මේ ආණ්ඩුවට විරුද්දව කැරලි ගහන්න සූදානම්.. සති දෙකක් කල් දෙනවා…

December 8, 2019 at 6:47 pm | lanka C news
මේ ආණ්ඩුවට විරුද්දව කැරලි ගහන්න සූදානම්.. සති දෙකක් කල් දෙනවා…

පැවැති යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන් 10දෙනකු සම්බන්ධයෙන් එල්ල වී ඇති ප්‍රබල චෝදනා ගැන ඉදිරි දෙසතියක කාලය ඇතුළත කටඋත්තරයක් හෝ ලබා නොගතහොත් වර්තමාන ආණ්ඩුවට විරුද්ධව කැරැලි ගැසීමට සිදුවන බව රාවණ බලය සංවිධානය මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ සඳහන් කළහ.

මේ සඳහා භික්ෂු සංවිධාන රැසක් අවධානය යොමුවී ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ.

ස්විස් තානාපති කාර්යාල සේවිකාවකගේ කටට පිස්තෝලයක් දැමීම, සුදු වෑන් නාට්‍ය සම්බන්ධයෙන් හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට විරුද්ධව රහස් පොලිසියේ පැමිණිලි කර ඇති බව ද උන්වහන්සේ පැවසූහ.

පාස්කු ප්‍රහාරය එල්ල කල සහරාන්ට රැකවරණය දීම, සංඝරත්නයට අපහාස කිරීම, බැඳුම්කර වංචාව, විල්පත්තු විනාශය ඇතුළු හිටපු ඇමතිවරුනගේ වංචා දූෂණ රැසක තොරතුරු ද ඇතුව රහස් පොලීසියට මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇතත් මෙතෙක් ඒ ගැන කිසිවකුගෙන් හෝ ප්‍රකාශයක් සටහන් කරගෙන නැතැයි උන්වහන්සේ කීහ.

මෙතරම් පැමිණිලි ගණනාවක් සිදු කර සිටියදීද දිගින් දිගටම පොලිසි වල රස්තියාදු වීමට මහා සංඝරත්නයට නොහැකි බවද කී උන්වහන්සේ මෙම චෝදනා ගැන නීතිය ක්‍රියාත්මක වන තුරු බලා සිටින බවද කියා සිටියහ.

441 views

47 Comments to “මේ ආණ්ඩුවට විරුද්දව කැරලි ගහන්න සූදානම්.. සති දෙකක් කල් දෙනවා…”

  1. නාලිනී හේවා මල්ලිකා says:

    මූ (ඉත්තැවා) යන්න එන්නේ රතුපාට අති සුඛෝපභෝගී කාර් එකක, කොහෙන්ද දන්නේ නැහැ ඔච්චර සල්ලි?

  2. Nandasoma Suriyaarachchi says:

    පවතින 19වන ව්‍යවස්ථාවට අනුව පොලිස්පති ඇතුලු උසස් නිළධාරීන් පත් කරනු ලබන්නේ ව්‍යවස්ථාදායක සභාව මගිනි……!
    එහි ඇති නිළධාරීන් පැවති රජයෙන් පත් කරන ලද අය බැවින්, ඒ අය එම උසස් නිළධාරීන් ඉවත් නොකරයි….!!

    එබැවින් අදාල පැමිණිලි වලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවන තත්වයක් උදාව පවතී…..!!!

    ජනාධිපතිට හෝ බවතින සුළුතර රජයට එයට එරෙහි වීමට ශක්තියක් නොමැත……!!!!

    එබැවින් මදක් ඉවසා වදාරනු මැනවි……..!!!!!

  3. Parakum says:

    Will GOTA follow the same fate as that of SWRD, This is what happen when you get the CHEEWARADHAREES to do the election campaign for you. SADHU, SADHU

  4. සූරිය says:

    සුදුසු කෙනාට රටක් බාර දුන්නා. දැන් පොඩ්ඩක් නිවාඩු ගන්න සති දෙකින් කැරලි ගහන්න දගලන්නැතුව. හාමුදුරුවෝ ජේ වී ද ඉස්සර . ඒ අයට තමා ඔය වැඩ හොදට පුලුවන්

  5. Abba says:

    The president should take action within a reasonable time frame to fulfill hopes of majority of Sri Lankans who voted for the betterment of the mother land. Otherwise, it will severely affect the hope of 2/3 in the upcoming election.

  6. සෙමා says:

    ඕවා බොරු ටෝක්, පුලුවන් නම් කැරලි ගහලා බලන්න සාධු. දැන් යහ පාලන ආන්ඩුවක් නොවෙයි හිතේ හැටියට වැඩ කරන්න​.

  7. Nuwan says:

    ඔව්, නිතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ

Main News