මේ ආණ්ඩුව පොහොර ගැන මෙලෝ දෙයක් දන්නෑ.. ලොකු මුදලක් දී නොවටිනා පොහොරක් ඉන්දියාවෙන් ගේනවා..- තිස්ස විතාරණ

October 27, 2021 at 3:00 pm | lanka C news
මේ ආණ්ඩුව පොහොර ගැන මෙලෝ දෙයක් දන්නෑ.. ලොකු මුදලක් දී නොවටිනා පොහොරක් ඉන්දියාවෙන් ගේනවා..- තිස්ස විතාරණ

වත්මන් ආණ්ඩුව පොහොර ගැන මෙලෝ දෙයක් දන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.

විශාල මිලක් වියදම් කරමින් කිසිම ගුණාත්මක බවක් නැති පොහොර මිලදී ගන්නා බව ගන්නා බවද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ලංකා සමසමාජ පක්ෂ ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ සාකච්ඡාවක් අමතමිනි.

දැනට ඉන්දියාවෙන් ආනයනය කරමින් ඇති පොහොර වර්ගයට වඩා ලාභ සහ ගුණාත්මක භාවයෙන් වැඩි පොහොර ස්ලින්ටෙක් ආයතනය විසින් දියුණු කර ඇති බවද ඔහු සඳහන් කළේය.

ශ‍්‍රී ලංකාවට එම පොහොර වර්ගය සාදා විදේශයන්ට අපනයනය කල හැකි බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

28,843 views

14 Comments to “මේ ආණ්ඩුව පොහොර ගැන මෙලෝ දෙයක් දන්නෑ.. ලොකු මුදලක් දී නොවටිනා පොහොරක් ඉන්දියාවෙන් ගේනවා..- තිස්ස විතාරණ”

  1. KDN says:

    This Bull shit man was a minister for several years but done nothing for the country.

  2. ලසන්ත says:

    කාබනික පොහොර ගැන විශේෂඥ දැනුමක් තියෙන පාංශු විද්‍යාඥයන් බොහෝ දෙනෙකු මේ වන විට ලන්කාව අතහැර ගොස් විදේශ රටවල් වල පදිංචි වී හමාරය. එයට ප්‍රධාන හේතුව ලන්කාව තුලදී ඔවුන්ට නිසියාකාරව වැඩ කිරීමට පරිසරය නොමැති වීමයි. උගත් කම නොමැති දේශපාලන කාලකන්නි පක්ෂ මාරු කරමින් ඔවුන්ගේ මෝඩ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන නිසා උගත් අය රට හැර යනවා. දැන් ලන්කාව තුල සිදුවන්නේ එක එකාට ඕනෑ විදිහට කෘෂිකර්මය අවිධිමත් ලෙස හැසිරවීමයි.

  3. නාලක says:

    ඉන්දියානු වතුර ඩොලර් දහස් ගානින් දීලා ගෙන්නන්න තරමටම අපේ වහල් බාවය ඉහළම මට්ටමට ගිහින්. චීනයෙන් උදව් ගන්න කොට ඉන්දියානු ත්‍රස්තවාදය අපිට බලකරනවා උන්ගේ මොනවා හරි දෙයක් ගන්න කියලා. ඒවගේම ඇමරිකන් කාරයෝ අපේ ලේ බොන්න බලාගෙන ඉන්නේ චීනෙට දෙනවා නම් අපිටත් දීපියව් කියමින්. කොයි එකා ආන්ඩු කරත් එකම ප්‍රතිඵලය තමා.