මේක ජනාධිපතිගේ ආණ්ඩුවයි.. ඡන්දයක් ආවම විසිවෙලා යයි..- ශ්රීලනිපය අයවැයෙ විරුද්ද නොවීම ගැන මහින්දගේ ප්‍රතිචාරය මෙන්න..
April 5, 2019 at 10:56 pm | lanka C news
මෙම අයවැය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය දීමෙන් වැළකී සිටියේ ජනාධිපතිවරයා ගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුව නිසා විය හැකි බව විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අයවැය ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අවසන් අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු ආණ්ඩුවේ නිසා ඔහු ද අද සිදුවන දේවල් වලට වගකිවයුතු ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
‘සන්ධාන ආණ්ඩුව මෙහෙම ඇදීගෙන යයි. මැතිවරණයක් ආවම විසී වෙලා යයි’ ද පැවසූ ඔහු ශ්‍රීලනිප පොහොට්ටු සාකච්ඡා අවසන් නැති බවත් ඉදිරියේ දී සියලු දෙනාම එක්ව සටනට බහින බවත් වැඩිදුරටත් පැවසීය.