මේ ආණ්ඩුව තව වසර 10කට හොල්ලන්න බෑ.. ජනතාව ආණ්ඩුව ගැන පැහැදිලා ඉන්නේ..

September 5, 2020 at 6:28 am | lanka C news
මේ ආණ්ඩුව තව වසර 10කට හොල්ලන්න බෑ.. ජනතාව ආණ්ඩුව ගැන පැහැදිලා ඉන්නේ..

පවතින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව තවත් වසර දහයකට වත් වෙනස් කළ නොහැකි යැයි තමන් විශ්වාස කරන බවත් හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා සඳහන් කරයි.

ආණ්ඩුව විසින් විශාල පිරිසකට රැකියා ලබා දෙමින් සිදු කරන සේවාව ඇතුළු ක්‍රියාමාර්ග නිසා ජනතාව ආණ්ඩුව ගැන පැහැදී සිටින බව ද ඔහු පවසයි.

යහපාලන ආණ්ඩුව රට පාලනය කරද්දී ජනතාවගේ ප්‍රශ්න සොයා බලා කටයුතු කලේ නම් අද එක්සත් ජාතික පක්ෂයට මෙම තත්ත්වය අත්විඳින්න සිදු නොවන බවද ඔහු සඳහන් කළේය.

පැවැති යහපාලන ආණ්ඩුව තරුණයන්ට රැකියාවක් හෝ ලබා දීමට අපොහොසත් වූ බවත් වත්මන් ආණ්ඩුව ලක්ෂ ගණනක් රැකියා ලබාදීමට කටයුතු කිරීම ඉතා වැදගත් බවත් හිටපු ඇමතිවරයා කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව එදා කළ වැරදිවලට වන්දි ගෙවීම් සිටින බවද ඔහු තවදුරටත් පැවසීය.

28,468 views

11 Comments to “මේ ආණ්ඩුව තව වසර 10කට හොල්ලන්න බෑ.. ජනතාව ආණ්ඩුව ගැන පැහැදිලා ඉන්නේ..”

  1. Niru says:

    Yes unlike Yahapalanaya which started with a robbery and destruction of foot paths etc this government has done magnificently
    The handling of oil tanker fire by the government officials without interference of the politicians would have never happened under any other government
    The leadership of Gota is magnificent and there is almost no equal in the world 🌎

    • Saman says:

      දැන් ඉතින් අගමැති යන සෑම සංචාරයකටම වෙනද වගේම මෙයාව ගෙනියයි. මොන ආන්ඩුව ආවත් මුන් ගොඩ .මහජන මුදලින් බුරුතුපිටින් යන දේශපාලුවන්ගේ සංචාර සීමා කලයුතුයි.

  2. දුටුගැමුණු says:

    බුවනෙක ජොනීලාට, ආයෙත් මහින්ද ලා 2015 ට ගෙනගොස් ජනෙල් පොල්ලේ එල්ලන්නට පුළුවන් කම තිබේ

  3. HUKARIS says:

    Hemotama Viagra Dennath anduwa yojanakaloth, Injection walin arake le adina gadjet gennala dennath mama, Buuru Jhon ge mithraya lesa yojana karami.

  4. Thilak says:

    Thanks mr.jhon.oba thuma kuhaka novi aththa katha karana 1ta magen subapathum.hoda de hoda kiya uthui.naraka de narakai kiyanna api phadiliwa pelagasemu

  5. Ane huke says:

    ????

  6. Dikman Aiyya says:

    …onnn ATTHA,….but,….should not get discourage,…generally our people do mot like GOOD TIMES,….and they like CHANGE,…and get in to a mess and suffer….SOOO,….there is HOPE

  7. Duka says:

    ගෙම්බා jump කරන්න වගේ යන්නේ.

  8. Opa-dupa says:

    මේ ගොල්ලො කරපු වැඩ මතක නේ. ගෑනු තියාගෙන උත්තේජක බිබී ලෝකය හිනැස්සුවා. අහිංසකයො ඇක්සිඩන්ට් වලින් මැරෙනවා .මුන් මැරෙන්නෙ නැහැ නේ.

  9. බන්ඩා says:

    20 න් ද්විත්ව පුරවැසියන්ට මංත්‍රී වෙන්න ඉඩ දීමට පක්ෂ භේදයකින් තොරව ජනතාව කැමති නැහැ. ආණ්ඩුව 20 න් අනාගන්නවද?

  10. Saradiel says:

    මේ කතා එළිදකින්නේ පැරදුනාම මුන් සේරම කම්බා හොරු මතකනැද්ද ජෝන් හදාපු පාරක් විනාසකලා.

Main News