මේව නර නාටක.. මෙහෙම ගියොත් ඊළග ඡන්දෙන් මේ ආණ්ඩුව ඉවරයි..

October 17, 2020 at 6:28 am | lanka C news
මේව නර නාටක.. මෙහෙම ගියොත් ඊළග ඡන්දෙන් මේ ආණ්ඩුව ඉවරයි..

අද රිෂාද් බදියුදීන් සොයන ආකාරයට මීට කලින් රවී කරුණානායක, රාජිත සේනාරත්න වැනි අය අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටි බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

මේවා නර නාටක බවත් රටේ ජනතාවට විහිළු කරන්නේදැයි ඔහු විමසීය.

ජනතාව මේවා විහිළු හැටියට ගණන් නොගන්නා බවත් ඊළඟ මැතිවරණයේදී දරුණු තීන්දුව දෙනු ඇති බවත් ඇමතිවරයා පැවසීය.

මේවා දිගින් දිගටම සිදු වුවහොත් ජනතාව එන මැතිවරණයේදී දැඩි තීන්දුවක් ගනු ඇතැයිද ගිය මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂයට වූ දේ එන මැතිවරණයේදී මේ ආණ්ඩුවට ද විය හැකි බවද ඔහු කියා සිටියේය.

බදියුදීන් හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම ගැන මාධ්‍ය වෙත ඔහු මේ බව කියා සිටියේය.

36,466 views

28 Comments to “මේව නර නාටක.. මෙහෙම ගියොත් ඊළග ඡන්දෙන් මේ ආණ්ඩුව ඉවරයි..”

  1. obathumata api hamadama love keep it up great words god blees you

    • ඇම්ඩා says:

      19යේ ව්‍යවස්ථා කුමන්ත්‍රණකරුවන් 20 ගෙනවිත් පොහොට්ටු ලක්ෂ 69 ක පෙති හලයිද?

  2. රටවැසියෝ says:

    පාලකයෝ කොරෝනා කයිවාරු ගැහුවා චන්දෙට පෙර. මේක රජයේ වගකීමක් මිස පුරසාරම් දෙඩිය යුතු දෙයක් නොවේ. අනෙක් රටවල් ක්‍රියා කරනවා එසේම. එක එක නීති නැහැ. කොරෝනා වයිරසය වාගේ. ජාත්, ආගම් පංති, පක්ශ භේද කිසිත් නැහැ. බදිඋදීන් අල්ලන්න පොලොස් බලකායවල් 6ක්. ඒකටත් පුරසාරම්. නමුත් අමතක උනා මේ පෙන්වන්නේ පොලීසියේ දුර්වලකම කියා. මද්‍ය ප්‍රකාශකවරු ලැජ්ජාවෙන්න සාම හමුදාව ගැන.රටේ හැමදේම ලොකු නොම්බර වලින් පේන්න පටන් අරන්. පුරසාරම් කිව්වානම් දැන් අපි ලෝකේ කප් එක ගහන්න යන්නේ කියලත්. ආඩම්බරයි නේද?

  3. Gini says:

    With every government has problems to catch MP with dishonesty. Only when a poor person who travels in train with out a ticket he will be jailed. There are MP with murders charges this is not only this government, that is the politicians and the politics today (world wide.)

  4. Kalui says:

    19යේ ව්‍යවස්ථා කුමන්ත්‍රණකරුවන් නීතිය ඉදිරියට ගේන්න ගෝඨාභය ජනාධිපතිට සහ 2/3 පොහෝට්ටු පාර්ලිමේන්තුවට බැරි ඇයි?

  5. Sam Fernando says:

    හරි මහත්තයෝ ඔයා නිකං ඒකට ලකුණු දාගන්න හදන්න එපා. ඔයාටත් ඒ ටිකම තමයි.ඔයා දැන් හදන්නේ හොඳ මිනිහා වෙන්නද?

  6. ලක්වැසියා says:

    ආණ්ඩුව ඇතුලෙ ඉන්න කොන්දක් තියෙන මිනිස්සු මේ වගේ කෙලින් කථා කලේ නැත්ත්නම් මහින්ද, බැසිල්, චමල් සහ පුත්තු ටික මේ රට හප කරලම දායි.

Leave a Comment