මේ ආණ්ඩුවට විරුද්ද නොවන්නේ විකල්පයක් හදා ගන්නා තෙක් පමණයි..- මුරුත්තෙට්ටුවේ හිමි

April 16, 2021 at 2:10 pm | lanka C news
මේ ආණ්ඩුවට විරුද්ද නොවන්නේ විකල්පයක් හදා ගන්නා තෙක් පමණයි..- මුරුත්තෙට්ටුවේ හිමි

තමන් වර්තමාන ආණ්ඩුවට විරුද්ධ නොවන්නේ බලය ලබාදීමට වෙනත් විකල්පයක් නොමැති නිසා බව නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කරන ලද්දේ අභයාරාමයේ ඊයේ (15 වැනිදා) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.

‘‘අපි ආණ්ඩුවට විරුද්ධ නැහැ. විරුද්ධ නැත්තේ වෙනත් හේතුවක් නිසා නෙමෙයි. මේ මොහොතෙ අපි විරුද්ධ වුණොත් නැවත වාරයක් එන්නේ හිටපු අයම තමයි. අපි ඒකට විකල්පයක් හදන්න ඕනෙ. විකල්පයක් හදලයි විරෝධය පළ කරන්නේ. දැන්ම නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ සෞභාග්‍යයේ දැක්ම ඉදිරියට යයි කියල. එහෙම ඉදිරියට යනවනම් මේ දැන් සිද්ධවෙන දේවල් නතර කරන්න වෙයි. එහෙම නැතුව තුනෙන් දෙකේ බලයක් ලැබුණා කියලා වර්තමාන පාලකයෝ මේ රට විනාශ කරන්න කටයුතු කරනවා නම් අපි නිහඬව ඉන්නේ නැහැ.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයගෙන් අපි ඉල්ලන්නේ උපදෙස් දෙන වටේ ඉන්න කේවට්ටයන්ගෙන් පරිස්සම් වෙන්න කියලා. පොහොට්ටුවක් කියලා යමක් ඇති වුණා නම් ඒ ඇති වුණේ අභයාරාමෙන්. ඒක අද මතක නැති එක වෙනම දෙයක්’’ යැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

නයන තරංග ගමගේ
– aruna

40,415 views

20 Comments to “මේ ආණ්ඩුවට විරුද්ද නොවන්නේ විකල්පයක් හදා ගන්නා තෙක් පමණයි..- මුරුත්තෙට්ටුවේ හිමි”

  1. Gajaman says:

    Meelaga Gama samaga pilisadara tiyanne Port City eke ape hamuduruwane..

  2. නාගවිහාරෙ ගන්ටාරෙත් සිංගප්පූරු ගියා says:

    නාගවිහාරෙ ගන්ටාරෙත් සිංගප්පූරු ගිහින් ආවෙනෑ. මූන්දත් බුරනව. තෙල් ඉවර වෙලා වගේ.

  3. Puravasiya says:

    Religious sectors should not get involved with politics. This monk is trying to play another drama.

  4. GAMINI SENANAYAKE says:

    ඒ කියන්නේ ඕගොල්ලොන්ට ඕන කරන විපක්ෂයක් හැදෙනකම් ආණ්ඩුව රකිනවා. එතකොට ආණ්ඩුවට කරන්ඩ තියෙන්නේ, ඕගොල්ලොන්ට ඕන කරන විපක්ෂයක් හැදෙන්ඩ දෙන්නේ නැතිව ආණ්ඩුව පවත්වාගෙන යන එක. තමුන්ලා වගේ බයියෝ කියන එක අහන මිනිස්සු දැන් රටේ නෑ.

    • DHARSHANA ABEYKOON says:

      මෙචිචර දවසක් මෙි හිමි නම හොදවෙලා හිටපු බත්බැලයාට දැන් විසවෙලා. යකෝ ඔලුවෙි අමාරැවට ඉක්මනට බෙහෙතක් ගනින්

  5. Don says:

    Your alternative option is Besil and Namal?,

  6. Chathu says:

    Janadhipathi thumani, menna me hamuduruwo monada illanne kiyala ratata kiyanda. Ekko me illana deyak deela danda.hemadaama adanawa mala wadayak wela thiyenne.

  7. Mee harak says:

    Hik…. Hik… api thamai hondatama kore…… BMW labeen….

  8. NAK says:

    ආනන්ද හාමුදුරුවනේ මාදුළුවාවෙ සෝබිත හාමුදුරුවන්ට වෙච්ච දේ කරගන්න එපා‍‍‍. ඇමරිකන් එම්බසිය කියනදේ කරන්න ගිහින් උන්වහන්සේ අපවත් වෙලා තමයි නතර උනේ.

  9. MD says:

    හාමුදුරුවනේ අපට වෛරය කියලා දෙන්න මහණ කමේ නොඉඳ තීරණයක් ගන්න.පන්සලේ බෝධි පුජා පිංකම් දිනපතාම සංවිධානය කරගන්න. ඵතකොට ටිකක් ධර්මය පැත්තට යොමුවෙයි.

Main News