මේ ආණ්ඩුවට බැරිනම් විකල්ප කණ්ඩායමකට බාර දෙන්න වෙනවා..- අගරදගුරු

December 4, 2020 at 12:02 am | lanka C news
මේ ආණ්ඩුවට බැරිනම් විකල්ප කණ්ඩායමකට බාර දෙන්න වෙනවා..- අගරදගුරු

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන්ට දඬුවම් දීම නිසි ලෙස සිදු නොවන්නේ නම් වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් විකල්ප ක්‍රියාමාර්ගයකට එළැඹීමට සිදුවන බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ අගරදගුරු නිල නිවසේ දී සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සමග පැවති හමුවකදීය.

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන එළඹෙන විසි වෙනිදා අවසන් වීමට නියමිත බව පුවත්පතක වාර්තා වූ බවද උන්වහන්සේ සඳහන් කළහ.

නමුත් මෙම ප්‍රහාරයට මුදල් ලබා දීම අනුග්‍රහය දැක්වීම ආදිය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි ප්‍රමාණයක විමර්ශනයක් සිදුවන්නේ දැයි ප්‍රශ්නයක් ඇතැයිද කාදිනල්තුමා කියා සිටියහ.

කෙසේ හෝ මෙම විමර්ශන පසුපසට තල්ලු නොකරන ලෙසද ඉල්ලා සිටි උන්වහන්සේ දේශපාලන ඩීල් මගින් මෙම සිදුවීම පාපිස්ස යට දමා සැඟවීමට කිසිදු උත්සාහයක් දැරිය යුතු නැතැයිද කියා සිටියහ.

නිසි ලෙස මෙම කටයුතු සිදු කෙරෙන්නේ නම් වෙනත් කණ්ඩායම් වලට වගකීම බාර දීමට සිදුවන බවත් එසේ වුවහොත් මේ රජය සම්බන්ධ ඇති විශ්වාසය නම් බිඳ වැටෙන බව ද ඒ හිමියන් තවදුරටත් කියා සිටියහ.

31,231 views

24 Comments to “මේ ආණ්ඩුවට බැරිනම් විකල්ප කණ්ඩායමකට බාර දෙන්න වෙනවා..- අගරදගුරු”

  1. Sunil Dahanayake says:

    What the Cardinal telling is some truth. I am a Buddhist and I respect him.

    I voted and supported this government. But I am not a slave.

    IF GR want to win the election in 2025, he has keep away from family business and focus on his promises.

    • Sena says:

      His and his basterds mentality is totally different from the kindness of words and innocent-looking smile. You must learn about the behavior of priests who works under this man. They are the people who supported LTTE terrorists. and they still do.

    • With you Sunil! very right, Cardinal is a good honest respectable man, unlike some of our Buddhist business monks, weladam karana hamuduruwaru. If this useless, Family Govt, we all 69 lacks voted for is siding with Ranil and other corrupt UNP murderers, then we will have to work towards throwing this buch of ‘hora Phottuwos from Power very soon.

  2. Jagath says:

    ජනතා හිතවාදී ආණ්ඩුවක්‌ පත්කර ගනිමු.මේ ආණ්ඩුව පලවා හරිමු.

  3. ජනජය says:

    ඔබතුමා එකක් කියන්න..කවුද ඔය කියන විකල්ප කණ්ඩායම ??..දැනට එහෙම පෙනෙන කණ්ඩායමක් ළගපාතක නෑ…දැන් තියෙන ආණ්ඩුව ඇරුනම අනෙක් ඔක්කොම එවුන් සී සී කඩ..යන්නෙ කොහෙද මල්ලෙ පොල් ..ඔය විකල්ප කියන ඔක්කොමලා..!

  4. lakshitha says:

    ආණ්ඩුව පාස්කු සිද්ධිය විමර්ශනය කරගෙන යනවනෙ. ඒක පරක්කු වීම ප්‍රශ්ණයක් තමයි. ඒත් ඊට කලින් තමුන්ගෙ පූජක සෙට් එකක් උතුරේ ත්‍රස්ථවාදීන් සමරන්න ගිහින් අත් අඩංගුවට පත් වුනේ මොකද කියන එක කියනවා. ඒවට මීක් නෑ. ප්‍රභාකරන් ක්‍රිස්තියානි කරලා, ඌට යුරෝපා සංගමේ සහය අරන් දුන්නේ තොපි. උතුරේ පන්සල් කඩවන්නේ තොපි.අහිංසක පාට් දාගෙන අනිත් ආගම් කොටව කොටව කරන දේවල් ගැන බෞද්ධයොයි, හින්දු එවුනුයි, සාමාන්‍ය ක්‍රිස්තියානි මිනිස්සුයි තේරුම් ගන්න ඕනෙ. ඒ වුනාට මිනිස්සුන්ට එච්චර විචාර බුද්ධියක් නෑ.

  5. ක්‍රිමිනල් says:

    පහලම ස්ථරයේ මෝඩම පහේ බෛයො කිහිප දෙනෙක් හැරෙන්න , අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිම්පානන් මොනවද ප්‍රකාශ කරලා තියෙන්නේ කියලා අවබෝධ කරගන්න ඔනේ , මෙතුමාගේ පීඩනය තෙරුම් ගන්න ඔනේ , යහපාලන ආණ්ඩුව කෙලින්ම වග කියන්න ඔනේ පාස්කූ ප්‍රහාරය වෙන්න දීලා බලං හිටියට ,එ හා සමගාමීව ,පාස්කූ ප්‍රහාරය නිර්මාණය කරන්න යෙදුනු සහ එයට අධාර උපකාර කරපු සියල්ල කොටු කරගන්න ඔනේ , චන්දේට සටන් පාඨයක් කරගත්තනං ,කතෝලික ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්න ඔනේ ! පම්පෝරීයයි ,කයිවාරුවයි පැත්තකට දාලා නිසි ක්‍රියාමාර්ග ගන්න ඔනේ. නැත්තං 2025 දී කුණුකුඩෙට විසිවෙන්න බලාගෙන හිටියනං හොදා…

  6. ගොන් බයියා says:

    වග උත්තරකරු සිරිසේන. එයා දැන් ආණ්ඩුවෙ.

  7. Sam Fernando says:

    The only religious leader that country love. I am a Buddhist but I respect him so much.
    We will wait and see what the commission will reveal. What the country needs is the hidden hand behind the attack.

  8. LION says:

    Father Emmanuel created the Global Tamil Forum,

  9. දුටුගැමුණු says:

    චන්දයකින් පත්වන ආන්ඩුවකින් නම් ඕක කීයටවත් කරන්න බෑ , කුමංත්‍රනයක් කරලා බලය අල්ලලා තමුන්ට කැමති කෙනෙක් පත්කරලා ඔය වැඩේ කරගන්න පුළුවන් !

Main News