මේ ආණ්ඩුව ෆේල්.. සහල් මෝල්කාරයන්ට දණ ගැහුවා..
May 30, 2020 at 5:30 pm | lanka C news
වත්මන් රජය සහල් ඒකාධිකාරිය ඉදිරියේ දණ නැමූ බවත් එනිසා රජය අසමත් බව අකමැත්තෙන් වුවද තමන් පවසන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.
අද මෙරට ගොඩනැඟී ඇති සහල් ඒකාධිකාරිය කොතරම් බලවත්දැයි කිව්වොත් ආණ්ඩුවට පවා ඒ ඉදිරියේ දණ නමස්කාර කිරීමට සිදුව තිබෙන බවද ඔහු පැවසීය.
නමුත් මේවාට තවදුරටත් ඉඩ දිය නොහැකි බවත් ඒ සඳහා වැඩපිළිවෙළක් සැකසිය යුතු බවත් එසේ වුවහොත් මෙම සහල් ඒකාධිකාරය මැඩලීමට හැකිවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
දැනට මාස එකහමාරකට දෙකකට කලින් සහල් සඳහා එක මිලක්ද ඊට ඊට පසු තවත් නව මිලක්ද අද තවත් මිලක්ද පනවා ඇති නිසා රජය අසමත් වී ඇති බවත් ඔහු පැවසීය.
ඔහු මේ බව පැවසුවේ හොරණදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.
මුන් මේවිදියට හොරකම් කරනවා, නාස්ති කරනවා රටේ වැඩි පිරිසකට වෙල් දෙකක් හරියට කන්න වත්කමක් නැ. බලාගෙන ගියාම නනදසේන ගොටබය කියනෙත් මහින්ද කියන එකට ඔලුව වනන ඔලු බක්කෙක් විතරයි. අපේ රටේ ඉඩම් ටික ඉවරවෙනකන් චිනෙට, ඉන්දියාව ඇතුළු රටවල් වලට් විකුණලා එකෙනුත් කොමිස් ගහලා .තවත් හොරෙක් අතට රටේ බලය දීලා වුන් චුත වෙලා යාවි!
ගොවියාටත්, ව්‍යාපාරිකයාටත් පාරිභෝගිකයාටත් සාධාරණ මිලක් ගෝඨාභය ජනපති දුන්නා කියා අපට විශ්වාසයි!
වැරදි වෙන්න පුළුවන්! ඒවා ඉක්මනින්ම නිවැරදි කරගෙන ඉදිරියට යෑමයි රටට අවශ්‍යය!
ශෝබනේට කෑගහලා පමණක් මදි!