මේ මොහොතේ වැදගත්ම කාර්ය කොරෝනා එන්නත ගෙන්වීමයි…

December 25, 2020 at 4:40 pm | lanka C news

කොවිඩ් 19 පාලනය කිරීම සදහා තීන්දු තීරණ ගැනීමේදී විද්‍යාත්මක පසුබිමක සිට එය කළ යුතු බවත් වසංගතය භිෂණයක් කර නොගත යුතු බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය. රාජ්‍ය අමාත්‍යවරිය මේබව සදහන් කලේ කොවිඩ් 19 පාලනය ශක්තිමත් කිරීම සදහා වෛද්‍ය විශේෂඥයින්ගේ අදහස් ලබාගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කලේ වසංගත රෝගය පාලනය කිරීමේදී මනා ලෙස සැලසුම් කළ තාක්ෂණික තීන්දු තීරණ ගතයුතු බවත්, එය සැමවිටම ජනතා කේන්ද්‍රීය සහ ජනතා හිතවාදී ක්‍රියාවලියක් ඔස්සේ ක්‍රියාවට නැංවිය යුතු බවත් ඒ සදහා මාධ්‍යවල සහ ජනතාවගේ සහයෝගය ලබාගැනීම වැදගත්වන බවයි.

වත්මන් කොවිඩ් 19 පාලනයේ පවතින ගැටළු සහගත තැන්, වසංගත රෝගය පාලනයේ අනාගත දිශානතිය සහ ඉදිරි මාවත, වෛද්‍ය විශේෂඥයින් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සහයෝගය ලබාදීම උපදෙස් ලබාදීම සිදුකල යුත්තේ කෙසේද යන්න මෙන්ම ග්‍රාමීය සහ නාගරික අඩු ආදායම්ලාභීන්ගේ වැඩිහිටි සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවූ අතර මෙම කාලය තුළ වෛද්‍ය අධ්‍යාපනය, හෙද අධ්‍යාපනය මෙන්ම වෛද්‍ය රසායනාගාර තාක්ෂණ අධ්‍යාපනය අඛණ්ඩව සිදුකිරීමේ වැදගත්කම මෙහිදී වෛද්‍ය විශේෂඥයින් විසින් රාජ්‍ය අමාත්‍යවරියගේ අවධානයට යොමුකරන ලදි.

කොවිඩ් 19 සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති එන්නත් මෙරටට ගෙන්වීම පිළිබදව වෛද්‍ය විශේෂඥයින්ගේ මතය විමසූවිට ඔවුන් සදහන් කලේ මේ මොහොතේ කල යුතු වැදගත්ම කටයුත්ත එය බවයි. එබැවින් අනුමත කරන එන්නත ලබාගැනීමට සූදානම් බව ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත දන්වන ලෙස වෛද්‍ය විශේෂඥයින් විසින් මෙහිදී ඉල්ලීමක් කරන ලදි. ඒ හරහා ආර්ථිකය නැවත පණගැන්වීමේ අවස්ථාව උදාවන බවත් සංචාරක කර්මාන්තය සදහා සීමිතව අවස්ථාව ලබාදීම මේ මොහොතේ අගය කලයුතු බවයි. කොවිඩ් 19 සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති එන්නත් හෝ ඖෂධ පිලිබදව අමාත්‍යවරියගේ සෘජු අදහස් දැක්වීම අගය කරන බවත් මෙවන් අවස්ථාවක විශේෂඥ අදහස් ලබාගැනීමට කටයුතු කිරීම පිළිබදව සිය ස්තූතිය පුදකරන බව වෛද්‍ය විශේෂඥවරුන් විසින් අමාත්‍යවරිය වෙත දන්වන ලදි.

මෙම සාකච්ඡාව සදහා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජනක ද සිල්වා, කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය අනුජ ප්‍රේමවර්ධන, කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය අර්ජුන ද සිල්වා, රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සරත් ලේකම්වසම්, අයිඩීඑච් රෝහළේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, කොළඹ ජාතික රෝහළේ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් කුමාරසිංහ, ගම්පහ රජයේ රෝහළේ ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය බෝධික සමරසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් එක්විය.

– තුසිත ජයවර්ධන

12,373 views

16 Comments to “මේ මොහොතේ වැදගත්ම කාර්ය කොරෝනා එන්නත ගෙන්වීමයි…”

  1. සීයා පප්පා says:

    හරියටම විස්සාසත් නැහ්ලු . ඒත් ඉතිං කොමිස් කෑල්ල මාර රහයි නේ . ඔන්නොහේ දීල දාමු .

    • " නීතියක් නැති බල්ලට ගිය රට " says:

      මොකටද වලාමේ..?
      මේ මොහොතේ වැදගත්ම කාර්‍ය කොරෝනා ගෙන්වීමයි.. ඒ නිසා රට සංචාරකයින්ට කටුනායක විවෘත කරලම.. අරින්න!

  2. බූරු පුතාණෝ සජියා says:

    ඈමෙච්චර දවසක් කෙරුවෙ පරංගියා කෝට්ටෙ ගියා වගේ දුම් හට්ටි පස්සෙයි, මුට්ටි පස්සෙයි, පැණි පස්සෙයි යන එක විතරයි. ගොඩ වෙදකම් පැත්තකට දාල ලෝකෙ අනිත් රටවල් වගේ වැක්සින් එක ගෙන්වන්න උනන්දු වුණානම් ජනවාරි මුලදී වත් ඒක විදින්න තිබුණා. Since Dr. Sudarshani is a specialist in community medicine she clearly understand the way to manage the situation properly.

  3. බන්ඩා says:

    ගිනි පිග් රටවල් ඉස්සරහට දමල after effects බලලම ගහමුද?

  4. බන්ඩා says:

    ගිනි පිග් රටවල් ඉස්සරහට දමල after effects බලලම ගහමුද? ධම්මික පැනිය බීපු 10,000 න් කවුරැවත් නම් තාම මැරිල තියා අසනීප වෙලා වත් නැහැ.

    • බූරු පුතානෝ සජීයා says:

      ධම්මික පැණිය ආයුර්වේද ඖෂධයකුත් නෙමෙයි. පරම්පරාගත හෙළ ඔසුවකුත් නෙමෙයි. මේ වර්ග දෙකම පුස්කොළ පොත් වල හරි නූතන පොත්වල හරි ග්‍රන්ථාරූඪ කරල තියෙන්නෙ. ඒ බෙහෙත් වට්ටෝරු දීර්ඝකාලයක් භාවිතා කරල ඒවා ශරීරයට අහිකතර නොවෙන බවත් ලෙඩරෝග සුවවෙන බවත් සහතික කරල තමයි පොත්වල ලියල තියෙන්නෙ. නමුත් ධම්මික පැණිය කාලි යක්ෂණිය වෙදාට කිව්ව දෙයක් කියන නිසා බෙහෙත අනුමත කරන්න වෛද්‍ය ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඕනැ.

  5. WARUNA says:

    Kisima singhala wedkta roogayakat behethak hadanta ida denta epaa.
    wadu baas,,- mesan baas..- maka baas.- kiyala nindaa paribhawa karala winaasa
    karapalla, batahira. deseeya kiyana tai koot. daagattha oya eka waidyawarayek wath
    roogayaka behethak hadala thiyenawada.
    heena deena maanasikathwayen pelen narumayo nisaa thamai suddo ape hekla
    wdakama liyala nthibuna puskola poth tikath aran giye,

    • gamaya says:

      තමන් විසින්ම පත් කර ගත් ආණ්ඩුව විසින්ම කොරෝනා එන්නත් ගෙන්වීමට තීරණය කිරීම නිසා සාතිශය සංවේගයට පත් තැරි දාර වහල් පුන්නක්කු නාග ධාතු දුම් හට්ටි පැන් මුට්ටි සුදර්ශනී මේසන් රාවණා පැණි බයියෙකුගේ හද කම්පා කරවන විලාපය.

  6. WARUNA says:

  7. Gamarala says:

    කලු සුද්දන් අපේ රටේ ඉන්න කන් මේ දේවල අහන්න පුලුවන්.

  8. Aurora says:

    මහර බන්ධනාගාරයේ කොරොනා පාලනය කරලා තියෙද්දි කොරොනා රෝගින් 150 ක් මැගසින් බන්ධනාගාරයේ සිට මහරට ගෙනියන්න නියෝග කරපු ද්‍රෝහීන් කවුද ? ඒ තීරණය ගත්තේ මහර බන්ධනාගාරයේ කොරොනා පාලනය කලේ දේශිය ඖෂධ වලින් නිසාත් ඒක කඩාකප්පල් කරන්න ඕන නිසාත් නේද?

    • gamaya says:

      තමන් විසින්ම පත් කර ගත් ආණ්ඩුව විසින්ම කොරෝනා එන්නත් ගෙන්වීමට තීරණය කිරීම නිසා සාතිශය සංවේගයට පත් තැරි දාර වහල් පුන්නක්කු නාග ධාතු දුම් හට්ටි පැන් මුට්ටි සුදර්ශනී මේසන් රාවණා පැණි බයියෙකුගේ හද කම්පා කරවන විලාපය.

    • gamaya says:

      තමන් විසින්ම පත් කර ගත් ආණ්ඩුව විසින්ම කොරෝනා එන්නත් ගෙන්වීමට තීරණය කිරීම නිසා සාතිශය සංවේගයට පත් තැරි දාර වහල් පුන්නක්කු නාග ධාතු දුම් හට්ටි පැන් මුට්ටි සුදර්ශනී මේසන් රාවණා පැණි බයියෙකුගේ හද කම්පා කරවන විලාපය..

  9. Aurora says:

    යම් විධියකින් දේශිය ඖෂධ මගින් කොරෝනා මහර බන්ධනාගාරයේ පාලනය වුනානම් කොමිස් කෙළියට කෙලවෙන නිසා නේද? ඒ සමඟම බටහිර ඖෂධ සමාගම් වලට සහ බටහිර වෙදකමට ඇතිවන ලැජ්ජාව නිසා අසරණ සිරකරුවන් බිලිදුන්නේ කවුද කියන එකත් තර්කානුකූලව සිතා බලමු.

Main News