මේ මාසයේ පමණක් රුපියල් බිලියන 48ක් අච්චු ගහලා.. බියගම සල්ලි අච්චු ගහන යන්ත්‍රය උපරිම හැකියාවෙන් වැඩ..
February 23, 2021 at 10:40 am | lanka C news
මෙම පෙබරවාරි මාසයේ ගතවූ දින 19 ඇතුළත රුපියල් බිලියන 48ක මුදල් අච්චු ගසා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.
දිනකට රුපියල් බිලියන 3.5ක් 4ක් මුදලක් අච්චු ගසමින් රට කොතෙක් දුර යා හැකිදැයි ඔහු ප්‍රශ්න කරයි.
ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.
පසුගිය නොවැම්බර් මාසයේ භාණ්ඩාගාර බිල්පත් හරහා දේශීය වශයෙන් ණය ගැනීමට යාමේදී මෙවර අපට සිටියේ 45% ක් පමණි. නමුත් මීට ඉහත ආණ්ඩුවට ණය ලබාදීමට අවශ්‍ය තරම් අය පෝලිමේ සිටියහ. මේ හේතුවෙන් ඉතිරි 55% මුදල් අච්චුගැසීමට භාණ්ඩාගාරයට සිදුවිය. මුදල් අච්චුගැසීම එතරම් හොඳ දෙයක් නොවේ. අද වන විට මුදල් අමාත්‍යාංශ ලේකම් සජිත් ආටිගල සහ ජනපති ගෝඨාභය රාජපක්ෂගේ එකම විසඳුම වී ඇත්තේ මුදල් අච්චු ගැසීමයි.
වත්මන් ආණ්ඩුව 2020 වර්ෂයේ පමණක් රුපියල් බිලියන 659 ක මුදල් අච්චුගසා තිබේ. 2020 වර්ෂයේ රටේ මුළු බදු ආදායම බිලියන 1,040 කි. මෙම බදු ආදායමට අමතර වශයෙන් රුපියල් බිලියන 659 ක මුදල් අලුතෙන් මුද්‍රණය කර තිබේ. මෙය 2019 වර්ෂයත් සමඟ සංසන්දනය කළ යුතුය. 2019 වර්ෂයේ මුදල් අච්චු ගසා ඇත්තේ රුපියල් බිලියන 04 ක් පමණි.
ඊයේ(20) ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ වාර්තාව නිකුත් වූ පසුව මෙම පෙබරවාරි මාසයේ ගතවූ දවස් 19 තුළ කොපමණ ප්‍රමාණයක් මුදල් අච්චු ගසා තිබේද යන්න මා විසින් මහ බැංකුවේ දත්ත පද්ධතිය නිරීක්ෂණය කර බැලුවෙමි. මෙම දවස් 19 ට පමණක් රුපියල් බිලියන 48 ක් මුදල් අච්චුගසා ඇති බව ඉන් පහැදිළි විය. බියගම මුදල් මුද්‍රණය කරන යන්ත්‍රයේ උපරිම ධාරිතාවයෙන් වත්මන් ආණ්ඩුව මුදල් අච්චුගසමින් යයි.
මෙහි යථාර්ථය පාරට ගිය විට පෙනෙන්නට තිබේ. කෙසෙල් ඇවරියක මිල රුපියල් 950 කි. අඹ කිලෝවක මිල රුපියල් 500 කි. අමු මිරිස් කිලෝවක මිල රුපියල් 1000 කි. කහ කිලෝවක මිල රුපියල් 8000 කි. මෙම මුදල් අච්චු ගැසීමෙන් අපි කොපමණ ඩොලර් ඉපයූවත්, ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණ වීම වළක්වා ගැනීමට නොහැක. ඒ රුපියල් ප්‍රමාණය වැඩි වුවාට ඩොලර් ප්‍රමාණය වැඩි නොවන නිසාය.
පසුගිය ජනවාරි 19 වන දින සංවර්ධන බැඳුම්කර හරහා වෙළෙඳ පොළෙන් (වෙළෙඳ පොළ යනු, දේශීය හා විදේශීය බැංකු වලින්) ඩොලර් මිලියන 200 ක් ලබාගැනීමට ගියද, ප්‍රතිචාර ලැබුණේ ඩොලර් මිලියන 44 කට පමණි. ඉහත දී ලංකාවට ණය ලබාදීමට තරඟයක් පැවතිණ. දැන් කුමක්ද සිදුවී ඇත්තේ ?
ඒ නිසා අපට සිදුවුණා, අපේ සංචිත වලින් එය ගෙවීමට. මතක තියාගන්න, යහපාලනයට බැන්නට ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මැතිතුමා 2019 නොවැම්බර් 16 දින වනවිට ඩොලර් බිලියන 7.2 ක් (මිලියන 7200 ක්) මේ රටේ ඉතුරු කරල තිබුණ බව. අද අප සතු සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.5 කි. ඉන් ආසන්නයෙන් 0.5 ක් රත්රන්ය. රත්රන් ඊට වඩා වැඩි ප්‍රමාණයක් මීට ඉහත සංචිත තුළ තිබුණි. එම රත්රන් තොගය අපට අහිමි කලේ අජිත් නිවාඩ් කබ්රාල් සහ මහින්ද රාජපක්ෂය.
අප සතු මේ බිලියන 4.5 ක් වූ සංචිතය කොපමණ ප්‍රමාණවත් ද ? මේ වසරේ පමණක් බිලියන 6.5 ක් ණය ගෙවීමට තිබේ. (ආනයන අපනයන පැත්ත හැර) මේ හේතුවෙන් රට ඉතාමත් අසීරු තත්ත්වයකට අද මුහුණ දී සිටී. ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ලංකාව, ඉරාකය, ඇන්ගෝලාව වැනි රටවල් මට්ටමට දමා තිබේ. කෝවිඩ් වසංගතයෙන් රටවල් ගලවා ගැනීමට IMF, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, සෑම රටකටම ආධාර ලබාදෙන ලදි. පාකිස්තානයට හා නේපාලයටත් ලබාදුනි. නමුත් අපට දුන්නෙ නැත. ඒ ඇයි ?
ලංකාවේ ණය ආපසු ගෙවීමේ හැකියාව අඩුවී ඇත්තේ කෝවිඩ් නිසා නොව වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසාය. එහෙයින් ලංකාවට ණය ලබා දී ඵලක් නොමැති බව ඔවුනගේ මතයයි. මේ ආකාරයට ගොස් රට බංකොළොත් වුවහොත් මොනවගේ දෙයක් වෙයි ද ? ග්‍රීසියේ කතාව කොයි වගේද ? ලෙබනනයේ, ඇෆ්ගනිස්ථානයේ කතා කොයි වගේ ද ?
හැමදාම මේ ආකාරයට මුදල් අමාත්‍යාංශයේ ලේකම් සජිත් ආටිගලට හා පී.බී. ජයසුන්දරට බියගම මුදල් අච්චු ගැසීමේ කර්මාන්ත ශාලාවෙන් දවසකට බිලියන 3.5 ක් 4 ක් මුදල් අච්චු ගසමින් රට ගෙනියන්න පුළුවන් ද ? කොපමණ දුරක් මේ ගමන යන්නද ? ඉතාම ඉක්මනින් මේ රට කඩාවැටීමට මෙම ක්‍රියාවලිය හේතුවිය හැකි බව අප මතක තබාගත යුතුයි.
පරන ජංගි කන ලිංගික උන්මත්තකයා ……
මේ කතාව පිලිගන්න පුලුවන් අඩුම තරමේ මූ කියනවා නම් කුමාරස්වාමිගෙ කාලෙ කොරෝනා තිබුනෙ නෑ කියන එකයි, ලෝකෙ ඇමෙරිකාව ඇතුලු ගොඩක් රටවල් මේ දවස්වල සල්ලි අච්චුගහන බවයි. ඔක්කොම කුණු ටික ජනාධිපතිට දාල මූ කොහොමද අන්දන ඇන්දිල්ල. මුන් යනකොට සංචිත ඔක්කොම හින්දල ගිහිල්ලා දැන් ආව් ආව් ගානවා.
මුං යනකොට තිබ්බ සංචිතයි දැන් තියෙන සංචිතයි කොච්චරද කියලා කියන්න පුළුවන්ද?
අනේ කොච්චර උගත් නැණවත් ජනතාවක්ද අපිට ඉන්නේ කියල පේනවා මෙතන කොමෙන්ටු දැක්කම.
ආන්න හඳ කියල පෙන්නුවාම අපෝ ඇඟිල්ලේ කැත ඒකෙ ඇදේ දකින ජාතියක්.
කමක්නෑ අපිටත් සිම්බාබ්වේ වගේ පාන් ගෙඩියක් ගන්න විල් බැරක්කයක් පුරවන් සල්ලි අරන් යන කාලේ වැඩි ඈතක නෑ කියල හිතුනම දැනෙන සන්තෝසේ
ජය වේවා අපේ අප්පච්චි ජයවේවා අපේ ලොකු ස ජයවේවා පොහොට්ටු උතුමන් සියලු දෙනාම !
හද පෙන්නලා මොන ගූ ගොඩක් පෙන්නුවත් කමක් නෑ හරි මිනිස්සු …..මේ වගෙ දේශපාලනය ගනිකාවෝ එක්ක මිනිස්සු කොච්චර තරහද කියල මේ කොමෙන්ට්ස් බැලුවම පේනවා…..මූ කොහොමත් මිනිස්සුන්ට අපුල ගදයෙක්…..ඇත්ත කිව්වත් පිලිගන්නෙ නෑ..මුං රටට ආදරෙයි කිව්වත් එහෙම නෑ කියල අතීතයේ ඔප්පු කරල තියෙනවා..ආත්මාර්ථය ඔලුව පුරචං ඉන්න පට්ට කාලකන්නි පරයෙක් බවට මේකා පත්වෙලා කියල තේරැං ගනිල්ලා..
එහෙමයි අපේ උගත් ප්‍රඥාවන්ත උතුමනි, මටයි වැරදුනේ, ඔබ හරියටම හරි
තව තවත් සල්ලි අච්චු ගහන්න ලැබේවා
අපේ හැමෝම බිලියනයර්ස්ල වේවා
අපේ අප්පච්චි, ලොකු ස බුදුවේවා
එකම ප්‍රකාශය හරි මිනිහෙක් කියපුවාම හරි වෙන්නයි වැරදි මිනිහෙක් කියපුවාම වැරදි වෙන්නයි පුළුවන්ද?
It matters with the credibility of the person…..this man is good for nothing one….
Patalee has lost his credibility due to his past activities.
His statements have to be independently verified he has lost credibility. Concluding his statements to be false merely because he has lost his credibility is a logical fallacy.
මේ වගෙ කොලේ ඉරාගෙන ඇගෙ හලාගෙන ඉන්න දේශපාලන අනාතයෙක් කට ඇරියම පලාතම ගදයි….හිතං ඉන්නෙ අයින්ස්ටයින් කියලා…..
සාමාන්‍ය සමාජයට වෛර කරන තමංගෙ කේඩෑරි කම වහගන්න යකඩ ජංගි ඇදගන්න ගිය නූතන ලොසානෝ…..
මුං ඔපීනියන් දුන්න කාලෙ ඉවරයි …..සරැවාංගෙම ගද ඕජස් ගලන වෛරයම පතුරන පාස්ටරයෙක්…..
ආයෙ ඡන්දෙ නං වානා චම්පුක යට…
හලෝ පැකනිල්, බලාපිය මුදල් නෝට්ටු වල දින වසර. පා ච ප චා ගේ බූරු කතා වලට රැවටෙන්න කලින්.
මුදල් මුද්‍රණය කිරීම ශ්‍රී ලංකාවට ප්‍රයෝජනවත් නොවේ. ඩොලරය ලෝකයේ මුදල් ඒකකය වන බැවින් එය ක්‍රියාත්මක වන්නේ එක්සත් ජනපදයට පමණි. අපගේ උපදේශකයින් මෙය ඉක්මනින් තේරුම් ගත යුතුය
තව තවත් සල්ලි අච්චු ගහන්න ලැබේවා
අපේ හැමෝම බිලියනයර්ස් ල වේවා
අපේ අප්පච්චි ලොකු ස බුදුවේවා
Not only that Sri lankan look at other Rich Nation Printing machine working 24 hours in London Washington, Paris ,Tokyo, Berlin Rome and Ottawa issuing billions of their nation currencies ,including New Delhi. Do not blame to Poor nation like Lanka is an unfair .
At least be fair for Our People. ..not for rulers of governances. …Island.
During 2015 Jan 8th “Good governance” of UNP +JHU has printed without pandiamic of Covid 19 Rs 48 billions of Rupees.? Do not hide facts .
cant we print US dollers in Biyagama factory, then we have more dollers in the market and rupee will appreciate against the USD.
මේ වගේ අතේ කෝට් වෙන බොරු කියන එකෙක්!
සල්ලි කොළ වල අච්චු ගහල තියෙන දිනේ බලාපිය.
මේ උතුමා හෙල උරැමෙ වික්කද ????