මේ වසර අගදී ඩොලර් ටිකක් එනවා.. එවිට ගෑස්, විදුලිය දෙනවා.. එතෙක් ඉවසීමෙන් ඉන්න..

March 18, 2022 at 10:40 am | lanka C news
මේ වසර අගදී ඩොලර් ටිකක් එනවා.. එවිට ගෑස්, විදුලිය දෙනවා.. එතෙක් ඉවසීමෙන් ඉන්න..

ජනතාව මේ වසර අවසාන වන තෙක් ඉවසීමෙන් සිටිය යුතු බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.

මේ වසර අවසාන වනවිට ශ්‍රී ලංකාවට ඩොලර් ටිකක් එන බවත් එම ප්‍රමාණය පැමිණි වහාම ඉන්ධන මිල අඩු කරන බවත් හෙතෙම පැවසීය.

එමෙන්ම එම කාලයේදී ගෑස් පෝලිම් අවසන් වනු ඇති බවත්, විදුලිය කප්පාදුවක් සිදු නොවනු ඇති බවත් පැවසූ ඔහු එම කාලය වන තෙක් ටිකක් ඉවසීමෙන් ඉන්නැයිද ඉල්ලා සිටියේය.

හෙතෙම මේ බව කියා සිටියේ අනුරාධපුර කලාවැව ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩලය අමතමිනි.

31,327 views

26 Comments to “මේ වසර අගදී ඩොලර් ටිකක් එනවා.. එවිට ගෑස්, විදුලිය දෙනවා.. එතෙක් ඉවසීමෙන් ඉන්න..”

  1. නිමල් says:

    මේකා ගේ උත්තරේත් මහ එකාගේ වගේමයි. තොපිට කොහෙන්ද ඩොලර් එන්නේ? රටේ තව කෑල්ලක් උගස් කරලා ඒකෙන් 80%මාටියා ගහලා.

    • Kosala says:

      ඒකත් වසර අගදිලු එන්නේ
      මුංගේ කතාව, වැඩ කිසිම දෙයක් වගකීමක් නෑ

  2. Ayotallah says:

    This guy is former Tractor driver at MI research Station Department of Agriculture After he became the Chief Minister of North Eastern Province he played out the Payments to those farmers Marvilaru anicut and and this was reported by the Secretary MA to HE the president but nothing happened.

  3. Ranjith Samarakkody says:

    MUTA PISSU