මේ මාසයේ අග මහ බැංකුව බංකොලොත්..

July 10, 2021 at 10:00 am | lanka C news
මේ මාසයේ අග මහ බැංකුව බංකොලොත්..

මෙම ජූලි මාසය අවසානයේ දී මහ බැංකුව බංකොලොත් වීමට නියමිතව ඇතැයි ද සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

මේ මාසය අවසන් වීමට ප්‍රථම ඩොලර් බිලියනයක ස්වෛරී බැඳුම්කරයක් ගෙවීමට ශ්‍රී ලංකා රජයට සිදුව ඇති බවද පවසන ඔහු එය ගෙවා දැමීමත් සමග මහ බැංකුව බංකොලොත් තත්ත්වයට පත්වන බවද පැවසීය.

අද වන විට රටේ ආර්ථිකය බිඳවැටී බංකොලොත්භාවයේ පළමු අදියරේ තිබෙන බවද ඒ මහතා පැවසීය.

අපනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීම හෝ විදේශවල සිටින දරුවන්ට කිසියම් හෝ මුදලක් යවා ගන්නට නොහැකි තත්ත්වයකට ජනතාව පත්ව ඇතැයි ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

අද වන විට විදේශ මුදල් සෙවීම සඳහා කළු කඩ පස්සේ යාමට සිදුව ඇති බවත් ඉතිහාසයේ පළමු වතාවට බැංකු ක්‍රමය පරදවා ඩොලර් කළු කඩ ක්‍රමය ඉදිරියට එමින් ඇති බවත් ඔහු පැවසීය.

විදේශ මුදල් රට යවන ප්‍රධාන මාධ්‍යය බවට නීති විරෝධී උන්ඩියල් ක්‍රමය පත්ව ඇතැයි ද මන්ත්‍රීවරයා තව දුරටත් පැවසීය.

ඔහු මේ බව පැවසුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

44,993 views

29 Comments to “මේ මාසයේ අග මහ බැංකුව බංකොලොත්..”

  1. යකා says:

    ජොනී ගාව ඇති වෙන්න සල්ලි තියෙනවා කියල කිව්වනෙ ඒ සල්ලි වලින් ටිකක් දෙන්න කියමු

  2. Appuhamy says:

    Almost all the comments are missing the key point…

  3. Ranjan says:

    After the eradication of LTTE terrorists in 2019 our Balance of Trade was only US$ 1.2 Billion. With the eradication of the fellows there was enough investments to boost up the economy. Same thing will happen this time too. After eradication of the COVID terrorism the country will prosper.

    • A Sri Lankan says:

      First settle the past loans…aproX 29 Bill USD. Then we will see what is left..

      • Rad man says:

        Exactly… if can develop the exports and forigen jobs its can do but the problem was comes under doller pool currently have $4 billion. Government strategy was correct. If government went out IMF loans .. they follow their guidlines to loan settlements. When the problem comes up wht? Again need to increase tax and direct taxation based on salaries. Really tough considering currently scenario. Sad

        Previous government was spend lots of loans are paying for government wages and consumer items …. fully open market concept thats wrost thing they ever did …. distroy without investment projects

    • Isuru says:

      Well said

  4. sana says:

    pacha Ranawaka kiyanne….

  5. Duminda says:

    මේ මහා ලොකු සියල්ල දත් වියතා කලින්ආ ණ්ඩුව 6.2 ට තිබිච්ච ආර්ථික වර්ධන වේගය 2.1 ට ගෙනකොට මොලය තිබුනෙ පුකෙද. කෝ එතකොට උපදෙස්. 2.1 ට ගෙනල්ලා ගෙදර ගිය මේ හරක් ටික නිසා කොරෝනාවලින් ඉතුරු ටිකත් බංකොලොත් වුණා.

  6. jasaya says:

    කමක් නෑ ගජමිතුරන්ට තනතුරු,,පාඩු ලබන ආයතන වලට ලක්ෂ ගණන් බඩි. සැප වාහන මන්ත්‍රීලට ජහමනය බකන් නිලාගෙන. අනේ හොදයි. වෙන දෙයක් බලන් ඉදිමු .හූ කියල කටවැහුව වගේ.

  7. ගරසරප says:

    දැන් මෙතුමා කොහොමද මේක විසදන්නෙ. ලෝකෙ දියුනු රටවලත් විපක්ෂය ආන්ඩුව ගැන විවේචනය කරනවා. නමුත් මාද්‍ය අහනවා එයාල කොහොමද ප්‍රශ්නය විසදන්නෙ කියල. යහපාලනය කාලෙ මහින්දගෙන් ඇහුවම හක හක ගාල සේප් උනා. දැන් තේරෙනවා එයාට උත්තරයක් නෑ කියල. මෙයාලත් එහෙම තමා. කබ්‍රාල්ට තියන උත්තරේ චන්ද්‍රිකා ස්ටය්ල්.

    • Rad man says:

      උත්තර තිබ්බා … කොරොනා තමා ප්‍රශ්නෙ උනේ ….මහින්ද ගෝඨා මේ කට්ටියටම මේක ගොඩගන්න සැලසුම්ක්ක්ට තිබ්බා.. 2024 වෙද්දි ඩොලර් බිලියන් 10 ඇස්ටිමේට් කරා සංචාරක කර්මාන්තයෙන් …. වාගේම ෆොරින් ජොබ්ස් වැඩි කරන්න සැලසුම් තිබ්බා…ප්‍රේමදාස හදපු එජන්සි වලින් හිගන පඩිදෙන ඒවා නෙවේ මාසේට හතරක් පහක් හොයන්න පුලුවන් ඒවා .. එක්ක … මේක අනපේක්ෂිත සිද්ධියක් ලෝකෙටම කරන්න දෙයක් නෑ …

Main News