මේ ආණ්ඩුවට ඡන්දය දුන් 69 ලක්‍ෂයම අද ලැජ්ජාවෙන්..

March 20, 2021 at 1:20 pm | lanka C news
මේ ආණ්ඩුවට ඡන්දය දුන් 69 ලක්‍ෂයම අද ලැජ්ජාවෙන්..

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් නිසා ආණ්ඩුව බලයට පත් කළ 69 ලක්ෂයක් වූ ජනතාව අද අන් සියලු දෙනාම ට වඩා ලැජ්ජාවට පත්ව සිටින බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

මේ රටේ වාර්තා වන සියලුම වංචා වලට වඩා බරපතල වංචාවක් සේ සැලකෙන සීනි බදු වංචාව ඇතුළු සියලුම මහා පරිමාණ වංචාවන්ට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට පැමිණ වීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.

ජයසූරිය මහතා මේ බව සඳහන් කළේ සාධාරණ සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදීය.

කිසිදු බියක් හිරිකිතක් නැතිව මහ දවාලේ සිදු කළ මහා පරිමාණ වංචා කිහිපයක් ගැන අද මුළු රටේම කතාබහට ලක්වන බවත් පැවසූ ඔහු පිරිසුදු මුල්‍ය පාලනයක් ගැන හතර අතේ පොරොන්දු වෙමින් බලයට පත්වූ රජය යටතේ ජනතාව මෙවැනි තත්ත්වයක් සිහිනෙන්වත් බලාපොරොත්තු නොවූ බවද පැවසීය.

සීනි ආනයනයේදී සිදු වූ මහා මංකොල්ලය ගැන පිළිතුරු දීම ප්‍රතික්ෂේප කිරීමට රජයට කිසිම හැකියාවක් නැති බවද පැවසූ ඔහු එමගින් වංචාවක් සිදු වූ බවට කෝප් කමිටුව, මුදල් කාරක සභාව හා භාණ්ඩාගාරය ද පිළිගෙන ඇති බවත් දැන් විගණකාධිපතිවරයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද තවදුරටත් කියා සිටියේය.

11,053 views

27 Comments to “මේ ආණ්ඩුවට ඡන්දය දුන් 69 ලක්‍ෂයම අද ලැජ්ජාවෙන්..”

  1. ලෙඩෙක් says:

    මේකා තමා ලොකුම NGO පිල්ලි ය……
    නිකං සුදන වෙන්න එන හොර තක්කඩියෙක් …..
    මැරෙන වයස නිසා මරැ කියවනව මැරැනම සෙනඟ ගෙන්න ගන්න…..

  2. ලැජ්ජා බිමෙන් තීයපං මාමෙ says:

    ලජ්ජ බිමෙන් තියා ගෙන හිටිය නම් කථානායක මාමෙ.

  3. වීදිය බංඩාර says:

    යහපාලනේ තියෙද්දි තොපිල ඩීල් දාන්නෙ නැතිව මුන්ව හිරේට යැව්වනම් අද සීනි හොරකම් කරන එකා ඉන්නෙ මහ උළු ගෙදර නොවේද නාකි සිපයියො.

  4. yvonne- chula says:

    HEEN BABA SEEYA-

  5. Samantha says:

    When around 350 innocent people died because of the unacceptable negligence of the previous government where you were also a super active member, didn’t you feel ashamed of it? When various intelligence services reported over 98 times about the attack, when the government had been informed about the culprits names, addresses, ID nos. etc. still the previous government did not do anything to save at lease one single life, didn’t you feel ashamed of it? Mr. Horikadaya, don’t speak bullshit.

Main News