මේ වසරේ මැතිවරණ නෑ.. පුංචි ඡන්දයත් ලබන වසරේ..- මැ.කො.
August 31, 2017 at 8:40 am | lanka C news
කතානායකවරයා විසින් අද දිනයේ පනතට අත්සන් තැබුවද පළාත් පාලන මැතිවණය මෙම වසර තුල පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසම පවසයි.
එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ මෙම මැතිවණය දෙසැම්බර් මස 09 පැවැත්වීමට සූදානමින් සිටියද සාමාන්‍ය පෙල විභාගය සදහා එදිනට රජයේ පාසැල් විභාග දෙපාර්තමේන්තුව විසින් ලබා ගැනීමට නියමිත බවයි.
ඒ අනුව මෙම දෙසැම්බර් මාසයේදී පළාත් පාලන මැතිවණය පැවැත්වීම සදහා වෙනත් දිනයක් නැති නිසා ජනවාරි මාසයේදී පැවැත්වීමට හැකි වනු ඇතැයිද ඔහු විශ්වාසය පල කරයි.