මේ කදවුර හදන්න බැසිල් මුල්වුනා.. එය අමතක කල නොහැකියි..

October 16, 2020 at 3:50 pm | lanka C news
මේ කදවුර හදන්න බැසිල් මුල්වුනා.. එය අමතක කල නොහැකියි..

ආණ්ඩුවක් හදා තනතුරු ගත්විට ඇතැමුන්ට මුල අමතක වන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

ඒ තත්ත්වයට වැටිය යුතු නැතැයිද ඇමතිවරයා කියා සිටියේ දඹුල්ලේ පැවති ජනහමුවක් අමතමිනි.

මේ ආණ්ඩුව බොහෝ ප්‍රශ්න මැද බොහෝ අමාරුවෙන් ගොඩ එකක් බවත් ජනතා අපේක්ෂා රාශියක් ඇති නිසා ඒවා බිඳ වැටීමට ඉඩ දිය නොහැකි බවත් ඔහු පැවසීය.

ඇමතිවරයා එහිදී මෙසේද පැවසීය.

‘අප පත් කළ ජනතාවගේ සිතුම් පැතුම් හදුනා ගනිමින් අපි වැඩ කළ යුතුයි, අපි ජනතාවගේ හැගීම් තේරුම් අරං ඉදිරියට යන්න ඕන. ඒවාගේම අපිට අමතක කළ නොහැකි චරිතයක් තියෙනවා, ඒ තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමා, එතුමා මේ කදවුර සෑදීමට ගොඩක් මහන්සි වුණා , තවද එතුමා සුවිශේෂී චරිතයක්, බැසිල් රාජපක්ෂ මැතිතුමා කෙරෙහි මාගේ හිතේ විශාල ගෞරවයක් තිබෙනවා’

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාද එම අවස්ථාවට එක්විය.

39,864 views

13 Comments to “මේ කදවුර හදන්න බැසිල් මුල්වුනා.. එය අමතක කල නොහැකියි..”

  1. S.Vitharana says:

    One can give facts, but not brain!

    • කෝසල says:

      සියලු දෙනා එකතු වී 19යේ කුමන්ත්‍රණකරුවන්ට දඩුවම් දී රටට යුක්තිය ඉටු කරමු…!

  2. Dubba says:

    මෙයා කාගේ හරි දෙපා මුල ප්‍රශස්ති ගායනා කරන්න හරි දක්ෂයි. මෛත්‍රී ලඟත් ගැයුවනේ.

    පරම්පරාවෙන් ආපු උරුමයක්ද කොහෙද.

  3. Araliya says:

    Eka thamunta a Kiya gaththanam harine

  4. Sumith says:

    සම්පුර්ණ ඇත්ත. කලින් ආපු කනට වඩා පස්සේ ආපු අඟ ලොකුවෙලා. හිතාගෙන ඉන්නේ දැන් කන කැපුවත් කමක් නෑ වගේ. එවුන් නම් අසමජ්ජාතියෝ. ලොරි ටෝක් දැන් දෙන්නේ.

  5. පීඩිත බන්ඩා says:

    2015 පසු දේශපාලනික වශයෙන් අනාත වී සිටි දේශපාලකයන්ට රෙද්දක් ඇඳගෙනද පරේ යන්න පුලුවන් දේශපාලන ව්‍යාපාරක් බිහි කරන ලද්දේ බැසිල් රාජපක්ෂයන්ය.

    එතුමාගෙ දූරදර්ශී නායකත්වයට පින් සිදු වන්නට එතුමා බිහිකරපු පක්ශ්යෙන්ම පාර්ලිමේන්තුවට තේරිපත් වී සියලු වරප්‍රසාද ලබාගත් පසු බැසිල්ව පාගා දැමීමට අවස්ථා වාදීන් කටයුතුකිරීම පිලිකුලෙන් යුතුව හෙලා දැකිය යුතුය.අවස්තාවාදීන්ට පැවැත්මක් නොමැත. ලාංකික දේශපාලන ඉතිහසයේ උදාහරණයන් බොහෝමයකි

    ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධානි ලෙස බැසිල් රාජපක්ෂ මහතා මේවන විට රටේත් මහ ජනතාවගේත් සුභසිද්දිය උදෙසා බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම නිසා ජනතාව තුල ලොකු විශ්වසයක් ගොඩනැගී ඇති පසු බිමක බලලෝබී දේශපලන සිහින දකින්නන් එතුමා විවේචනය කිරිමට පටන් ගෙන ඇත්තේ තම පැවත්ම උදෙසාය.

    ජාතික මෙන්ම ජාත්‍යන්තර සාමජීය,දේශපාලනික, ආරථික දැනුමක් හා දැක්මක් ඇති එතුමගේ සේවය මාතෘභූමියට අවශ්‍යය මොහොතක දේශප්‍රේමී සියලු දෙනා එතුමා වෙනුවෙන් පෙනී සිටීම කාලෝචිතය.

    • Sunil says:

      මොන මල වදයක්ද, වෙන අය දිනනවා (2004), එයා එනව. පරද්දනවා (2015), යනවා, ආයෙත් වෙන කෙනෙක් දිනනව, එයා එනව…..???

    • Warsha says:

      බංඩා මේ වගේ කතා කියනවානම් හැමදාම පීඩිත තමයි ඕං.

      2015න් පසු ජනතාව ගෝඨාභය වටා එකතු වන්නට හේතු වූයේ, යහපාලන දුර්දාන්ත පාලනයට පින්සිදු වෙන්නටත්, විමල්, ගම්මන්පිල, නාලක ගොඩහේවා, සරත් වීරසේකර, විජේදාස වැනි දේශප්ප්ලකයින්ගේ හෙලිකිරීම හා උත්සාහයන් නිසා බව ඔබ තේරුම් ගන්න. තවද ඔබේ බැසිල් එතරම් දුරදක්නා නායකයෙක් නම්, 2015 දී අය්යා මලෝ සියලුදෙනා එකට තබා පරද්දන්නට සිරිසේන ආප්ප කා පනින තෙක් ඒ නොහැකි වූයේ කුමක් නිසාදැයි සිතා බලන්න.

      අනෙක පක්ෂයක් දිනවූ පමණින් සියලු නීති බිඳදමා හෝ, අලුතින් නීති සම්මත කරගෙන විදේශ රටක පුරවැසියෙකුට කලගුණ සලකන්න කියන්නට තරම් ඔබට ලැබෙන පෞද්ගලික වාසි මොනවාද?

  6. Ruhdtug says:

    Basil nisa nevei… minissunge hadawathe Gota hitiya.. ey besilta beri gota wage dual cit ayin karanna?ethakota wede iwarai ne…

  7. මැදමුලනෙ මුත්තා says:

    මහින්ද රාජපක්ෂ කියන චරිතය ශ්‍රීලංකා දේශපාලනයෙ නොහිටිය නමි ගෝඨාභය සහ බැසිල් දෙන්නම තවම ඇමරිකාවෙ බොලවි.
    ජනක බණ්ඩාර සහ ප්‍රමිත බණ්ඩාර යන එකම පවුලේ තාත්තටයි පුතාටයි දෙන්නටම Nomination දීල අන්අයට තිබූ අවස්ථාව නැතිකළාම එහෙම නොකිය බෑ බොලවි.

  8. කාන්තාර පළඟැටියා says:

    2015 චන්දෙන් පරාද උනාම දැවැන්ත පක්ශයක් හදලා ගෝඨාභය මහත්තයව ජනපති කරන්න ඕනෑ කියලා මට හිතුනෙ ඔය බැසිල් උන්නැහැ ඇමෙරිකා යන ( දුවන ) ෆොටෝව දැක්කට පසුවයි

  9. yuwan says:

    මේ ආණ්ඩුව ජනතා අපෙක්ශාවන් එකින් එක ඉටු කරනනව. තව වඩිකල් යන්න කලින් හැම දෙයක්ම ඉටු කරයි.

  10. සිංහල බන්ඩා says:

    එදා 2015 දි යහපාලනය ඇමතිකම් අරගත්ත උන්ට පැන්ෂන් ගිය මහින්ද නැවත දේසපාලනයට ගෙනා මහින්ද සුලඟ පටන් ගත්ත විමල්ලා ගම්මලා දිනේෂ්ලා වාසුලා අමතක වෙල. එදා බැසිල් හිටියෙ කොහෙද කියල මූට අමතකය්.

Main News