මේ පැය 24 ඉතාම තීරණාත්මකයි.. මිනුවන්ගොඩ පොකුර තවත් විශාල විය හැකියි.. සෞඛ්‍ය පද්ධතිය ප‍්‍රමාණවත් නෑ..

October 9, 2020 at 6:20 am | lanka C news
මේ පැය 24 ඉතාම තීරණාත්මකයි.. මිනුවන්ගොඩ පොකුර තවත් විශාල විය හැකියි.. සෞඛ්‍ය පද්ධතිය ප‍්‍රමාණවත් නෑ..

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්තශාලාව ආශ්‍රිත කොරෝනා පොකුරු තවත් විශාල වීමේ ඉහළ අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එනිසා ඉදිරි පැය 24 ඉතාම තීරණාත්මක යයි සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

මෙම පොකුර තවදුරටත් ඉහළ ගියොත් මෙරට සෞඛ්‍ය පද්ධතියේ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම මත බරපතළ අසීරුතා ගණනාවකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද ඔහු අනතුරු අගවයි.

මෙම කොරෝනා පොකුර පාලනය කිරීම සඳහා නම් අදාළ ආසාදිතයන්ගේ සියලු ආශ්‍රිතයන් සඳහා කොරෝනා පරීක්ෂණ සිදුකළ යුතු බවත් ඔහු තව දුරටත් පැවසීය.

43,107 views

16 Comments to “මේ පැය 24 ඉතාම තීරණාත්මකයි.. මිනුවන්ගොඩ පොකුර තවත් විශාල විය හැකියි.. සෞඛ්‍ය පද්ධතිය ප‍්‍රමාණවත් නෑ..”

  1. Deshapremi says:

    Saubagye dakma…..

  2. ත්‍රීවීල් says:

    දැන් ඉතිං පණිවිඩකරැවාට ගල් ගැසුවා වගේ මේ දොස්තරට බණින්න පටන් ගනිල්ලා.
    හොදින් මතක තියා ගනිල්ලා දැන් තමයි අපේ රටට නියම භයානක විදියට කොරෝනා ඇවිල්ලා තියෙන්නෙ.
    රෝගීන් හා ආශ්‍රිතයන් රට පුරා විසිරිලා,, සමහරැ හැංගිලා.

    ලෝකයේ දෙවනියට කොරෝනා මර්ධනය කර ජයපැන් බිවු රට අන්ත අසරණ වෙලා.

    දේශපාලන භේද පෞද්ගලික මතිමතාන්තර පැත්තක දාලා දැන්වත් මේ සටන ජයගන්න එකතු වෙමු.

    • MD says:

      අපි මෙයාට කියන්නේ ගෝනි බිල්ලා කියලයි.බනින්නෙ නැහැ

      • දියරකුස් says:

        සානිකා…,චරිත කියල තියෙන දේවල් හරි…මේ දොස්තර බයකරනව මිසක් කරන්ඩ ඕන දේ කියන්නෙ නෑ..දැං මේ රැල්ල එද්දි මේ යෝදයා ලංකාවෙ හිටියනෙ..මොනවහරි කරන්ඩ තිබුනනෙ..දැං වැල් බයිලා ඇදපං පුතා…

  3. Dubba says:

    ලෝකේ කොහෙවත් සෞඛ්‍ය පද්ධතියක් මේ වගේ දේකට ප්‍රමාණවත් විදිහට හදලා නැහැ මහත්තයෝ.

  4. Cheenu thamai Covid-19 ekko haduwe nathnam mulu lokayama winasawenna bokare. Eth Cheennu Lankawata enakota unta wenama neethiyal, separate law and treatment for Cheenas, namuth api me kalakannni Phottuwata chande dunna ewun pitaratin enakota, Rs. million ekakatath wediya gewala Nirodana wenna one Hotel ekaka, bala kema kaka. Thamusela, oya Waidiya sabahawe indagana Pavithratai Mahindatai pandan alla alla unwa lewa kaka inne nethuw ahanawa, Cheenni devi waruda kiyala , unta Nirodhana neththe. Cheennu enne Lankawe thawa kellak salli walata ganna wenna ethi.

  5. චරිත සුරන්ජිත් says:

    හරිත ලියනගේලා කථාව විතරයි, වැඩ නෑ. පඩ ෂෝ අනේ.

    • චීන පටස් says:

      මෙහි ඉතා නිර්දය ලෙස මෙම වෛද්‍යවරයාව විවේචනය කර ඇති උදවිය දැනගත යුතු කරැණක් ඇත.
      එනම් මොහු උදෑසනට ටීවී චැනල් වලට පැමිණ අනාවැකි කියන්නාවූ සාස්තරකරැවෙක් නොව , නියමිත කරැණු කාරණා සහිතව දත්ත ඇතුව පුරෝකතනය කරනු ලබන උගත් වෛද්‍යවරයෙක් බවය.

      ඉකුත් මාර්තුවේ මොවුන් විසින් ගෙනහැර දැක්වූයේ රට ලොක්ඩවුන් කර ගුවන් තොටුපල නොවැසුවහොත් අප රටට අත් වන ඉරණම ගැනයි.
      එහිදී රටේ විධායකය පැවසුවේ අවුරැදු 30 ක යුද්දෙදිත් නොවසපු රට මොකට වහනවද යනුවෙනි.

      නමුත් මෙමෙ වෛද්‍යවරයාගේ නිර්භීත ක්‍රියාකලාපය නිසා විධායකයේ වචනය වෙනස් කර රට ලොක්ඩවුන් කිරීම සිදුවිය.

      මෙහි කමෙන්ට් දමන උදවිය දැන ගත් යුත්තේ මෙම වෛද්‍යවරයා එදා දත්ත සංඛා සහිතව පුරෝකතනය නොකලා නම් අප රට ඉන්දියාවට වඩා අන්ත තත්ත්වයට පත් වන බවයි.
      එමෙන්ම මෙම වෛද්‍යවරයා බිල්ලන් මවන බවට උපහාස කරන්නන්ට පැවසීමට ඇත්තේ , බිල්ලන් නොපැමිණියේ මෙමෙ වෛද්‍යවරයා එදා කෙලින් කතාකර රට ලොක්ඩවුන් කරන තැනට වැඩකල නිසා බවයි.

      තම දේශපාලකයා වෙනුවෙන් ඕනෑම දේකට තප්පුලන්නට පෙර දෙවරක් සිතා බලන්න.

      • Me says:

        ඔබ හරියටම හරි. 👍👍👍

      • senanayake says:

        GOMA speculations never realized. you are washing their clothes here. GOMA is a useless selfish and arrogant lot who are killing the public gradually for their own benefits.

  6. සානිකා says:

    මෙයා හොදයි පොඩි ලමයි බය කරලා බත් කවන්න..

  7. Gorilla says:

    කොරෝනාවේ ඇත්ත කතාව ගොමා මාෆියාවේ ලොක්කො දන්නවා. පාදෙනිය නම් හොදටම දන්නවා. ඒක තමයි චන්දකාලෙ ආව කොවිඩ් පොකුර ගැන හරිත අලුත්ගේල කලබලවෙලා නටද්දි පාදෙනිය එහෙම වෙන්න ඔනේ නැ කියල කිව්වේ.

  8. සීතා ම්බර කුඩේ says:

    හරිත අලුත්ගේ, උයාට මතකද උයාගෙ A/L රිසල්ට්?

  9. bua says:

    the greatest profession. the greatest union. thank you very much.

    මෙහි ඉතා නිර්දය ලෙස මෙම වෛද්‍යවරයාව විවේචනය කර ඇති උදවිය දැනගත යුතු කරැණක් ඇත.
    එනම් මොහු උදෑසනට ටීවී චැනල් වලට පැමිණ අනාවැකි කියන්නාවූ සාස්තරකරැවෙක් නොව , නියමිත කරැණු කාරණා සහිතව දත්ත ඇතුව පුරෝකතනය කරනු ලබන උගත් වෛද්‍යවරයෙක් බවය.

    ඉකුත් මාර්තුවේ මොවුන් විසින් ගෙනහැර දැක්වූයේ රට ලොක්ඩවුන් කර ගුවන් තොටුපල නොවැසුවහොත් අප රටට අත් වන ඉරණම ගැනයි.
    එහිදී රටේ විධායකය පැවසුවේ අවුරැදු 30 ක යුද්දෙදිත් නොවසපු රට මොකට වහනවද යනුවෙනි.

    නමුත් මෙමෙ වෛද්‍යවරයාගේ නිර්භීත ක්‍රියාකලාපය නිසා විධායකයේ වචනය වෙනස් කර රට ලොක්ඩවුන් කිරීම සිදුවිය.

    මෙහි කමෙන්ට් දමන උදවිය දැන ගත් යුත්තේ මෙම වෛද්‍යවරයා එදා දත්ත සංඛා සහිතව පුරෝකතනය නොකලා නම් අප රට ඉන්දියාවට වඩා අන්ත තත්ත්වයට පත් වන බවයි.
    එමෙන්ම මෙම වෛද්‍යවරයා බිල්ලන් මවන බවට උපහාස කරන්නන්ට පැවසීමට ඇත්තේ , බිල්ලන් නොපැමිණියේ මෙමෙ වෛද්‍යවරයා එදා කෙලින් කතාකර රට ලොක්ඩවුන් කරන තැනට වැඩකල නිසා බවයි.

    තම දේශපාලකයා වෙනුවෙන් ඕනෑම දේකට තප්පුලන්නට පෙර දෙවරක් සිතා බලන්න.

  10. steve osten says:

    there are a lot who couldn’t become doctors and are criticizing. that was there and will be there. it will increase if their children too fail accomplish what they want. such farts are not to be cared about.

    thank you gmoa. It is because of you we are living like this. if we would have been already dead.

Main News