මේක වියත්මග ද කියත්මගද කියා ජනතාව අහනවා.. එදා බහුතර ජනතාවක් මංමුලා වුනා.. අද බොහෝ ජනතාව කලකිරිලා..

September 21, 2020 at 11:20 am | lanka C news
මේක වියත්මග ද කියත්මගද කියා ජනතාව අහනවා.. එදා බහුතර ජනතාවක් මංමුලා වුනා.. අද බොහෝ ජනතාව කලකිරිලා..

මෙම රජය බලයට එන්න පෙර වියත් බුද්ධිමත් උගත් පිරිසක් රටට ඉදිරිපත් කරන බව පැවසුවද අද ජනතාව ප්‍රශ්න කරන්නේ මෙය වියත් මග ද කියත්මගද කියා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

අද වන විට බොහෝ පැතිවලින් රටේ ජනතාව දැඩි පීඩනයක සහ කලකිරීමට පත්ව සිටින බවද ඔහු පැවසීය.

පසුගිය මැතිවරණයේ දී රටේ බහුතර ජනතාව මංමුලා වීම ගැන තමන් කණගාටු වන බවත් එසේ වුවද විපක්ෂයක් ලෙස රටේ අනාගත උන්නතිය වෙනුවෙන් කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේ ය.

ආණ්ඩුව ගැන ජනතාව දැන් බොහොම කලකිරීමෙන් සිටින බවද පැවසූ ඔහු ඉදිරියේ දී තීන්දු තීරණ ගැනීමේදී දුරදිග කල්පනා කර කටයුතු කරන්නැයි තමන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

ඔහු මේ බව පැවසුවේ ගාල්ල වැලිගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

12,600 views

13 Comments to “මේක වියත්මග ද කියත්මගද කියා ජනතාව අහනවා.. එදා බහුතර ජනතාවක් මංමුලා වුනා.. අද බොහෝ ජනතාව කලකිරිලා..”

  1. අබලම් says:

    බොත්තම් බබෝ බොත්තම එබුවේ නැද්ද

  2. Anju says:

    Sanitary Pad sajiya is losing it. Are u scared of your mate harin? Do u agree with his comments about Cardinal re Easter Sunday attacks.
    I feel sajiya must be missing his game of Plundering ancient treasures ‘nidhan hora”.