මේ රජය පත් කරන්න දර දිය ඇද්ද කිසිවකුට සහනයක් නෑ…

March 6, 2021 at 3:50 pm | lanka C news
මේ රජය පත් කරන්න දර දිය ඇද්ද කිසිවකුට සහනයක් නෑ…

වත්මන් රජය පත්කිරීම වෙනුවෙන් දරදිය ඇද්ද කිසිවෙකුට හෝ අද සහනයක් ලැබී නැතැයි පූජා ඇල්ලේ ගුණවංශ හිමියෝ සදහන් කරති.

අද වන විට රටේ කිසිම ආයතනයක් ගැන පසු විපරම් කිරීමත් සිදු නොවන බවද උන්වහන්සේ පෙන්වා දෙති.

රට තුළ ඇති වී තිබෙන ප්‍රශ්න කතා කිරීමට හෝ කෙනෙකු අද නොමැතිවීමත් එයට වගකිවයුතු අයිතිකාරයකු නැතිවීමත් ප්‍රශ්න ඇති කර ඇතැයි ද උන්වහන්සේ සඳහන් කරති.

ගම්වල වෙසෙන අහිංසක දුප්පත් ජනතාව අද අන්ත අසරණ භාවයට පත්ව ඇතැයිද පවසන උන්වහන්සේ ගැසට් මගින් සහල් මිල අඩු කර ඇතැයි පැවසුවද එම මිලට සහල් නොමැති වීම දරාගත නොහැකි දුකක් බවට පත්වී ඇතැයි ද සඳහන් කළහ.

දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ ජනතාව දැඩි ඉවසීමෙන් කටයුතු කළ මැති ඇමැතිවරුන් පාලකයන් ගෙන් එවන් තත්ත්වයක් තමන් වහන්සේ නොදකින බවද කියා සිටිති.

17,694 views

16 Comments to “මේ රජය පත් කරන්න දර දිය ඇද්ද කිසිවකුට සහනයක් නෑ…”

  1. ජගත් says:

    අයෙත් ඔබවහන්සේලා සහ දේශප්‍රේමීන් ඕනේ වෙන්නේ 2025. දැනට වැඩක් නෑ

  2. saman says:

    dara diya adina unta salakalaa thamaa api hemadama sanwardanaya wemin pawathina lesa inne.

  3. Kumara says:

    Sinhalese/Sinhalese politicians cheat Sinhalese majority citizens. Unfortunately, the monk still cannot understand the reality.

  4. Gama says:

    කාටවත් දරදිය ඇදපිය කියල නෙවෙයි බහුතර ජනතාව මේ ආණ්ඩුව පත් කලේ ඔබ වහන්සේ බලාපොරොත්තු වුනාට. රටට පොදුවේ සේවය කරන්නයි. එය දැං හොදින් ඉටුවෙනව කලිං ට වඩා.

  5. ආලවක 2 says:

    වල්ලේ ගුනඅණ්ශ, චීවර දාරියෙක් වන නුබ, බුද්ද යන වචනයේ තේරුමවත් නොදැන, කතා කිරීම අසබ්‍යය චිත්‍රපටියක් වැනිය.

    බව උද්ද නොහොත් බුද්ද කිරීමෙහිදී, කිසිදෙයක/පලයක් බලාපොරොත්තු නොවන්න. එය ඔබගේ බැදීම් නවතීමට උපකාරී වනු ඇත.

Main News