මේ අර්බුදයේ පියා මහින්ද රාජපක්‍ෂයි.. මහින්ද හැදුවේ ගෝටාට, බැසිල්ට, නාමල්ට එක බැගින් වෛද්‍ය පීඨ හදලා දෙන්නයි..

July 4, 2017 at 12:16 am | lanka C news
මේ අර්බුදයේ පියා මහින්ද රාජපක්‍ෂයි.. මහින්ද හැදුවේ ගෝටාට, බැසිල්ට, නාමල්ට එක බැගින් වෛද්‍ය පීඨ හදලා දෙන්නයි..

ජාතික හෙළ උරුමය සයිටම් පුද්ගලික වෛද්‍ය පිඨය පිළිබදව ස්ථාවරය පැහැදිලි කරමින් මාධ්‍ය හමුවක් පැවැත්විණි.

ඒ සදහා මධ්‍යම කාරක සභික පුජ්‍ය  පස්සරමුල්ලේ දයාවංස හිමි,ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා, කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදිප් මහතා සහභාගි විය.

‘අපි එදා කිව්වා සේම අදත් අපි කියන්නේ මෙම පුද්ගලික වෛද්‍ය පිඨය වසා දැමිය යුතු බවයි. ඒ ශේෂ්ඨාධිකරණය කියන නිසා නොව ඒ මගින් ඇති කරන දේශපාලන ආර්ථික පසුබිම ගැන සලකා බලයි අපි කියන්නේ. ශ්‍රේඨාධිකරණය මගින් කරන්නේ නීතිමය වශයෙන් සලකා බැලිම පමණයි. නෙවිල් ප්‍රනාන්දුගේ මුලිකත්වයෙන් කරන ලද මෙම වෛද්‍ය පීඨයට ගන්නා ලද ළමයින්ට සාධාරණය ඉටු කරන්න ඕනෑ. සුදුසුකම් ඇති ළමයින්ට වෛද්‍ය සභාවේ අනුමැතිය ඇතුව වෛද්‍ය සහතකිය ලබා දිය යුතුයි. එසේම සුදුසුකම් නැති ළමයින්ට ඔහුන් විසින් ලබා දුන් මුදල් නැවත ලබා දිය යුතුය. අනිකුත් ළමයින්ට වෛද්‍ය විද්‍යාල අධ්‍යාපනයට අදාළ ඇති වෙනත් වෘත්තියන් සඳහා ඇතුල් විමට අවසර ලබා දිය යුතුයි’

වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍ය චම්පික රණවක කියා සිටියේ දැනට මෙම ප්‍රශ්නය නිසා ලංකාවේ සියලුම වෛද්‍ය පීඨ වසා ඇති බවත්, ඒ මගින් වෛද්‍ය ශිෂ්‍යන් 7000 විතර ඉන්න ළමයින්ගේ අධ්‍යාපනය මාස අටක් විතර නතර වෙලා තිබෙන බවත්ය. එසේම වෛද්‍ය සායන පුහුණු ළමයින් 1700 හා  ඒ හා  සමාන සුදුසුකම් ලබා ගත් වෛද්‍යවරුන් සිටිනවා. මේ හැමගේම ජිවිත ආපස්සට යනවා. එම නිසා හැකි ඉක්මනින් කඩිනම් ක්‍රියාමාර්ග අරගෙන මෙම ප්‍රශ්නය විසඳන්න ඕනෑ. තව දුරටත් මෙම ප්‍රශ්නය අදින්න බෑ.

සයිටම් විද්‍යාලයේ සිසුන් 1000 ගැන කථා කරනවා වාගේම වෛද්‍ය උපාධිය සඳහා අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇති සිසුන් 12000ක් ගැන රජය අවධාරණය යොමු කළ යුතුයි.

මෙම අර්බුදයේ පියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. මෙම ප්‍රශ්නය ගැන 2012 දි  හිටපු මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වුණු කැබිනට් මණ්ඩලයේ දි  මම මේ ගැන ප්‍රශ්න කළා මගේ විරෝධය පළ කලා. මහින්ද රාජපක්ෂ මහත්තයා මට කිව්වේ එදා හිටපු උසස් අධ්‍යාපන ඇමැති එස් බි දිසානයක මහතා හමුවන්න කියලා. ඒ අනුව මම කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් ඇතුළුව වෛද්‍යවරු කණ්ඩායමක් සමග එස්.බී.ඇමැතිතුමාව මුණගැසී මේ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළා. අපේ අදහස් යෝජනා දක්වා සිටියා. ඒ නිසා තමයි ඔය තරමට හරි එදා සයිටම් ආයතනයට නිතයානුකූලභාවයක් නොලැබුනේ. මහින්ද මහත්තයාට ඕනෑ වුනේ බැසිල් රාජපක්ෂ මහත්තයාට එක වෛද්‍ය පීඨයක්, ගෝඨාභය රාජපක්ෂට තවත් වෛද්‍ය පීඨයක් නාමල් පුතාට තවත් වෛද්‍ය පිඨයක් හදලා දෙන්න. ඒකට අපි එදත් විරුද්ධ වුනා අදත් අපි විරුද්ධයි. අධ්‍යාපනය කොටස් වෙළඳපොලේ විකුණන භාණ්ඩයක් නෙවෙයි. උසස් අධ්‍යපනය ලාභ ලබන අයතන බවට පත් කරනවාට අපි කැමැති නැහැ.

අපි මෙම මාලබේ සයිටම් ආයතනය රජයට පවරා ගන්නවාට කැමතියි. මොරටුව විශ්ව විද්‍යාලය දැනටමත් යෝජනවා කරලා තියනවා වෛද්‍ය පීඨයක් හදන්න. එයට මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය අනුයුක්ත කරනවාට අපි විරුද්ධ නෑ. හැබැයි අපි කැමැති නෑ. උසස් අධ්‍යාපනය ලාභ ලබන ආයතනයක් බවට පත් කරනවාට.

ජාතික හෙළ උරුමය
මාධ්‍ය ඒකකය

114 views

19 Comments to “මේ අර්බුදයේ පියා මහින්ද රාජපක්‍ෂයි.. මහින්ද හැදුවේ ගෝටාට, බැසිල්ට, නාමල්ට එක බැගින් වෛද්‍ය පීඨ හදලා දෙන්නයි..”

  1. NAK says:

    Pacha Pacha Pacha

    • Nuwan says:

      pacha Wenne kohomada mokak hari sathyakuth aethi, mage prasnaya,mokatada mahinda mahaththaya sitem eka patanganna idadunne, ethuma mokatada ekata naya dunne, karuru hari kiyanawanam ethumage anudaenumakin une naeha kiyala, apitath piliganna wanawa, yudde nenikale awasana sath deke MY3 kiyala, mokada ethuma puthgalika sancharayaka niratha wechci ekale waedabalana arakshaka amathi MY3

  2. Dushantha says:

    එකම විසඳුම හොර උපාධි කඩේ රජයට පවරා ගෙන මොරටුව විශ්ව විදයාලෙට අනුබද්ධ කිරීම. ඕකෙ දෑන් ඉන්න කට්ටියට වින්දියක් ගෙවලා ගෙදර යවන්ඩ. මේ රටට පුද්ගලික වෛද්‍ය විදයාල කොහෙත්ම ඕනෑ නෑ.

    • Dev says:

      naa. pudgalika waiddaya widdayala awashai.
      Eka egena ganeeme nidahasai.aythiyai.

      THawath nomile egenagea e barath janathwata patawanna epa.
      puluwan ewunta salli dela egena ganna arinna.

      ethakota addyapanaye kata padam tharangaya adu wewi.Daksha aya bihi wewi.

      Karanna ona anduwa madihath wela SLIIT wage meka semi karanna.

      Qualitiy eka maintain karanna.

      awama sudusu kama 3C wath karanna.

      Padeniya wage kuhakayan ehathakota kata wasa ganeewi.

  3. Critic says:

    Note that it’s not a ”Jathika Helaurumaya”It’s actually ”Jathika Karumaya” It’s high time you realised that you found a place to hide!

  4. hitan vs hutan says:

    මෙයාගෙ පියා කවුද​?

Main News