මේ වසරේ ලක්ෂ 3ක් රැකියා සඳහා විදේශ ගත කිරීමට පියවර….

January 3, 2022 at 5:30 pm | lanka C news
මේ වසරේ ලක්ෂ 3ක් රැකියා සඳහා විදේශ ගත කිරීමට පියවර….

2022 වර්ෂයේදී විගමණික ශ්‍රමිකයින් ලක්ෂ 3ක් රැකියා සඳහා විදේශ ගතකිරිමට බලාපොරොත්තු වන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කළේය. පසුගිය වසරේදී ශ්‍රමිකයින් 120,000 ක් පමණ විදේශ රැකියා සඳහා ලියාපදිංචි කිරීමට හැකි වූ බවත්, කොවිඩ් වසංගතය පැවති සමයේදී රටවල් රැසක් අර්බුදවලට මුහුණ දුන් අවස්ථාවක සාර්ථකව විදේශ රැකියා ක්ෂේත්‍රය අඩපණ නොවී රැගෙන යාමට හැකි වූ බවද සඳහන් කළේය.

පියංකර ජයරත්න මහතා මෙම අදහස් පළකළේ, නව වසරේ රාජකාරි ආරම්භ කරමින්, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවක මණ්ඩලය අමතමිනි. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, අවම වශයෙන් දිනකට ශ්‍රමිකයින් 850 දෙනෙකුවත් ලියාපදිංචි කිරීමට සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බවයි. මෙම ඉලක්කය සපුරා ගැනීමට නම්, සියළුම නිළධාරීන් කැපවී සිටිය යුතුය. එසේම විදේශ රැකියා නියෝජිතායතනවල සහයෝගයද අත්‍යාවශ්‍ය බව සඳහන් කළේය.

විදේශ රැකියා ලාභීන්, රැකියා නියෝජිතායතන හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව සාර්ථක ගමනක් ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා තමා නායකත්වය ලබා දෙන බවද ඔහු සඳහන් කළේය.

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාද සහභාගි වූ අතර, ඊට අමතරව රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර, කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ, සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

– media unit

13,986 views

6 Comments to “මේ වසරේ ලක්ෂ 3ක් රැකියා සඳහා විදේශ ගත කිරීමට පියවර….”

  1. Sinhalaya says:

    Oya 226 ta puluwanda pitarata gihilla weda karala dolar lankawata ewanna. Moko okunge heththa buruththa uganwanna witharada pitarata yawanne .wedakarala ewanna kiyapiyaw widsa winimaya

  2. Gamarala says:

    වහල් සේවය කියන්නේ මේ ලෝකේ තිබෙන තවත් අපායක්.

  3. clement says:

    my child also coming to where I am working for a job, But non of the government agency not help, And give me lots of trouble to get a certification police report, etc. Government showing they arrange all the overseas recruitment. People find themselves jobs .

  4. Banda says:

    Despite different opinion – this is the way forward for Sri Lankans.

  5. Suranjan says:

    අනේ .කහං .ත්තෝ

    ගැනු වහල් සේවයට යවල සල්ලි හම්බුකරන්න…

    ඔය ලක්ශ ගන්න ගන්න පඩි තොපි යාදෙනවද?

    කාලකන්නි

  6. Gorilla says:

    විදේශ රැකියාවලටම යවන්නේ නැතුව ලංකාවෙම පරිපාලනය ඔස්ට්‍රිලියාව වගේ රටකට බාර දුන්නනම් උන් හොදටම කරල දියුණු රටක් කරල දෙයි. හොරකං කරන එවුන් හිරේ ඉදියි. වැඩබැරි එවුන් ගෙදර යවයි. නිකම් කන්න ඔනේම එවුන් බඩගින්නේ ඉදියි. මානවහිමිකම්,නීතිය ආදිය හොදටම කරයි.

Main News