රෙදි පිළිවෙලින් ගැලවීමට පටන්ගෙන වගේ… මමත් මෙයාගේ වීඩියෝවක් දැක්කා…
    මෙයා නිකං පොර වගේ ටෝක් දෙන්නේ… මානසික රෝගියෙක්ද කොහෙදෝ….
    මෙයාගේ වීඩියෝ බලද්දි පරිස්සමෙන්….
    සමහර මානසික රෝගීන් ඉන්නවා හොයන්න බෑ… මහා බුද්ධිමත් විදියට ලෝකෙට පේනවා…. හොඳින් ළගින් ඇසුරු කරනකොට තේරෙනවා මානසික රෝගයක් තියෙන්නේ කියලා…

  15. ලෙබ්බේ says:

    බලපන් මුට අ: පො: ස: ( සා: පෙ:) සහතිකේ තියනවද කියල, චන්දෙට ඉල්ලන ඉස්සෙල්ල,

  16. Saibal says:

    Thawath Mongral Dial ekak……………

  17. මදූශන්ක says:

    වෙන රටවල මානසික රෝග හැදුනම ඩොක්ටර් කෙනෙක් ලගට ගෙනියනව අපේ නිල් රෙද්දයි රතු රෙද්දයි දීල මීඩියා වලින් පාවඩත් දානව.ඉන්න හිතෙන රටක්

  18. kkamladasa says:

    I have have same ideas!
    Go ahed. I will support you.

    Dr.Kamladasa

  19. රජින්ද says:

    මෙහෙමයි මේ රටේ සිංහල මිනිස්සු දැන් ඉල්ලන්නේ මහා සංඝයාවහන්සේලා පෙරටුකොටගත් සිංහල බෞද්ධ ජාතිකවාදී නායකයෙක්.! එහෙම ඉල්ලනකොට හැම එකාටම තමා අඑහෙම අයෙක් කියා හිතෙන්න පුළුවන්, ඔවුන් හිතන එක වළක්වන්න අපට බැහැ. සිංහල මිනිස්සු මේ අවස්ථාවේ ප්‍රබුද්ධව ප්‍රඥාවෙන් පමණක් තීරණ ගත යුතුයි. මම මේ කියන්නේ පබාලව, රන්ජන්ලාව, හිරුනිකාලව, ගීතලව රටේ ජනතාව ගැන තීරණ ගන්න පාර්ලිමේන්තුවට එවපු බූරුවෝ තවමත් මේ රටේ ඉන්න නිසා. ඒ නිසා මේ අවස්ථාවේ මහා ජාතිය ලෙස අපේ නායකයා පෙනෙන මායිමට එන තෙක් ඉවසිලිවන්තව බුද්ධිමත්ව උපායන්ට හසු නොවෙමින් සිටිය යුතු කාලයක් මේක. අපි බලමු අපේ රටේ පරිසරය, ධර්මය, ජාතිය, ආරක්ෂාව සහ ආර්ථිකය ගැන මීළඟ නායකයාගේ ශක්‍යතාවය කොහොමද කියන එක. දැනට නාගානන්ද, සජිත්, ධම්මික, පල්ලෙවත්ත, සිරිසේන, වික්‍රමසිංහ නොකවුට්…. අනිත් අය ගැනත් බලමු… මොකද වෙන්නේ කියලා.

  20. baila says:

    jayawewa kathu thumata..

  21. Pal says:

    It is the same Yahapalana tactics being practiced..

    Last time it was slinging mud to Rajapaksha family..

    This year it is different…

    Divide Sinhalese into so many fractions..

    That is why JVP is trying to nominate their candidate.
    That is why Budu bala sena is hiding about the bush without talking about any candidate.
    That is why Rawana Balaya also trying to do.
    Sorysena is around the corner too.
    All these group will come together to break a major fraction form Sinhalese Buddhist.

    Final goal is to make the minorities happy…

    Please understand the threat …

    All Sinhalese and peace loving Tamils and Muslims should get together.
    Our only hope is Gota

  22. Citizen says:

    ලේඛකයාවත් මොන්ටිසෝරි ළමයෙක් කියා මෙ පොල් බූරුවා සිතන්නට ඇති.

  23. RAAVANA says:

    අඩෝ.. මම ඔරිගීනල් රාවණා . අර සීතා කිඩ්නැප් කරලා රාම් එක්ක ඇරගත්ත පොර. මට තියෙන්නේ මුල නම විතරයි බොලව් . සිල්වා කෑල්ලක් නැහැ

  24. Amarapaala says:

    Mooda Byyantama Hariyana Ekek

  25. AJITH says:

    mama etapu de hari kiyala dan me liuma kiyawala theruna. muta ledak suwa karanna bari unama mu apita karaganna bari dewal leda wenuwen karanna kiyala ekak hari bari unoth lede hoda wenne na kiyanawa. mu thirisanek a wagema egannek.

  26. Dilshan says:

    තමා හසල දැනුමක් ඇති ප්‍රවීනයෙක් වීමට පෙර නිශ්ශබ්ද තාවය වැදගත් ..

  27. Vesamuni says:

    gonja naga anoj veda … mun okkoma kalinma elidaravvela kunu bakkiyata waetena eka hondai. mooth janadhipathi heena dakina ekek.

  28. ගොන් තඩියා says:

    අර Priyantha ABE කියලා යූ ටියුබ් එකේ වීඩියෝ දාලා තියෙන එකාත් රටේ නායකයා වෙන්න ලංකාවට ආවළු. මම උගේ ඩිපියුටි ලෙස වැඩ කල කැලුම් ජයසිංහ කියන ගොන් තඩියා වෙමි.

  29. king says:

    මාර කේස්ඒක මේ පාර නියම සෙට්එකක් තමයි චන්දෙට සෙට් වෙන්නේ. කෙහෙල් කොටේක එල්ලිලහරි ඔස්ට්‍රේලියාවට හරි පැනගත්තේ නැතිනම් විනාසයි.

  30. රංගජීව​ says:

    මෝඩ හරකෙක්. මූව දාන්නේ ගෝඨාභයට වැටෙන සිංහළ ඦන්ද ටික කඩන්නයි. සිංහළයිනී ඉතාම බුද්ධියෙන් කටයුතු කරනු මැනවි. මෙය අපට ලැබෙන අවසාන වාරය වෙන්න පුලුවන්.

  31. UNP GAL IBBA says:

    ඇමරිකාවට වස්සන්න ඉස්සරවෙලා ලංකාවට වැස්සක් දීපන්කෝ මෝඩචූන් දෙන්න එපා ඕයි උඹගේ ගන්ඨාරේ හොලවලා බලපන්කෝ කොහෙටද අකුණු විදුලි කොටන්නේ කියලා?????

  32. සකල බුජං says:

    ඇමරිකාවට වහින වැස්සෙන් මෙහෙ ඉඳන් නානව කිව්ව නම් මීට වඩා හොඳයි?????????????

Main News