චිත‍්‍ර ඇදපු අය අපෙන් රස්සා ඉල්ලනවා.. සුරපුරයක් වගේ ස්විට්සරලන්ත පුරවැසිකම අතහැරියේ අපරාදෙ..

November 7, 2021 at 11:20 am | lanka C news
චිත‍්‍ර ඇදපු අය අපෙන් රස්සා ඉල්ලනවා.. සුරපුරයක් වගේ ස්විට්සරලන්ත පුරවැසිකම අතහැරියේ අපරාදෙ..

තමන් සුරපුරයක් වැනි ස්විට්සර්ලන්තය පුරවැසිකම අතහැර දැමීම අපරාධයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි.

දැන් ගමට ආ විට පොහොර නෑ, වතුර නෑ කියා ජනතාව බනින බව ද ඇය පැවසීය.

2020 පාරවල් ටික පවා කිරීමට සිමෙන්ති පවා හිගයක් ඇතැයි ද ඇය සඳහන් කළාය.

කුමාරසිංහ මහත්මිය මෙසේද කීවාය.

දැන් ඔයාලාට තේ එකක් බොන්න සීනි නැතිවුණාම මහින්ද රාජපක්ෂ මහත්තයාටත් බනිනවා.බන්දුල ගුණවර්ධන මහත්තයාටත් බනිනවා.අන්තිමේදී අපිටත් බනිනවා.

‘2020 පාරවල් ටික කරලා නෑ තවම. මහ විසාල බර මුදලක් හැම ගමටම ලක්ෂ විස්සක පාරක්..හේතුව සිමෙන්ති නෑ.. මං නං අනේ හොඳම කට්ට කාපු එක්කෙනානෙ.

අර ස්විට්සර්ලන්තෙ වගේ සුරපුරයක් වගේ රටේ පුරවැසිකම අතඇරල දැම්මා. ගමට ආවම බැනුම් වතුර නෑ උඹ අපට වතුර දෙන් නැද්ද.. මොනව කරන්නද මම දුවනව හතර වටේ. කාට කියන්නද කාගෙ වරදද කියල දන්නෙ නෑ මම.

එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා ලස්සණට කිව්වා.. කෝ අර චිත්‍රෙ ඇඳපු ළමයි කෝ කියල කිව්වා..අනේ උන් ඇවිල්ල අපේ දෙපතුල ගාව වැඳ වැටිලා රස්සා දෙන්න කියල මොනකරම් ඉල්ලීම් කළාද.. කොහෙන් දෙන්නද. අනේ මගේ ගාමන්ට් ෆැක්ට්‍රීස් වලිනුත් බාගයක් වහලා.. නැත්නම් මං අඩුගානෙ උන්ව ඒවට දාගන්නවා.

දැන් නං හිතෙනවා ඒව ටික කරගත්තනං තව මොකක් හරි කරගන්නව කියලා.. අන්තිමට ඒවත් කරගන්න බැරිවුණා.

දැන් පොහෝර කතන්දරේ ආවා.මේ පොහෝර වැඩේනම් ජනතාව ලොකු කරදරේක දාපු කතන්දරයක්.අනේ කුරුදු ටික අනේ තේ ටික එහෙන් කුඹුරු ටික ගොවීන්ට කරගන්න විදිහක් නැහැ පොහෝර නැතිව.මේ එකක්වත් කරගන්න බැරිවෙද්දී මිනිස්සු ආණ්ඩුවට බණිනවා.

දැන් ඉන්දියාවෙන් පොහෝර ගෙන්වනවා විශාල මුදල් දිදී.හාල් අපනයනය කරනවා.අපිට හාල් අතිරික්තයක් තිබ්බා.මේ ගෙන්වන හාල් මොනවා දාලා හදලා ද කියලා කවුද දන්නේ.අපිට් මේ ගෙන්වන හාල් ෂුවර් නැහැනේ.කවුද දන්නේ මේ මොන හාල් ද කියලා

61,323 views

15 Comments to “චිත‍්‍ර ඇදපු අය අපෙන් රස්සා ඉල්ලනවා.. සුරපුරයක් වගේ ස්විට්සරලන්ත පුරවැසිකම අතහැරියේ අපරාදෙ..”

  1. chamil says:

    Meyata amathi kamak nathiwa duka me

  2. Ranjan says:

    All forget how during COVID these fellows came running to Sri Lanka from the Heaven (.සුරපුරයක්).

    • CAT says:

      කෝ අර චිත්‍රෙ ඇඳපු ළමයි කෝ කියල කිව්වා..අනේ උන් ඇවිල්ල අපේ දෙපතුල ගාව වැඳ වැටිලා රස්සා දෙන්න කියල මොනකරම් ඉල්ලීම් කළාද.. කොහෙන් දෙන්නද. මහින්ද පවසනවාලු හැබැයි එයාගේ පුත්තු 3 දෙනාට සැප විදින්න ඕන තරම් මුදල් තියනවා …දැන් එයාලා ක්‍රිකට් බලන්න ඩුබායි වල ..මේවා ජනතාවගේ බදු මුදල් නේද ? රටේ ඉඩම් ජාතික සම්පත් වෙන්දේසියේ ,පුත්තු විනෝදෙන් ..රටේ තරුණයෝ රැකියා සොයමින් දුක් විදිනවා …ඔබත් දරුවන් සිටින පියෙක් නේද ? රටේ තරුණ ,තරුණයින් ඔබේ දරුවන් වගේම නොවේද ? ඒ ගැන දැන්වත් හිතන්න ..රට ගිනි ගනිද්දී අගමැතිගේ පුත්තු විනා ගහමින් විනෝදෙන් ..ලැජ්ජයි ,දුකයි

  3. ජෙප්පා says:

    ස’ තමයි හොදටම කලේ

  4. සවාධීන says:

    අනේ පලයන් ගෑනියේ යන්න. අපි නොදන්න ස්විස්ටර්ලන්තය. උබලට ඵහේ නිකං පිනට ජීවත් වෙන්න බෑ ලංකාවෙ වගේ.

    • Saradiel says:

      මේ ගෑනි රටේ ජනතාව ගොනාට අන්දන්න හදනවා …තමන්ගේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් දේශපාලුවෝ සැප විදිමින් පිටරටට ආවඩන්න එපා

    • SL guy says:

      DAN shapadaa? Gon Byya.

  5. 3% ට බය බයියා. says:

    ලෝකයම උතුම් ජාතියක් අද බංගලීන්ගෙන් ණයට ගන්න ජාතියක් බවට පොහොට්ටුවේ කට්ටිය පත් කර ඇත.ඉන්දියාවට වැදලා පොහොර ගෙනවා,ලක් මවගේ ඇස් මස් ලේ විජාතිකයන්ට විකුණනවා .පොහොට්ටුවේ සෙට් එක කෝටිපතියන් වෙනවා .ඒවා දෙස බලාගෙන 69 ලක්ෂය කිරිබත් උයාගෙන කයි .

  6. LalithM says:

    දේශපාලන වෙසඟනක්. එපමණයි.

  7. Kalu Albot says:

    Oyaa ara parana rassaawa karagana hitiyaa nam meeta wadaa kochchara hondada?

  8. දු​කා says:

    ජනාගේ නංගි උනානම් අද ඔයත් ද්විත්වපුරවැසි පාර්ලිමේන්තු මන්ත්‍රිනියක්, අලි අපරාධයක් උනේ.

  9. Athula says:

    අනේ පලයන් බං යන්න උඹ ආවත් නාවත් රටට ඇති වැඩක් යැ.. අර ඒ දවස් වල ඇහැ පුංචි කරගෙන කෝපයෙන් තර්ක කලේ රට සුරපුරයක් කරනවා කියලා යකෝ කම්බ හොරු එක්ක රට ගොඩ ගන්න පුළුවන්ද තොපි පලයව් මකබැවිලම …

  10. මෝ says:

    සුවිස්ටරලන්තෙ නෙවෙයි තෝ පල අපායට ගොන් නෑම්බි.

Main News