මේ ආණ්ඩුවට බැරිනම් විකල්ප කණ්ඩායමකට බාර දෙන්න වෙනවා..- අගරදගුරු

December 4, 2020 at 12:02 am | lanka C news
මේ ආණ්ඩුවට බැරිනම් විකල්ප කණ්ඩායමකට බාර දෙන්න වෙනවා..- අගරදගුරු

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන්ට දඬුවම් දීම නිසි ලෙස සිදු නොවන්නේ නම් වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් විකල්ප ක්‍රියාමාර්ගයකට එළැඹීමට සිදුවන බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ අගරදගුරු නිල නිවසේ දී සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සමග පැවති හමුවකදීය.

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන එළඹෙන විසි වෙනිදා අවසන් වීමට නියමිත බව පුවත්පතක වාර්තා වූ බවද උන්වහන්සේ සඳහන් කළහ.

නමුත් මෙම ප්‍රහාරයට මුදල් ලබා දීම අනුග්‍රහය දැක්වීම ආදිය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි ප්‍රමාණයක විමර්ශනයක් සිදුවන්නේ දැයි ප්‍රශ්නයක් ඇතැයිද කාදිනල්තුමා කියා සිටියහ.

කෙසේ හෝ මෙම විමර්ශන පසුපසට තල්ලු නොකරන ලෙසද ඉල්ලා සිටි උන්වහන්සේ දේශපාලන ඩීල් මගින් මෙම සිදුවීම පාපිස්ස යට දමා සැඟවීමට කිසිදු උත්සාහයක් දැරිය යුතු නැතැයිද කියා සිටියහ.

නිසි ලෙස මෙම කටයුතු සිදු කෙරෙන්නේ නම් වෙනත් කණ්ඩායම් වලට වගකීම බාර දීමට සිදුවන බවත් එසේ වුවහොත් මේ රජය සම්බන්ධ ඇති විශ්වාසය නම් බිඳ වැටෙන බව ද ඒ හිමියන් තවදුරටත් කියා සිටියහ.

31,530 views

24 Comments to “මේ ආණ්ඩුවට බැරිනම් විකල්ප කණ්ඩායමකට බාර දෙන්න වෙනවා..- අගරදගුරු”

  1. සුරේන් කුරුසේ says:

    අපි නම් කාදිනල් තුමාගෙන් ඉල්ලීමක් කරන්නේ , වහාම මේ පාස්කු ප්‍රහාරයේ
    විමර්ශන කරන වැඩපිළිවලට ජාතියන්ත්‍ර සහයෝගය ලබාගෙන , මේ අසරණ ජනතාවට සධාරයන
    ලබා දෙන ලෙස , මන්ද පාස්කු කොමිසමේ විමර්ශන ගැන අපිට විශවාසයක් නෑ , අත්අඩංගුවට ගත්
    පාස්කු ප්‍රහාරයට සම්බන්ද අය , දැන් නිදහස් , හැමදාම පාස්කු කොමිසමේ එකෙනකට ඇගිල්ල දික්
    කරන නාට්‍යක් තමයි අපි දැක්කේ , ඒ නිසා කාදිනල් තුමා කරුණාකර මේ විමර්ශනය ට විදේශ
    රටවල් වල විමර්ශන ඒකකයක් සහයෝගය හෝ UN එකේ සහයෝගය ලබාගන්න එකයි කලයුත්තේ

  2. Sohan says:

    මේ වෙනකොට මුස්ලිම් දේසපලුවන්, පූජකයන්, සහ අනිකුත් මුස්ලිමුන් අත්තඩංගුවේ සිටිය යුතුයි. ර්සාඩ්ගේ මලයා නිකම්ම නිදහස් කරපු එක බරපතල වැරැද්දක්. මුස්ලිම් ජන්ද කුට්ටියට කෑදර කම් නොකරන්න. දැනටමත් රට බයානක ලෙස ඉස්ලම් කරනයවෙලා. අරහෙන් දෙවනගල සහ මුහුදු මහා විහායේ ඉඩම් අල්ලාගෙන. සාෆි ගැන පරීක්ෂනවලට මොකද වෙලා තියෙන්නේ?

  3. nimalsiri says:

    ado uru moonaa valkam parayo. tho davasakata uru petaw 4k 5k kaala daala thoge moonama hariyatama maha
    urekuge vagemaya. ithin thota thegi vashayen hemadaama lebena uranwa kaala catholika genunta hukaagena indapan harida?nethuwa tho muslimvarunta erehiwa anan manan boru gothanda giyoth ehema thoge salakunak
    wath nothiyaa api denava thota gema. paasku iridaa bombaya set keruwe penda saha gotaaya. ekagena ratama danee.

  4. RED BULL says:

    හරින්ටයි සජිත්ටයි බාර දෙමු.ඒ දෙන්න ඇවිල්ල සමාවත් ගත්තනෙ.අතරමැදිය විදියට කාවින්දව ගමු.

  5. APPUHAMY says:

    Cardinal is stepping out of line. He cannot threaten to overthrow the government. This guy think Easter attack was the only terrorist attack in Sri Lanka.

    He and his predecessors were have forgotten how buddhist monks were killed, those observing ata sil were killed.
    Government is doing its best, the stupid cardinal must have patience.

  6. Sun says:

    There were big foreign elements behind the attack. It was a paid attack I am sure.

  7. අපිගොන්නු නොවේ...! says:

    1983විතර ඉඳලා බෝම්බ පිපිරුණා එවයේ වගකීම හිටපු දේශපාලන බලධාරීන් ෙහා් අරක්ෂක අංශ නිලදාරින් පිට පැටෙව්වෙ නෑ….සම්පුර්ණ යහපාලන අාණඩුව හා එයට ජන්දය දීපු ජනතාවම නැවැත අැතිවූ මුස්ලිම් ත්‍රස්තවාදයට වගකිවයුතුයි ….විතරක් ෙනෙමයි…අද…මේ…කවුද වැරදි කියලා ෙහායන සියලු කන්ඩායම්…වගකිවයුතුයි….ෙසවිය යුතුවන්නේ…අද දවසේ මුස්ලිම් ෙහා වෙනත් අාගමික ෙහා මතවාදයක් මත ත්‍රස්තවාදී සංවිධානයක් ගොඩ නැගෙනවාද යන්නයි…

  8. හැබැයි ඉතින් ඒ කාලේ ප්‍රභාකරන් ගොයියා නම් නිදහස් කරගන්න හැම වෙලේම ට්‍රයි කළා නේද උත්තමයෝ. තවම ඉතින් ඒ උත්තමයන්ගේ අනුශාෂකයෝ ඔබතුමාලගේ කස්ටියනේ. අර පහුගිය දවසක පොඩි ලෝගු කාරයෙක් පහන් පත්තු කරන්ට ගොහින් පොලිසියෙන් කුදලාගෙන යනවා දැක්කේ යාපනේ පැත්තේ. ඒවා ත්‍රස්තවාදයට උදව් දීම නොවේද උතුමාණෙනි. අර රායප්පු ජෝසප්, තෝමස් සෞන්ද්‍රනායගම් උන්නහැලා අහිංසකයෝද. ඒවා තලගොයි මස්, අරවා කබරමස් නේද . මට පෙනෙන්නේ ඔබතුමාත් කරන්නේ හීන් නුලේ ජාත්‍යන්තර දේශපාලනේ වගේ. අර හරීන් ගොයියත් පහුගිය දවසක කියල තිබුනේ

  9. Mr එච් යු කන්නා says:

    හොඳ වැඩේ එක එකාට පස්ස දීක්කරන් කරන් කඩේ ගියාට. දැන් පුප බිම ඇනිලා කරගන්න දෙයක් නැතිව නන් දොඩවාවනවා.

  10. Janaka says:

    යකෝ මේක මාර කෙලියක් නේ .බෝම්බ තියපු උන් ,උන්ව පෝෂනය කරපු උන්. මේ සදහා මූල්‍ය ප්‍රතිපාදන සැපයූ උන් පැත්තක .උන් ගැන කිසිම කතාවක් නැතිව රජයේ ප්‍රබලයින්ගේ පුද්ගලික කෝන්තර පිරිමහන්ඩ මාස ගනන් ප්‍රශ්න කර්න්නේ දේශ පාලකයින්ගෙන් සහ ආරක්ශක අංශ වලින් . පාස්කු බෝම්බේ තිබ්බු උන්ගෙන් කෝටි ප්‍රකෝටි ගනන් ජරාව කාල දැන් ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ ඉන්නවා .සිරාලව පූජිත් ජයසුන්දරලට දඩුවම් දීල ස්වාධීන අධිකරනය අපක්ශ්පාතී පරීක්ෂ්නයක් කලා කියා පාදඩ දේශපාලුවෝ උදම් අනයි . බෝම්බෙට වගකිය යුතු උන් රජයේ කැලෑ කපමින් උන්ගේ සනුහුරේ පදංචි කරමින් තව තවත් බෝම්බ තියයි .අගරදගුරු තුමනි ඔබගේ කැපවීම අපි අගය කරමු සියලුම සිංහලයෝ ඔබසමගයි .

Main News