මේක ජාතික ආණ්ඩුවක්.. ඇමති ධුර තවත් වැඩි කරනවා..- රාජිත
December 21, 2018 at 10:00 am | lanka C news
වර්තමාන ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් වන නිසා ඉදිරියේ දී තවත් ඇමතිධූර කිහිපයක් පත්කරනු ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
එමෙන්ම ආණ්ඩුවට සහයෝගය දීමට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ඇමතිධූර ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විදෙස් සංචාරවෙන් පසු සිදු කරනු ඇති බව ද ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරයා සමඟ මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ නායකයන් ඉතා සුහද ලෙස සාකච්ඡා කළ බවත් ආණ්ඩුවේ ඉදිරි ගමනට ජනාධිපතිවරයා පූර්ණ සහයෝගය ලබාදෙන බව ද පැවසූ බවත් සේනාරත්න මහතා වැඩි දුරටත් කියා සිටියේ ය.
කොළඹ දී මාධ්‍ය අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.
මින් මතු කිසිවිටෙක මේ පාහරයන්ට ඡන්දය පාවිච්චි නොකිරීමට සිංහල බෞද්ධයන් වග බලා ගත යුතුය.
සිංහල බෞද්ධයන් තමා බහුතරයක් මේ හොර බල්ලෝ. ඔය ජාති වාදය තමා මේ රට කන්නේ. මෝඩ මීහරක් සිතුවිලි.
Palayan awajathakaya yanna