මේජර් ජනරාල්වරයෙකු අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ…

June 30, 2021 at 6:48 pm | lanka C news
මේජර් ජනරාල්වරයෙකු අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ…

මින්නේරිය වනෝද්‍යානය තුලදී වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කලේ යයි චෝදනා එල්ල වන මේජර් ජෙනරාල්වරයා ඇතුළු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගකර ඇත.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කැකිරාව දිසා අධිකරණය විනිසුරු විසින් හබරණ පොලිස් ස්ථානාධිපතිවරයා වෙතයි.

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ යුද හමුදා මේජර් ජනරාල්වරයෙකු ඇතුළු පිරිසක් වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් මරණ තර්ජනය කරමින් පහර දුන්නේ යයි බී වාර්තාවක් මගින් පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබින.

ඒ අනුව අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

32,134 views

11 Comments to “මේජර් ජනරාල්වරයෙකු අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ…”

  1. Truth says:

    A very good decision by the court.This incident of this major general reveals the dark side of military. Where is the so called discipline of them?? So called , ” discipline ” of a military is just an illusion and not a reality……

  2. janatha says:

    මේජර් ජෙනරාල් මොහාන් රත්නායක ?

  3. Idi Amin says:

    Kaaki suit gahapuwaama samahara ewunge olu idimenawa. Me wage gon pakayintada rana wiruwo kiyanne?

  4. කැලණියේ නයා says:

    රණවිරු දඩයම හෙලා දකිමු….ඒ කාලෙ මේම දෙයක් උනාම එහෙම කියල කෑ ගහපු එයාල දැන් කෝ .රණවිරුවා අන්තිමට මට කෙලියාම තමා කාට කාටත් හමුදා රාජ්ජෙක හීන බිදී ගිහින් අන්ත දූසිත සිවිල් පාලනයක් පවා හමුදා පාලනේකට වඩා හොදා කියල තේරෙන්නෙ.අපේ බයි මල්ලිලා සට කියල ඇරගත්ත වගේ ඊලගට ඇර ගන්නෙ ඕකෙම් තමා.

    • Ras says:

      ඒ තත්වයයි , මේ තත්වයයි වෙනස් . තමන්ගේ ඇත්ත නමින් ඇවිල්ලා comment එකක් දාන්න බය කුලියට ලියන්නා……

  5. 3% ට බය බයියා. says:

    රණවිරුගාය සනීප ද…………………..

  6. මැදමුලනෙ මුත්තා says:

    යුද්ධයට මුවාවෙලා ජඩවැඩ, බලුවැඩ කරපු එවුන් පිරිසක් හමුදාවෙ ඉන්නවා. උන්ට රණවිරැවන් කියන්න බෑ. ඒවගේම යුද්ධයට අවංකවම කැපඋන පිරිසක් ඉන්නවා. ඔවුන් තමයි නියම රණවිරැවො. මෙි දෙගොල්ල හඳුනාගැනීම පහසුයි. නොසණ්ඩාල වැඩකරන එවුන් හමුදාවෙ ගෞරවයත් කෙළෙසනවා.

  7. Sun says:

    Get rid of these criminals from the forces.

  8. Lolla says:

    ඒ කාලේ වුනානම් මේක රණවිරු දඩයම

  9. Ruhdtug says:

    Mokkuda me uda paninne rana viru dadayama kiyala? Meke venasa therum ganna berida? Oya major generaluth yuddeta daayaka vunaa nam yam pramanayaka samaawak denna puluwan.. eth me karala thiyenne rate arakshaawata sambandha nethi neethi virodhee wedak… thuk nodakin kaalakanni toy logic!

Main News