මේ නිදහසින් පසු ඔලමොට්ටල රජයයි.. ජනාධිපති පඹයෙක්.. කැබිනෙට්ටුව හරක් රැලක්..- ඩිව් ගුණසේකර

November 4, 2021 at 2:10 pm | lanka C news
මේ නිදහසින් පසු ඔලමොට්ටල රජයයි.. ජනාධිපති පඹයෙක්.. කැබිනෙට්ටුව හරක් රැලක්..- ඩිව් ගුණසේකර

නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ බිහිවූ ඔලමොට්ටල කැබිනට් මණ්ඩලය අද ඇති බවත් එහි සිටින්නේ හරක් රැලක් බවත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු මහ ලේකම් ඩිව් ගුණසේකර මහතා සඳහන් කරයි.

අද ඇත්තේ ආර්ථික අර්බුදයයක් බවත් ආණ්ඩුව ඊට පිළියම් ලෙස කරන්නේ නො නවත්වා මුදල් අච්චු ගැසීම බවත් ඒ මහතා පැවසීය.

දැන් මුදල් අච්චු ගැසීම ද උපරිමයට පැමිණ ඇති බවත් ඩොලර් ද නැති රුපියල්ද නැති තත්වයට රට පත්ව ඇති බවත් ඒ මහතා කීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් උත්සව සභාවක් අමතමිනි.

අද වන විට ජනාධිපතිවරයාද පඹයෙකුගේ තත්වයට වැටී ඇති බවත් ඔහුට කල හැකි කිසිවක් නැති බවත් ඔහු එහිදී තව දුඑටත් පැවසීය.

52,067 views

28 Comments to “මේ නිදහසින් පසු ඔලමොට්ටල රජයයි.. ජනාධිපති පඹයෙක්.. කැබිනෙට්ටුව හරක් රැලක්..- ඩිව් ගුණසේකර”

  1. කැපුවත් පොහොට්ටුවට says:

    මේ නාකියා මරු කියවනව.

    • අරුණ says:

      නාකින්ට තමා නාකි ගැන හොදට තෙරෙන්නෙ

  2. මැදමුලනෙ මුත්තා says:

    ඩිවි ගුණසේකර වගේ ගිරැවා පත්තුවෙි රන්නෙ ඉපදුනු ⁣පුතෙක්ගෙ ගෙන්⁣ම මෙි කතාව අහන්න ලැබුනු එක මසුරං බොලවි. මෙි පුතාගෙ කටෙි රත්තරං දාන්න වටිනව බොලවි. හැක්…හැක්…හැක්.

  3. කඩුගන්නාවේ ගනිතයා says:

    හරියට හරි මහත්තයෝ. දියසේන කියල හිතුවට මුලින් අපිත් හිතුවට, නිකමම නිකං නන්දසේන කෙනෙක් බවනම් දැන් පැහැදිලියි.

  4. 0.00069 BIYYO says:

    දියසේන කියල හිතුවට මුලින් අපිත් හිතුවට, නිකමම නිකං නන්දසේන කෙනෙක් බවනම් දැන් පැහැදිලියි.
    ඇයි අප්පා මේ කලඹගෑනී අස්සෙ මෙහෙම කතා කියන්නෙ, එහෙනං ජනාධිපති කිව්වෙ අපි තමයි හොදටම හිගාකෑවේ කියලා. 😂😂😂😂😂😂

Main News