මේ ආණ්ඩුව ෆේල්.. සහල් මෝල්කාරයන්ට දණ ගැහුවා..
May 30, 2020 at 5:30 pm | lanka C news
වත්මන් රජය සහල් ඒකාධිකාරිය ඉදිරියේ දණ නැමූ බවත් එනිසා රජය අසමත් බව අකමැත්තෙන් වුවද තමන් පවසන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.
අද මෙරට ගොඩනැඟී ඇති සහල් ඒකාධිකාරිය කොතරම් බලවත්දැයි කිව්වොත් ආණ්ඩුවට පවා ඒ ඉදිරියේ දණ නමස්කාර කිරීමට සිදුව තිබෙන බවද ඔහු පැවසීය.
නමුත් මේවාට තවදුරටත් ඉඩ දිය නොහැකි බවත් ඒ සඳහා වැඩපිළිවෙළක් සැකසිය යුතු බවත් එසේ වුවහොත් මෙම සහල් ඒකාධිකාරය මැඩලීමට හැකිවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
දැනට මාස එකහමාරකට දෙකකට කලින් සහල් සඳහා එක මිලක්ද ඊට ඊට පසු තවත් නව මිලක්ද අද තවත් මිලක්ද පනවා ඇති නිසා රජය අසමත් වී ඇති බවත් ඔහු පැවසීය.
ඔහු මේ බව පැවසුවේ හොරණදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.
අකමැත්තෙන් වුවත් ඔබ කියන දේ අපට පිලිගන්න සිදුවෙනවා.මෙය අප කිසිසේත් බලාපොරැත්තු නොවූ දෙයක්.
මහා බැංකු හොරා අල්ලන්න අමතක නොකළ යුතුයි
Eka amathiyek hari konda kelin thiyagena kata kirima loku deyak. Parissamin oba thumawa kapala dayi!!!!
We endorse what you said. Govt miserably failed. No excuse for that. The fixed and controlled price died in hands of Dudley Sirisena. One thing we saw, Mr Gotabhaya Rajapake did not attend to that price division Meeting, but two other senior Rajapases consented to the revision. The whole country knows the integrity of those seniors. Let we see next harvest,how GR would co control the mayhem.
හාල් කෑලි කෑගහනවා
ඔබතුමා නිවැරදියි. බන්දුල වගේ ගොන් කථා නොකියා ජනතාවට ඇත්ත කිව්වාට ස්තුතියි. දැන් රජයට පක්ෂ කණ්ඩායම් දුකෙන් අඬා වැලපීමත් විරුද්ධ පක්ෂවල කණ්ඩායම් සතුටින් ආණ්ඩුවට ඔච්චම් කිරීමත් තමයි අපේ සම්ප්‍රදායික ක්‍රමය. ඉන් එහාට හිතන්න පුළුවන්කමක් නැහැ මැට්ටෝ රංචුවකට. ඒ නිසා මේ තත්වයට මුහුණ දෙන්න සාර්ථක සහ ප්‍රයෝගික ක්‍රමවේදයක් හදන්න ඕන, හදන්න පුළුවන්. ඒක ආණ්ඩුව මොකක් වුනත් අත්‍යවශ්‍ය එකක් මොකද රටේ චන්දෙ දෙන මිනිස්සු අති බහුතරය කන්නේ බත්. ඊළඟට රටේ බහුතර ගොවි ජනතාව වවන්නේ වී. ඔය දෙගොල්ලොම සතුටු කරන්න පුළුවන්. කොහොමද සෑම ගොවියකුගෙන්ම මෝල් කාරයෝ මිලදී ගන්න වී සඳහා පිටපත් 2 කින් යුක්තව විධිමත් බිලක් දෙන්න ඕන. (On approval හරියන්නේ නැහැ.) ගොවියා ඒ අතිරේක පිටපත ගොවි සංවිධානේ හරහා ආණ්ඩුවට දෙන්න ඕන. එක පරිගණක ගත කරන්න ඕන. ඒ අනුව තමයි ඊළඟ කන්නේට පෝර නිකුත් කරන්නේ. එතකොට හැමෝම බිල අනිවාර්යෙන්ම ආණ්ඩුවට දෙනවා. මෝල් කාරයත් තමන්ගේ පිටපතක් ආණ්ඩුවට දියයුතුයි. එතකොට දෙපැත්තකින් නිවැරදි තොරතුරු එනවා. ඕනෑම මෝලක් මිලදී ගත් සම්බා/කීරිසම්බා/ නාඩු ඔය හැම එකකම weighted average මිල තියනවා. 35 ට අරන් 55 ට ගණන් හදන්න බහ. තව දියුණු කරන්න.
…..at this time Gov. cannot work without their help,…there is a production capacity issue…last 4 years closed down all small rice mills,…if you cannot trust GOTA,…please join UNP,…like Mr Welgama….end of story
Mu neda krushikarma amathiya
ආණ්ඩුව ෆේල් උනේ ප්‍රයෝගික නොවන මිල පාලනයක් දාන්න හදපු අවස්තාවේ මිසක් ඒක ඉවත් කරගත්ත මොහොතේ නෙවේ. ඔය කියන “හාල් මාෆියාව” නොවන්න මේ රටේ වී ගොවියෝ ගොවිතැන ඇත ඇරලා අපි වියට්නාමෙන් හාල් ආනයනය කරනවා.
ව්‍යාපාර මාෆියා ලෙස දකින තාක් කල් මේ රටට දියුනුවක් නැත.
ආණ්ඩුව ෆේල් නං ඔහේ විතරක් පාස් වෙන්න බෑනේ.