මේ ආණ්ඩුවේ අපි අසරණයි.. මෙහෙම කැබිනට් ඇමතිලා මොකටද..- රාජ්‍ය ඇමති වේදිකාවක හඬා වැටේ…
March 29, 2021 at 10:26 pm | lanka C news
“අපේ ජනතාව නිරන්තරවෙන් පිඩා විදින වල් අලි ගැටළුව ගැන වනජීවි ඇමතිවරයාට කියපුහාම එයා මට කියනවා ජනතාව ඉස්සරහා වීරයෙක් වෙන්න එපා කියලා” යැයි රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න මහතා පැවසිය.
රාජ්‍ය ඇමතිවරයා මේ බව පවසා සිටියේ ලක්ෂ 350 ක වියදමින් මහකුඹුක්කඩවල කිවුල තරුණ ව්‍යාපාරයේ 16 වැව් වාන හරහා ඉදිවුන පාලම විවෘත කිරිමේ උත්සවයට එක්වෙමිනි.
එහිදි වැඩි දුරටත් අදහස් දක්වමින් සංවේදි වු රාජ්‍ය ඇමතිවරයා මෙසේද පැවසිය.
“මම කනගාටුවෙනවා ජනතාවගේ ප්‍රශ්ණ තෙරුම් ගන්න බැරි කැබිනට් ඇමතිවරු අපේ රජයේ සිටිම පිළිබදව.
අපි ජනතාවගේ මනාපයෙන් පාර්ලිමේන්තුවට ගිහින් ඒ ජනතාවට සේවය කරන්නේ නැත්නම් ඒ මනාපයට දෙන වටිනාකම මොකක්ද .
ආණමඩුව ආසනය තුළ වන අලි මිනිස් ජීවිත වනසන එක ඉහළ ගිහින්. ඒ බව විෂය භාර වනජීවි ඇමති සී.බී. රත්නායක මහතාට දැනුම් දුන්නාම ඔහු මට කියනවා ජනතාව ඉස්සරහා වීරයෙක් වෙන්න එපා කියලා .
මට හරිම කනගාටුවක් ඇති වුණා. මේ තරම් බරපතල ගැටළුවක් තේරුම් ගන්න බැරි ඇමතිවරු අපේ කැබිනට් එක තුළ ඉන්න එක ගැන.
අපි පත්වුණේ ජනතාව නිසා නම් ජනතාවගේ බදු මුදලින් අපිව රකිනවානම් ඇයි අපි ජනතාවට සේවය කරන්න බැරි.
මේ හේතු නිසා අපේ රජය තුළ අපි අසරණ වී සිටිනවා. හැබැයි කියන්න වුවමනායි මේ විදිහට ඉන්නේ කැබිනට් ඇමතිවරු කිප දෙනෙකු පමණයි. නමුත් ඒ කීප දෙනා ඇති මේ රජය අප්‍රසාදයට ලක් කරන්න.
පුත්තලම දිස්ත්‍රික්කයේ අලි මිනිස් ගැටළුව විසද ගන්න විෂය භාර ඇමතිවරයාට කතා නොකර මම කාටද කතා කරන්නේ. මේ ඇමතිවරු අපිට මේ විදිහට කතා කරනවා නම් අනිත් අයට කවර කතාද? එකයි මට දුක ඇත්තටම පුදුම කනගාටුවක් ඇති වෙන්නේ මිනිසුන්ගේ ප්‍රශ්න තේරුම් ගන්න බැරි ඇමතිවරු අපේ රජය තුල සිටිම ගැන”
– ADA
මෙම කටයුත්ත ජනාදිපති තුමා හමුදාවට බාර දිය යුතුයි. එය ජනතාවගේ බලාපොරොත්තුවයි.
ගෝටා කෙවිට අතට ගන්න කාලය හරි. මෙහෙම ප්‍රසිද්ධියේ ඇඩුවම මිනිස්සු අසරන වෙනවනෙ මුන්ට වඩා.
එයා කරන්නෙත් ඉතිං ගමින් ගමට ගිහින් අඬන එකනෙ.
වනජීවි ඇමතිලා ගේ සේවය නිසයි අද අපේ රටේ වන රක්ෂිත විනාශ වී අලි මිනිස් ගැටුම් ඇති වන්නේ ..අලින්ගේ ජිවත් වන පරිසර විනාශ කල විට අලින්ට කෑමට කිසිවක් නැහැ ඒ නිසයි ගම්වලට එන්නේ ….ලොක්කෝ සැප විදිනවා ජනතාවගේ ජන්දෙන් බලයට ඇවිත් ..ගම්බද ජනතාව දුක් විදිනවා මේවගේ නරුම ඇමතිලා බලයට යවලා ….
මු යහපලනෙත් ඇමති පොහොට්ටුවෙත් ඇමති පට්ට වැඩ්ඩේක් වෙන්න ඇති
අද රට තිබෙන තත්වය අනුව මේ රට ගොඩගැනීමට
පණ ඇත්තේ..
හමුදා පාලනයකට පමනකි…!
සිහිනෙන් වත් නොසිතිය යුතු දෙයක්!!! දන්නවද හමුදා වලට බැඳෙන ලොකු කොටසක් ඉන්නව උන් බැඳෙන්න රටට ආදරේට නොවෙයි… බලයට තියෙන ආසාව නිසා… තමන්ට සර් කියල කියව ගන්න තියෙන විකෘති ආසාව නිසා…. ඒ වගේ එකෙක් බලයට ආවොත් රට ලේ ගඟක් වෙනව නියතයි… එකෙක් හරි ආවොත් ඒකෙ රහ බලන්න රැල්ලක් වගේ වරින් වර හමුදා කුමන්ත්‍රණ සිදු වෙනව.. මියන්මාරයේ වුනේ ඒක තමයි…
You all 225 are useless and must go home. For 72 you have eaten and finished the country and there is nothing more left except the suffering masses.
Good lesson for giving support for this corruptive regime. Follow Wimala’s path. No way one word.
සී.බී රත්නායක කියන්නෙ වැදගත් හොරෙක්
wedagath..? koihariyeda..? ha..ha…ha…..
ඔන්න ඔය අලි වෙඩි තියල දැම්මම ප්‍රශ්නෙ ඉවරයි. මොකෝ අලින්ට චන්දබලේ නැතිනිසා උන්ගෙන් කිසිම වැඩක් නැහැ.
Why should he bother?There are no wild elephants in the Walapane area,know?
ඔබ තුමා පමණක් නොවෙයි ඇමැති තුමෝ අනෙක් කැබිනට් ඇමැතියොත් නමට විතරයි, සර්ගේ වියත් මග සාමාජිකයෙක් වෙන්න වැඩක් කරන්න ඕනේ නම්
oya amthi nemai,,, ooke inna okkoma amathiyoo gon wasso
මොහු උත්සහ කලේ වනජීවී ඇමති හරහා කෙලින්ම අලින්ට කතාකරවන්න වෙන්ටෑ.
අලිවැට සම්බන්දව ඉන්නේ දිසානායක ඇමති බව වත් දන්නැත්තන් ඉතිං මොන තනතුරක්
දුන්නත් අඩන්ට තමා සිද්දවෙන්නෙ.
පිං සිද්දවෙයි ඔය සත්තුන්ට නිදහසේ ඉන්න දීල උඹේ ඔය කැලා පාලුවෝ ටිකත් එක්ක කැලෙන් පිටවෙයන්;;;