මේ තමයි රටක් ලෙස ජය ගන්න පුලුවන් හොඳම අවස්ථාව….

June 28, 2022 at 4:40 pm | lanka C news
මේ තමයි රටක් ලෙස ජය ගන්න පුලුවන් හොඳම අවස්ථාව….

රටක් ලෙස ජය ගත හැකි හොඳම අවස්ථාව මෙය බව වාරිමාර්ග ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

මහවැලි අධිකාරියේ දී පැවති සාකච්ඡාවක දී ඒ මහතා මෙසේ අදහස් පල කලේය.

“අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වගකීම මට භාරදුන්නේ ලොකු විශ්වාසයක් ඇතිව. ඒ වෙනුවෙන් මේ කාලය තුළ උපරිම සාධාරණයක් කළ යුතුයි කියන තැන මම ඉන්නවා.

මම දකින්නේ රටේ උද්ගතව ඇති මේ තත්ත්වය රට ගොඩ නැගීමට හැකි හොදම අවස්ථාවක් ලෙසයි. අපේ අඩුපාඩු හදුනාගෙන පාඩු ලබන රජයේ ආයතන පිළිබඳව සොයා බලා ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. 21 වෙනි ව්‍යවස්ථා සංශෝදනයෙන් මහජනතාවට ලැබෙන්නේ මොනවාද කියා ඔවුන් බලාගෙන සිටිනවා.

ජාතික කරුණු එසේ තිබියදී අපි අපේ අමාත්‍යාංශ තුළින් මහජනතාව වෙත උපරිම සේවාවක් ලබා දෙන්න කටයුතු කරනවා. අපි අපේ අමාත්‍යාංශ අන්තර්ජාතික තත්ත්වයන් අධ්‍යනය කර ලංකාවට ගැලපෙන ලෙස නැවත ව්‍යුහගත කළ යුතුයි.

කෘෂි පර්යේෂණ නිළධාරීන්ට ගම වගා කිරීමේ ඉලක්කයක් ලබා දිය යුතුයි. ගම තුළ රාජකාරි කටයුතු ඉටු කරන සෙසු රජයේ නිළධාරීන් හටද ඉලක්කගත වැඩ කොටසක් ලබා දිය යුතුයි. පසු විපරම් කිරීම, ප්‍රගතිය පිළිබද සොයා බැලීම තුළින් ඔවුන්ගේ කාර්යභාරයන් නිසි ආකාරයෙන් ඉටු වී ඇතිද යන කාරණය සොයා බැලිය හැකියි.

අද මෙම සාකච්ඡාවට කෘෂිකර්මය, වාරිමාර්ග, පශුසම්පත්, මූල්‍ය කළමනාකරණය, ආහාර අපනයන, ආයෝජන වැනි විවිධ අංශවල ප්‍රවීනතම විද්වතුන් රැස්වෙලා ඉන්නවා. උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන් අසරණව සිටින මහවැලි කළාපයේ ගොවි ජනතාව නගා සිටුවීමට ජාතික වැඩසටහනක් සැකසීම මෙම සාකච්ඡාවේ අරමුණයි.

මෙතෙක් අපි අති විශාල මුදලක් වැය කර තිබෙනවා මහවැලි කලාපවල සිටින ගොවීන් නගාසිටුවන්න. එච් කලාපයේ හා වලව කලාපයේ ගොවීන් යම් තාක් දුරට දියුණු මට්ටමකට පැමිණිය ද අනෙකුත් කලාපවල ගොවීන්ට දියුණු මට්ටමකට ඒමට නොහැකි වී තිබෙනවා.

අපි එම ගැටලු හදුනාගෙන ඔවුන් නගාසිටුවීමේ කඩිනම් සැළසුමක් ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. මහවැලි කලාපයේතරුණයින් නවීන කෘෂිකාර්මික දැනුමෙන් පෝෂණය කළ යුතුයි. අපනයන කෘෂි බෝග සදහා ඔවුන් යොමු කළ යුතුයි. මහවැලි කලාපයතාක්ෂණික කෘෂි ගම්මානයක් බවට පත් කිරීම අපේ අරමුණයි. ඒ සඳහා මම විද්වත් ඔබෙන් සහයෝගය ඉල්ලා සිටිනවා.”

29,823 views

22 Comments to “මේ තමයි රටක් ලෙස ජය ගන්න පුලුවන් හොඳම අවස්ථාව….”

  1. සවි අරික්කාල says:

    අතිගරු…මූට…..

  2. Alponso says:

    මේ පාහරය හොර පෙරකදෝරුවගෙ අශූචි බුදින කුක්කෙක් . දැන් මූ හොර පෙරකදෝරුවව අගමැතිකරන්ඩ යටින් ගේමක් ගහගෙන යනවලු .පර බල්ල පුලුවන්නම් ජනතාව අතරට වරෙන්

  3. Sam says:

    අයිස් චාර්යය,….ඉන්න හිතෙන රතක්,…..එල තමයි තොපේ ගූ කතා

  4. Dengu Nona says:

    Yako, Raajapaksa Hathikare Me rata Kolla Kaapu bawa mulu lokema dannawa. Raajaksayek Janaadhpiathi welaa iddi, Tho hithanawada me loke kawuruwath ape ratata udawu karaawi kiyalaa? Unu ekkama thopith Makabaa wewaa!!

  5. George says:

    Mrs. Diana Gamage recommended certain crops to be cultivated exvlucively for export which would bring in a substantial amount of foreign exchange.

  6. 0.0069 Biyyo says:

    Go to hell you bladdy idot!!!
    You all are expired now!!!

  7. Didi says:

    Mamth hithanawa meka thama 0 indan nagitinna hondama awasthawa kiyala. Habai parliment eke inna ballo 225, palath saba pradeshiya saba wala inna kalakanni manthreela okkoma ellala marala.

  8. Ccc says:

    මෙම කරුණු සැලකිල්ලට ගනිමින් කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා 2022 යල කන්නයේ අස්වනු නෙලීම සහ යූරියා පොහොර ප්‍රවාහනය සඳහා ඩීසල් ලීටර් 20,275,000ක් ලබාගත යුතු බව අනාවරණය කරමින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීමට නියමිතය.

    එමෙන්ම ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය බීජ නිෂ්පාදනය කරනු ලබන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවි පලවල්වල අස්වනු නෙලීම සහ එම බීජ ගොවීන් වෙත ප්‍රවාහනය කිරීම සඳහා බීජ ගොවිපලවල් හා බෙදා හැරීමේ මධ්‍යස්ථාන ඇතුළුව ආයතන 44ක් වෙත ඉන්දන සැපයිය යුතුව ඇත.

    එමෙන්ම ඉන්දියානු රජය මඟින් ලබාදෙන යූරියා මෙ.ටො. 65,000ක් බෙදා හැරීමට ද නියමිතව ඇති බැවින් ගොවිජන සේවා මධ්‍යස්ථාන 566ක් වෙත ලොරි රථ 2000ක් උපයෝගි කරගනිමින් යූරියා පොහොර බෙදා හැරීමට සැලසුම් කර ඇත.

    එම නිසා අප රටේ වී වගාවට අදාළව සිදු කරන කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබාදී ඒ සඳහා ඉන්ධන ලබාදීම සිදු කළ යුතු බවට රජයේ අවධානය යොමු කරමින් අමාත්‍ය මණ්ඩලය වෙත සටහනක් (Note to the Cabinet ) ඉදිරිපත් කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    • Cc says:

      කෘෂි නිළදාරීන්ට ඉලක්ක දෙන්න කලින් කෘෂිකර්ම ඇමති ඉල්ලන ඉන්ධන දෙන්න වෙයි🤣

  9. අනුර සේනානායක says:

    බොහෝ හොඳ දෙයක් පලමුව ආදර්ශයක්,226 ට අයත් වෙනත් නම් වලින් ඇති දේපල වස්තු ඩොලර් වලට හරවමු පසුව අපි පෙලපාලියේ එන්නම්,

  10. Lalla says:

    ඇයි යුද්ධය දිනුවාට පසුව ආපු අවස්ථාව. රාජපක්ෂ බලු හැතිකරය ප්‍රමුඛ නීච අනුගාමික රෑන ගසාකාල ඒ අවස්ථාව විනාශ කර දැම්ම. මේ වෙලාවෙත් අත්‍යාවශ්‍ය සැපයුම් මාර්ග හරහා ඒ වගේම ක්‍රියාවලියක් සිදුවන බව පේනව. කෝප් කමිටුව හරහාත් හෙලිවනව. අපි කවුරුවත් විශ්වාස කරන්නේ නෑ.විශේෂයෙන්ම ඔය වගේ නීච දේශපාලකයින්.