මේ ආණ්ඩුව කොරෝනා මර්දනය කරන්නේ අපි පත් කල නිලධාරීන්ගෙන්.. අපේ සුවසැරියෙන්..

May 16, 2020 at 6:48 pm | lanka C news
මේ ආණ්ඩුව කොරෝනා මර්දනය කරන්නේ අපි පත් කල නිලධාරීන්ගෙන්.. අපේ සුවසැරියෙන්..

විපක්ෂය කොරෝනා මර්දනයට කිසිදු සහයක් ලබා නොදෙන්නේ යැයි ආණ්ඩුව විසින් එල්ල කරන චෝදනාව පිළිගත නොහැකි බව සමගි ජනබලවේගය ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

අද ආණ්ඩුව කොරෝනා මර්දනය සිදු කරන්නේ පැවති තම රජය විසින් සිදුකරන ලද පත්වීම් නිලධාරීන් හරහා බවද ඔහු කියා සිටියේය.

එමෙන්ම අද කොරෝනා මර්දනය සදහා විශාල ලෙස ප‍්‍රයෝජන වන ‘සුවසැරිය’ ගිලන් රථ සේවය තම රජයේ ව්‍යාපෘතියක් යයිද ඔහු පැවසීය.

එමෙන්ම හා වත්මන් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද තම පාලනය විසින් පත්කරන ලද නිලධාරීන් යයිද ඔහු කිය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ස්වර්ණවාහිනී ‘රතු ඉර’ දේශපාලන වැඩසටහන සමග එක්වෙමිනි.

එහි දී ඔහු තවදුරටත් කියා සිටියේ 2015 ට කළින් මෙරට සිටියේ සිටියේ එක රජෙකු වුවත් දැන් රජවරු දෙන්නෙක් සිටින බව ජනතාව කියන බවද ඔහු පැවසීය.

372 views

55 Comments to “මේ ආණ්ඩුව කොරෝනා මර්දනය කරන්නේ අපි පත් කල නිලධාරීන්ගෙන්.. අපේ සුවසැරියෙන්..”

  1. වසභ says:

    ඉන්නෙ කලින් හිටපු නිලධාරින් නම් කලින් මේ විදියට වැඩ කාර්‍යක්ශමතාව නැති උනේ කොහොමද . මොක්ද දැන් තියන වෙනස කලින් නොතිබුණු . පැහැදිලියි නෙ එකම දේ නායකත්වය විතරයි . දක්ශ නිලධාරින් ගෙන් වැඩ ගන්න දක්ශ නායකත්වයක් ඕන. ඒක දැන් ඔප්පු වෙලා තියනව

  2. Didi says:

    Moda mee HARAKA, heta anidda kiyayida danne na Me anduwa Pasku Pareekshanaya karanne Muge Thaththa gedara inna kiyapu hinda kiyala.
    mewa ekakwath thopewath MR ge warh GR ge warh AKD ge wath SP or RW ge newei, Mahajanathawage salli Kaalakanni wasala ballo

  3. Didi says:

    Moda mee HARAKA, heta anidda kiyayida danne na Me anduwa Pasku Pareekshanaya karanne Muge Thaththa gedara inna kiyapu hinda kiyala.
    mewa ekakwath thopewath MR ge warh GR ge warh AKD ge wath SP or RW ge newei, Mahajanathawage salli. therum ganin Kaalakanni wasala ballo

  4. නිමල් says:

    ම්ල්ශා එක්ක ඉන්න විට අරැම පුදුම අදහස් නේ ගලාගෙන ඉන්නේ. ඉස්සර කන්ඩායම හිටියට වැඩක් නැහැ හරි හමන් පාලනයක් නැත්නම්. දැන් හොද නායකත්වය නිසා ඒ හිටිය ටීම් එකෙන් වැඩ ගන්නවා

  5. Nawodhi says:

    These are the people who ruined this country under the UNP regime.

Main News