මේ වසර අවසානයේ සිට කහවලින් සව්යංපෝෂිත යුගය ඇරඹෙන බව සතුටින් දැනුම් දෙනවා..

October 4, 2021 at 6:28 am | lanka C news
මේ වසර අවසානයේ සිට කහවලින් සව්යංපෝෂිත යුගය ඇරඹෙන බව සතුටින් දැනුම් දෙනවා..

මෙම වසර අවසන් වන විට කහවලින් ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් එම්.පී. හීන්කෙන්ද මහතා සඳහන් කරන්නේ මෙම වසර අවසානයේදී මේ රටට වියලි කහ මෙටි‍්‍රක් ටොන් අට දහසක් පමණ ලැබෙන බවත් ලංකාවේ වාර්ෂික වියළි කහ අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් හත්දහස් පන්සියයක් පමණ බවත්ය.

ඒ අනුව දෙසැම්බර් මාසය වනවිට මෙරට කහ තොග වෙලදපලට ලැබෙන නිසා එතැන් සිට කහ වලින් ස්වයංපෝෂිත යුගයක් ආරම්භ වන බවද ඒ මහතා පැවසීය.

25,152 views

20 Comments to “මේ වසර අවසානයේ සිට කහවලින් සව්යංපෝෂිත යුගය ඇරඹෙන බව සතුටින් දැනුම් දෙනවා..”

  1. saman says:

    හැබැයි තව පොඩ්ඩක් ගනන් යා යුතුයි. කිලෝව රුපිය 10,000ක් වත් විය යුතුයි,

  2. මිනිස්සු says:

    කහ වගාවක අස්වෙන්න ගන්න මාස 8ක් විතර යනවා, ඊට පස්සේ තම්බලා මද පවනේ වෙලන්න ඕනේ මාස තුනක් විතර. ඉට පස්සේ කුඩු කරලා විකුණන ඕනේ. සාමන්යෙන් නිෂ්පාදන වියදම කුඩු කිලෝ එකක් සඳහා රුපියල් 1000 විතර යනවා. දැන් විනුම් මිල කිලෝ එකක්රු පියල් 1250 ක් විතර. ඔච්චර මහන්සි වෙලා මාස 12 විතර දුක් විඳලා අන්තිමට ලාබය කිලෝ එකකින් රුපියල් 250 යි. කහ කුඩු අක්කරයකින් හදන්න පුළුවන් කිලෝ 10ක් පමණ, ඉන්දියාවෙන් හොඳම කහ ආනයනය කලේ කිලෝ එකක් රුපියල් 500ට. වෙළඳපොලේ සාමාන්‍ය පරිබෝහොගිකයන්ට වික්කේ කිලෝ එක රුපියල් 700ට. දැන් මිනිස්සු වැඩියෙන් සල්ලි දීලා කහ ගන්නවා එත් ලංකාවේ වගා කල ගොවියටත් හොඳ ලාබයක් නෑ. දෙන්නම අමාරුවේ වැටිලා වගේ මට පේනවා.

    • Dilan says:

      ඔව් ඉන්දියවෙනම් අක්කරයකින් ලංකාවේ රුපියල් 5000ක් හෙව්වනම් ඇති නේද?

      ඔන්න දේශපාලන චව්වෝ!

  3. Oba says:

    Good comment. Thank you. Hope the advisers would revisit the subject.

Main News